චූල සිහ නාද සූත්‍රය

sudunone

Member
May 23, 2009
3,781
121
0
චූල සිහ නාද සූත්‍රය

මම මේක පොස්ට් කරන්න හැදුවට මොකක්ද හේතුවක් නිසා ඒක එන්නෙ නැහැ. දාන්න පුළුවන් උණු වෙලාවක දාන්නම්. නැත්නම් ගිහින් බලන්න http://www.tipitaka.mahamevna.org/
 
Last edited:

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    ( Dhamma Deshana on the Sutta: http://budusuwanda.org/Amadahara/Mp3/27_05%20Chula%20Seehanada%20Sutta.mp3 )

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්ඣිම නිකාය » මූල පණ්ණාසකය » සීහනාද වර්ගය

    චූළ සීහනාද සූත්‍රය ( සිංහයෙකු ගේ නාදයක් බඳු වූ කුඩා දෙසුම )

    මා හට අසන්නට ලැබුනේ මේ විදියට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයේ. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‛පින්වත් මහණෙනි’ කියල, භික්ෂූන් වහන්සේලා ඇමතුවා. ‛පින්වතුන් වහන්ස’ කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේ දී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාළේ.

    “පින්වත් මහණෙනි, මේ බුදු සසුනේ විතර ම යි පළමු වෙනි ශ්‍රමණයා ඉන්නෙ. දෙවනි ශ්‍රමණයා ඉන්නෙත් මේ බුදු සසුනෙ විතර ම යි. තුන් වෙනි ශ්‍රමණය ඉන්නෙත් මේ බුදු සසුනෙ විතර ම යි. හතර වෙනි ශ්‍රමණයා ඉන්නෙත් මේ බුදු සසුනෙ විතර ම යි. ලෝකෙ තියෙන අනිත් ආගම් ඔක්කෝම ශ්‍රමණයන් වහන්සේලා ගෙන් තොරයි.” පින්වත් මහණෙනි, ඔබට මේ ගැන සිංහනාද කරන්නට ඔය කාරණය ම ප්‍රමාණවත්.

    පින්වත් මහණෙනි, අන්‍යාගමික පූජකවරු ඔබෙන් මේ විදියට අසන්නට පුළුවනි. ඒ කියන්නෙ “ඔය ආයුෂ්මතුන් වහන්සේලා මොකක් හරි දෙයක් නිසා කියනවා, පළමුවෙනි ශ්‍රමණයා ඉන්නේ බුද්ධ සාසනේ විතරයි කියලා. දෙවෙනි ශ්‍රමණයා ඉන්නෙත් බුදු සසුනේ විතරයි කියලා. තුන්වෙනි ශ්‍රමණයා ඉන්නෙත් බුදු සසුනේ විතරයි කියලා. හතරවෙනි ශ්‍රමණයා ඉන්නෙත් බුදු සසුනේ විතරයි කියලා. අනිත් හැම ආගමක් ම ශ්‍රමණයන් ගෙන් තොරයි කියලා. ඔය ආයුෂ්මතුන් වහන්සේලාට ඒ විදියට කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මොන අස්වැසිල්ලක් ලැබිල ද? මොන බලයක් ලැබිල ද?” කියලා.

    පින්වත් මහණෙනි, ඒ විදියට ප්‍රශ්න අහන අන්‍යාගම්කාර පූජක ඇත්තන්ට මෙන්න මේ විදියටයි පිළිතුරු දෙන්න තියෙන්නෙ.

    “පූජකවරුනි, අප ගේ භාග්‍යවතුන් වහන්සේ යථාර්ථය දන්න කෙනෙක්. යථාර්ථය දකින කෙනෙක්. කෙලෙස් රහිත කෙනෙක්. සම්මා සම්බුදු කෙනෙක්. ඒ භාග්‍යවතුන් වහන්සේ අපට කරුණු හතරක් කියා දීලා තියෙනවා. ඇත්තෙන් ම ඒවා අප තුළ තියෙනවා. අපි ඒ බව දකිනවා. ඒ නිසයි අපි එහෙම කියන්නෙ. “මේ බුදු සසුනෙ ම යි පළමුවෙනි ශ්‍රමණයා ඉන්නෙ” කියලා. “මේ බුදු සසුනෙ ම යි දෙවෙනි ශ්‍රමණයත් ඉන්නෙ” කියලා. “මේ බුදු සසුනෙ ම යි තුන්වෙනි ශ්‍රමණයත් ඉන්නෙ” කියලා. “මේ බුදු සසුනෙ ම යි හතරවෙනි ශ්‍රමණයත් ඉන්නෙ” කියලා. අනිත් හැම ආගමක් ම ශ්‍රමණයන් ගෙන් තොරයි” කියල. අපි එහෙම කියන්න හේතු වෙච්ච කරුණු හතර මොනවා ද?

    1. අපට ශාස්තෘන් වහන්සේ ගැන ප්‍රසාදය තියෙනවා.
    2. අපට ශ්‍රී සද්ධර්මය ගැනත් ප්‍රසාදය තියෙනවා.
    3. අපට මේ සීලයත් සම්පූර්ණත්වයක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා.
    4. ගිහි-පැවිදි ශ්‍රාවකයින් වන අපි ඔවුනොවුන්ට ප්‍රිය මනාපව ධාර්මිකව ජීවත් වෙනවා.

    පූජකවරුනි, යථාර්ථය දන්නා වූ යථාර්ථය දක්නා වූ අප ගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට ඔය කරුණු හතර කියා දීල තියෙනවා. ඉතින් ඔය කරුණු හතර අප තුළ දකිනවා. ඒක නිසයි අපි එහෙම කියන්නෙ “මේ බුදු සසුනෙ ම යි පළමුවෙනි ශ්‍රමණයත් ඉන්නෙ” කියලා. “මේ බුදු සසුනෙ ම යි දෙවෙනි ශ්‍රමණයත් ඉන්නෙ” කියලා. “මේ බුදු සසුනෙ ම යි තුන්වෙනි ශ්‍රමණයත් ඉන්නෙ” කියලා.“මේ බුදු සසුනෙ ම යි හතරවෙනි ශ්‍රමණයත් ඉන්නෙ” කියලා. අනිත් හැම ආගමක් ම ශ්‍රමණයන් ගෙන් තොරයි” කියලා.

    එතකොට පින්වත් මහණෙනි, ඒ අන්‍යාගම්කාර පූජකවරු මේ විදියටත් ප්‍රශ්න අසන්නට පුළුවනි.
    “එහෙම නම් ආයුෂ්මතුන් වහන්ස, ඉතින් අප තුළත් තියෙනවා නෙව අප ගේ ශාස්තෘන් වහන්සේ ගැන ප්‍රසාදය. අප තුළත් තියෙනවා නෙව අපේ ආගම ගැන ප්‍රසාදය. අප තුළත් තියෙනව නෙව සිල්. අපත් ඒ සිල් පුරමින් නෙව ඉන්නෙ. අපෙත් ගිහි-පැවිදි උදවිය කවුරුත් පාහේ ප්‍රිය මනාපව හොඳින් ඉන්නවා නෙව. ඉතින් එහෙම එකේ ඔය කරුණ ගැන ඔබේත් අපේත් තියෙන විශේෂත්වය මොකක් ද? ඔබේත් අපේත් තියෙන විශේෂ වෙනස්කම මොකක් ද?” කියලා.

    “පින්වත් මහණෙනි, අන්න ඒ වෙලාවට ඔය අන්‍යාගම්කාර පූජකවරුන් ගෙන් මෙන්න මේ විදියටයි අසන්නට ඕන.
    එහෙනම් පූජකවරුනි, ඔය කරුණ තුළ ඔබට තියෙන්නෙ එක ඉලක්කයක් ද? විවිධ ඉලක්කයන් ද?”
    පින්වත් මහණෙනි, ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදියට උත්තර දෙනවා නම්, මෙන්න මෙහෙමයි උත්තර දෙන්න ඕන.
    “ආයුෂ්මතුන් වහන්ස, එක ම එක ඉලක්කයයි තියෙන්නෙ. විවිධ ඉලක්ක නෑ” කියලා.

    එතකොට ඒ අන්‍යාගම්කාර පූජකවරුන් ගෙන් මේ විදියට ප්‍රශ්න කරන්න ඕන.
    “හොඳයි, පූජකවරුනි, ඒ ඉලක්කය තියෙන්නෙ රාග සහිත කෙනාට ද, රාග රහිත කෙනාට ද?” කියලා.
    එතකොට ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදියට කතා කරනවා නම් මෙන්න මේ විදියටයි උත්තර දෙන්න ඕන.
    “ආයුෂ්මතුන් වහන්ස, ඒ ඉලක්කය තියෙන්නෙ වීතරාගී කෙනාට මිසක් සරාගී කෙනාට නෙවෙයි” කියලා.

    “පූජකවරුනි, ඒ වගේ ම ඒ ඉලක්කය තියෙන්නෙ ද්වේෂ සහිත කෙනාට ද, ද්වේෂ රහිත කෙනාට ද?”
    පින්වත් මහණෙනි, ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදියට උත්තර දෙනවා නම්, මෙන්න මේ විදියටයි උත්තර දෙන්න ඕන.
    “ආයුෂ්මතුන් වහන්ස, ඒ ඉලක්කය තියෙන්නෙ ද්වේෂය නැති කෙනාට මිසක් ද්වේෂය ඇති කෙනාට නො වෙයි” කියලා.

    “පූජකවරුනි, ඒ ඉලක්කය තියෙන්නේ මෝහය සහිත කෙනාට ද? මෝහය රහිත කෙනාට ද?”
    පින්වත් මහණෙනි, ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදිහට උත්තර දෙනවා නම්, උත්තර දෙන්න ඕන මේ විදිහටයි.
    “ආයුෂ්මතුන් වහන්ස, ඒ ඉලක්කය තියෙන්නෙ මෝහයෙන් තොර කෙනාට මිසක් මෝහ සහිත කෙනාට නො වෙයි” කියලා.

    “පූජකවරුනි, ඒ ඉලක්කය තියෙන්නේ තෘෂ්ණාව තියෙන කෙනාට ද? තෘෂ්ණාව නැති කෙනාට ද?”
    පින්වත් මහණෙනි, ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදියට උත්තර දෙනවා නම්, උත්තර දෙන්න ඕන මේ විදියටයි.
    “ආයුෂ්මතුන් වහන්ස, ඒ ඉලක්කය තියෙන්නේ තෘෂ්ණා රහිත කෙනාටයි. තෘෂ්ණා සහිත කෙනාට නො වෙයි” කියලා.

    “පූජකවරුනි, ඒ වගේ ම ඒ ඉලක්කය තියෙන්නෙ බැඳීම් සහිත කෙනාට ද, බැඳීම් රහිත කෙනාට ද?”
    පින්වත් මහණෙනි, ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදියට උත්තර දෙනවා නම්, මෙන්න මේ විදියටයි උත්තර දෙන්න ඕන.
    “ආයුෂ්මතුන් වහන්ස, ඒ ඉලක්කය තිබෙන්නේ බැඳීම් රහිත කෙනාටයි. බැඳීම් සහිත කෙනාට නො වෙයි” කියලා.

    “පූජකවරුනි, ඒ ඉලක්කය තිබෙන්නෙ යථාර්ථය දකින කෙනාට ද? යථර්ථය නො දකින කෙනාට ද?”
    පින්වත් මහණෙනි, එතකොට ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදිහට උත්තර දෙනවා නම්, මෙන්න මේ විදිහටයි උත්තර දෙන්න ඕන.
    “ආයුෂ්මතුන් වහන්ස, ඒ ඉලක්කය තිබෙන්නෙ යථාර්ථය දකින කෙනාට මිසක් යථාර්ථය නො දකින කෙනාට නො වෙයි” කියලා.

    “එහෙනම් පූජකවරුනි, ඒ ඉලක්කය තියෙන්නේ ඇලීම් ගැටීම් වලට විරුද්ධ කෙනාට ද? ඇලීම් ගැටීම්වලට විරුද්ධ නැති කෙනාට ද?”
    එතකොට පින්වත් මහණෙනි, ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදියට පිළිතුරු දෙනවා නම්, මෙන්න මේ විදියටයි පිළිතුරු දෙන්න ඕන.
    “ආයුෂ්මතුන් වහන්ස, ඒ ඉලක්කය තියෙන්නේ ඇලීම් ගැටීම්වලට විරුද්ධ කෙනාට යි. ඇලීම් ගැටීම්වලට විරුද්ධ නැති කෙනාට නො වෙයි” කියලා.

    continued...
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    “පූජකවරුනි, එහෙම නම් ඒ ඉලක්කය තියෙන්නෙ කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර සිටීම පවත්වන, කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර සිටීමට ඇලී ඉන්න කෙනාට ද, එහෙම නැත්නම් කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර සිටීම නො පවත්වන, ඒ වගේ ම කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර සිටීමට නො ඇලී ඉන්න කෙනාට ද?”
    එතකොට පින්වත් මහණෙනි, ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදියට පිළිතුරු දෙනවා නම්, මෙන්න මේ විදියටයි පිළිතුරු දෙන්න ඕන.
    “ආයුෂ්මතුන් වහන්ස, ඒ ඉලක්කය තියෙන්නේ කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර නො සිටින, කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර සිටීමට නො ඇලුණු කෙනාට යි. එහෙම නැතිව කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර ඉන්න, කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර සිටීමට ඇලී ඉන්න කෙනාට නො වෙයි” කියලා.

    “පින්වත් මහණෙනි, මේ විදියේ දෘෂ්ටි දෙකක් තියෙනවා.
    1. භව දෘෂ්ටිය යි. (මෙයින් අදහස් වෙන්නේ ‛මරණින් මතු සදාකාලික ජීවනය තිබේ’ය යන මතය හෙවත් ශාස්වත දෘෂ්ටියයි)
    2. විභව දෘෂ්ටිය යි. (මෙයින් අදහස් කරන්නේ ‛තමා තුළ ඇති ආත්මය මරණින් මතු සදහට ම නැති වී යයි’ යන මතය හෙවත් උච්ඡේද දෘෂ්ටියයි.)

    පින්වත් මහණෙනි, ඉතින් යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඔය භව දෘෂ්ටියට ඇලී ගියොත්, ඔය භව දෘෂ්ටියට පැමිණුනොත්, ඔය භව දෘෂ්ටියේ බැස ගත්තොත් ඊට පස්සෙ ඔවුන් විභව දෘෂ්ටියට විරුද්ධයි.
    ඒ වගේ ම පින්වත් මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ විභව දෘෂ්ටියට ඇලී ගියොත්, විභව දෘෂ්ටියට පැමිණුනොත්, විභව දෘෂ්ටියේ බැස ගත්තොත් ඊට පස්සෙ ඔවුන් විරුද්ධ වෙන්නෙ භව දෘෂ්ටියටයි.
    පින්වත් මහණෙනි, ඉතින් යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඔය දෘෂ්ටි දෙකේ හටගැනීම ගැනත්, අභාවය ගැනත්, ආශ්වාදය ගැනත්, ආදීනවය ගැනත්, එයින් නිදහස් වීම ගැනත් යථාර්ථය අවබෝ්ධ කළේ නැත්නම් ඔවුන් රාග සහිතයි. ඔවුන් ද්වේෂ සහිතයි. ඔවුන් මෝහ සහිතයි. ඔවුන් තණ්හා සහිතයි. ඔවුන් උපාදාන සහිතයි. ඔවුන් යථාර්ථයෙන් තොරයි. ඔවුන් ඇලීම් ගැටීම් දෙකට පක්ෂයි. ඔවුන් කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර ඉන්න එකට කැමතියි. ඔවුන් ඉපදීමෙන් නිදහස් වෙන්නෙ නෑ. ජරාවෙන් නිදහස් වෙන්නෙ නෑ. මරණයෙන් නිදහස් වෙන්නෙ නෑ. සෝක කිරීම්වලින් නිදහස් වෙන්නෙ නෑ. කායික දුක්වලින්, මානසික දුක්වලින් නිදහස් වෙන්නෙත් නෑ. සුසුම් හෙළීම්වලින් නිදහස් වෙන්නෙත් නෑ. ඔවුන් ඒ කිසි ම දුකකින් නිදහස් වෙන්නෙ නෑ කියලයි කියන්න තියෙන්නෙ.

    පින්වත් මහණෙනි, ඒ වගේ ම යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඔය දෘෂ්ටි දෙකේ හටගැනීමත්, අභාවයට පත් වීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, එයින් නිදහස් වීමත් ගැන යථාර්ථය අවබෝධ කළොත් ඔවුන් රාග රහිතයි. ඔවුන් ද්වේෂ රහිතයි. ඔවුන් මෝහ රහිතයි. ඔවුන් තණ්හා රහිතයි. ඔවුන් උපාදාන රහිතයි. ඔවුන් යථාර්ථය දකිනවා. ඔවුන් ඇලීම් ගැටීම් දෙකට පක්ෂ නෑ. ඔවුන් කෙලෙස් ඇතිවෙන විදිහට ඔහේ කල්පනා කර කර ඉන්නෙ නැති එක (එනම්, අරමුණේ යථාර්ථය දකිමින් එයට නො ඇලී සිටීම නම් වූ අරහත් ඵල විමුක්තිය) ට යි ඇලී වාසය කරන්නෙ. ඔවුන් තමයි ඉපදීමෙන් නිදහස් වෙන්නෙ. දිරීමෙන් නිදහස් වෙන්නෙ. මරණයෙන්, සෝක කිරීම්, වැළපීම්වලින්, කායික දුක්වලින්, මානසික දුක්වලින්, සෝ සුසුම්වලින් නිදහස් වෙන්නෙ. ඔවුන් ඔය හැම දුකකින්ම නිදහස් වෙනවා” කියලයි කියන්න තියෙන්නෙ.

    පින්වත් මහණෙනි, මේ ග්‍රහණය වීම් (උපාදාන) හතරක් තිබෙනවා. ඒ හතර මොනවාද? ඒවා තමයි,
    1. කාමයට ග්‍රහණය වෙනවා. (කාම උපාදාන)
    2. මතවාදවලට ග්‍රහණය වෙනවා. (දිට්ඨි උපාදාන)
    3. අර්ථ ශුන්‍ය සීල-ව්‍රතවලට ග්‍රහණය වෙනවා. (සීලබ්බත උපාදාන)
    4. මම ය, මාගේ ය, මාගේ ආත්මය ය, යන හැඟීමට ග්‍රහණය වෙනවා (අත්තවාද උපාදාන) යන මේවා යි.

    පින්වත් මහණෙනි, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ අය තමන්ව හඳුන්වා ගන්නේ සියලු ග්‍රහණය වීම් අවබෝධ කරන විදියට කරුණු කියා දෙන උදවිය හැටියටයි. නමුත් ඒ අය සියලු උපාදාන අවබෝධ කරගන්න හැටියට කරුණු කියා දෙන්නෙ නෑ. ඒ අය කාම උපාදාන අවබෝධ කරගන්නා හැටි කියා දෙන කොට, දෘෂ්ටි උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දෙන්නෙ නෑ. සීලබ්බත උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දෙන්නෙ නෑ. අත්තවාද උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දෙන්නෙ නෑ. ඇයි එහෙම වෙන්නෙ?
    ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ උපාදාන තුනේ යථාර්ථය ගැන අවබෝධයක් නැහැ. ඒ නිසයි ඒ පින්වත් ශ්‍රමණ-බමුණන් සියලු උපාදාන අවබෝධ කරගැනීම ගැන කියන උදවිය හැටියට තමන්ව හඳුන්වා දුන්නත්, මනාකොට සියලු උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දෙන්නෙ නැත්තෙ. ඒ නිසයි කාම උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දීලා, දිට්ඨි උපාදාන අවබෝධ කරගන්නා හැටි කියා දෙන්නෙ නැත්තෙ. සීලබ්බත උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දෙන්න නැත්තෙ. අත්තවාද උපාදාන අවබෝධ කරගන්න හැටි කියා දෙන්නෙ නැත්තෙ.

    පින්වත් මහණෙනි, සමහර ශ්‍රමණ-බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ උදවියත් තමන් ගැන හඳුන්වා දෙන්නෙ නම් සියලු උපාදාන අවබෝධ කිරීමට කියා දෙන අය හැටියටයි. ඒ අය කාම උපාදාන අවබෝධ කිරීම ගැන කියා දෙනවා. දිට්ඨි උපාදානයත් අවබෝධ කිරීම ගැන කියා දෙනවා. නමුත් සීලබ්බත උපාදාන අවබෝධ කරන හැටි කියල දෙන්නෙ නෑ. අත්තවාද උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන්නෙත් නෑ. ඒකට හේතුව මොකක් ද?
    ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට මේ සීලබ්බත, අත්තවාද උපාදාන දෙකේ යථාර්ථය අවබෝධ නොවීමයි. ඉතින් ඒ නිසා ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සියලු උපාදාන අවබෝධ කිරීම ගැන කියන උදවිය හැටියට තමන්ව හඳුන්වා දුන්නට, ඒ සියලු උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන්නෙ නෑ. කාම උපාදාන අවබෝධ කරන හැටි කියාදෙනවා. දිට්ඨි උපාදාන අවබෝධ කරන හැටි කියාදෙනවා, සීලබ්බත උපාදාන අවබෝධ කරන හැටි කියාදෙන්නෙ නෑ. අත්තවාද උපාදාන අවබෝධ කරන හැටි කියාදෙන්නෙ නෑ.

    පින්වත් මහණෙනි, තවත් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ අය තමන්ව හඳුන්වා දෙන්නෙ සියලු උපාදාන අවබෝධ කරන ආකාරය කියා දෙන අය හැටියටයි. නමුත් ඒ අය සියලු උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන්නෙ නෑ. ඒ අය කියා දෙන්නෙ කාම උපාදාන අවබෝධ කරන විදියයි. දිට්ඨී උපාදාන අවබෝධ කරන විදියයි. සීලබ්බත උපාදාන අවබෝධ කරන විදියයි. නමුත් අත්තවාද උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන්නෙ නෑ. ඒකට හේතුව මොකක් ද?
    ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ අත්තවාද උපාදානය ගැන යථාර්ථ අවබෝධයක් නො වීමයි. ඉතින් ඒ නිසා ම ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් සියලු උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන උදවිය හැටියට තමන්ව හඳුන්වා දුන්නත් සියලු උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන්නෙ නෑ. ඒ අය කියා දෙන්නෙ කාම උපාදාන අවබෝධ කරන විදියයි. දිට්ඨි උපාදානය අවබෝධ කරන විදියයි. සීලබ්බත උපාදානය අවබෝධ කරන විදියයි. ඒ වුනත් අත්තවාද උපාදාන අවබෝධ කරන හැටි කියා දෙන්නෙ නෑ.

    continued...
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පින්වත් මහණෙනි, ඔය ආකාරයේ ආගමක් ගැන උගන්වන ශාස්තෘ වරයෙකු කෙරෙහි යම් පැහැදීමක් ඇති වුනොත් ඒ පැහැදීම යහපත් එකක් නම් නොවෙයි කියලයි කියන්න තියෙන්නෙ. ඒ ආගම ගැන යම් පැහැදීමක් ඇති වුනොත් ඒ පැහැදීමත් යහපත් එකක් නම් නොවෙයි කියලයි කියන්න තියෙන්නෙ. ඔවුන් ගේ ආගමේ යම් ආකාර හැසිරීමක් ඇත්නම් ඒකත් යහපත් එකක් නම් නොවෙයි කියලයි කියන්න තියෙන්නෙ. ඒ තමන් ගේ ආගමේ පිරිස සමග ඔවුන් ප්‍රිය මනාපව හිටියත් ඒකත් යහපත් එකක් නම් නොවෙයි කියලයි කියන්න තියෙන්නෙ.
    ඒකට හේතුව මොකක් ද? පින්වත් මහණෙනි, සම්මා සම්බුදු නො වන කෙනෙක් විසින් කියපු දෙයක්, වැරදි විදියට කියපු දෙයක්, වැරදි විදිහට උගන්වපු දෙයක්, ඵල නෙළන්න බැරි ආගමක්, උතුම් තත්වයට පත් නො වන ආගමක් අනුගමනය කරන්න ගියොත් සිද්ධ වෙන්නෙ ඔච්චර තමයි.

    පින්වත් මහණෙනි, අරහත් සම්මා සම්බුදු වූ තථාගතයන් වහන්සේ ද තමන් වහන්සේ හඳුන්වා දෙන්නෙ සියලු උපාදාන අවබෝධ කරන හැටි කියාදෙන කෙනෙක් හැටියටයි. ඒ නිසා තථාගතයන් වහන්සේ සියලු උපාදාන අවබෝධ කරන හැටි හොඳින් කියල දෙනවා. කාම උපාදාන අවබෝධ කරන හැටි කියා දෙනවා. දිට්ඨී උපාදාන අවබෝධ කරන හැටි කියා දෙනවා. සීලබ්බත උපාදානය අවබෝධ කරන හැටි කියා දෙනවා. අත්තවාද උපාදානය අවබෝධ කරන හැටිත් කියා දෙනවා.

    පින්වත් මහණෙනි, ඔය ආකාරයේ ධර්ම විනයකින් යුතු ශාස්තෘන් වහන්සේ කෙරෙහි යම් පැහැදීමක් ඇති වුනොත් නම් ඒක ඉතා ම යහපත් පැහැදීමක් කියලයි කියන්න තියෙන්නෙ. ඒ ශ්‍රී සද්ධර්මය ගැන යම් පැහැදීමක් ඇති වුනොත් ඒකත් ඉතා යහපත් පැහැදීමක් කියලයි කියන්න තියෙන්නෙ. ඒ සීලයේ සම්පූර්ණ කරගැනීමක් ඇති වුනොත් ඒකත් ඉතා ම යහපත් දෙයක් කියලයි කියන්න තියෙන්නෙ. ඒ ශ්‍රාවකයන් අතර යම් ප්‍රිය මනාප බවක් ඇති වුනොත් ඒකත් ඉතා යහපත් දෙයක් කියලයි කියන්න තියෙන්නෙ. ඒකට හේතුව මොකක් ද?

    පින්වත් මහණෙනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් ප්‍රකාශ කරපු, මනාකොට කියා දීපු, මනාකොට උගන්වපු, නිවන පිණිස පවතින කෙලෙස් සංසිඳීම පිණිස පවතින සාසනයක් තිබීම නිසයි එහෙම වෙන්නෙ.

    පින්වත් මහණෙනි, ඔය උපාදාන හතරේ මුල මොකක් ද? ඕවා සකස් වෙන්නෙ මොකෙන් ද? ඕවා ඉපදෙන්නෙ මොකෙන් ද? ඕවා හටගන්නෙ මොකෙන් ද? ඔය උපාදාන හතරේ ම මුල තණ්හාව යි. තණ්හාවෙනුයි සකස් වෙන්නෙ. තණ්හාවෙනුයි උපදින්නෙ. තණ්හාවෙනුයි හටගන්නෙ.

    පින්වත් මහණෙනි, මේ තණ්හාවේ මුල මොකක් ද? තණ්හාව සකස් වෙන්නෙ මොකෙන් ද? තණ්හාව උපදින්නෙ මොකෙන් ද? තණ්හාව හටගන්නෙ මොකෙන් ද? තණ්හාවට මුල විඳීමයි. විඳීමෙනුයි සකස් වෙන්නෙ. විඳීමෙනුයි උපදින්නෙ. විඳීමෙනුයි හටගන්නෙ.

    පින්වත් මහණෙනි, මේ විඳීමේ මුල මොකක් ද? විඳීම් සකස් වෙන්නෙ මොකෙන් ද? විඳීම් උපදින්නෙ මොකෙන් ද? විඳීම් හටගන්නෙ මොකෙන් ද? ස්පර්ශය තමයි විඳීම්වලට මුල. ස්පර්ශයෙනුයි සකස් වෙන්නෙ. ස්පර්ශයෙනුයි උපදින්නෙ. ස්පර්ශයෙනුයි හටගන්නෙ.

    පින්වත් මහණෙනි, මේ ස්පර්ශයේ මුල මොකක් ද? ස්පර්ශය සකස් වෙන්නෙ මොකෙන් ද? ස්පර්ශය උපදින්නෙ මොකෙන් ද? ස්පර්ශය හටගන්නෙ මොකෙන් ද? ආයතන හය තමයි ස්පර්ශයට මුල. ආයතන හයෙනුයි සකස් වෙන්නෙ. ආයතන හයෙනුයි උපදින්නෙ. ආයතන හයෙනුයි හටගන්නෙ.

    පින්වත් මහණෙනි, මේ ආයතන හයේ මුල මොකක් ද? ආයතන හය සකස් වෙන්නෙ මොකෙන් ද? ආයතන හය උපදින්නෙ මොකෙන් ද? ආයතන හය හටගන්නෙ මොකෙන් ද? නාම-රූප තමයි ආයතන හයට මුල. නාම-රූපයෙනුයි සකස් වෙන්නෙ. නාම-රූපයෙනුයි උපදින්නෙ. නාම-රූපයෙනුයි හටගන්නෙ.

    පින්වත් මහණෙනි, මේ නාම-රූපයේ මුල මොකක් ද? නාම රූප සකස් වෙන්නෙ මොකෙන් ද? නාම රූප උපදින්නෙ මොකෙන් ද? නාම රූප හටගන්නෙ මොකෙන් ද? මේ විඤ්ඤාණය තමයි නාම-රූපයට මුල. විඤ්ඤාණයෙනුයි සකස් වෙන්නෙ. විඤ්ඤාණයෙනුයි උපදින්නෙ. විඤ්ඤාණයෙනුයි හටගන්නෙ.

    පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණයේ මුල මොකක් ද? විඤ්ඤාණය සකස් වෙන්නෙ මොකෙන් ද? විඤ්ඤාණය උපදින්නෙ මොකෙන් ද? විඤ්ඤාණය හටගන්නෙ මොකෙන් ද? මේ සංස්කාර තමයි විඤ්ඤාණයට මුල. සංස්කාර වලිනුයි සකස් වෙන්නෙ. සංස්කාර වලිනුයි උපදින්නෙ. සංස්කාර වලිනුයි හටගන්නෙ.

    පින්වත් මහණෙනි, මේ සංස්කාරවල මුල මොකක් ද? සංස්කාර මොකෙන් ද සකස් වෙන්නෙ? සංස්කාර මොකෙන් ද උපදින්නෙ? සංස්කාර මොකෙන් ද හටගන්නෙ? මේ අවිද්‍යාව තමයි සංස්කාරවලට මුල. අවිද්‍යාවෙනුයි සකස් වෙන්නෙ. අවිද්‍යාවෙනුයි උපදින්නෙ. අවිද්‍යාවෙනුයි හටගන්නෙ.

    පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුවට අවිද්‍යාව ප්‍රහාණය වෙලා ගියොත්, විද්‍යාව ඉපදුනොත් අන්න ඒ භික්ෂුව “අවිද්‍යාව දුරු වීම නිසා, විද්‍යාව ඉපදීම නිසා කාම උපාදානයට බැඳෙන්නෙ නෑ. දිට්ඨි උපාදානයට බැඳෙන්නෙ නෑ. සීලබ්බත උපාදානයට බැඳෙන්නෙ නෑ. අත්තවාද උපාදානයට බැඳෙන්නෙ නෑ. කිසි ම උපාදානයකට බැඳෙන්නෙ නැති නිසා කම්පා වෙන්නෙ නෑ. කම්පා වෙන්නෙ නැති නිසා තමා ම පිරිනිවීමට පත් වෙනවා. උපත නැති වුනා. නිවන් මඟ සම්පූර්ණ කරගත්තා. කළ යුතු දේ කරල අවසන් කළා. නැවත වරක්, තවත් ජීවිතයක් නැති බව අවබෝධ කරගන්නවා”

    භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාළා. එතැන වැඩසිටි ඒ පින්වත් භික්ෂූන් වහන්සේලා මේ දෙසුම අහල ගොඩාක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දෙසුම සාදු නාද නංවමින් සතුටින් පිළිගත්තා.

    සාදු! සාදු!! සාදු!!!

    සිංහයෙකු ගේ නාදයක් බඳු කුඩා දෙසුම නිමා විය
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    මම මේක පොස්ට් කරන්න හැදුවට මොකක්ද හේතුවක් නිසා ඒක එන්නෙ නැහැ. දාන්න පුළුවන් උණු වෙලාවක දාන්නම්. නැත්නම් ගිහින් බලන්න http://www.tipitaka.mahamevna.org/

    Pinwath mithura,
    Bohoma pin obtata... :)
    Getaluwa thibune page eke dige... eya ek post ekakata damanna be...

    Theruwan saranai!
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම පින් කළ්‍යානමිත්‍ර, මට මේ සූත්‍රය දැක්කම හිතුණ කොච්චර උචිතද අද සමාජෙට කියල. මජ්ජිම නිකායෙ සූත්‍ර හැම එකක්ම වගේ එහෙමයි: බහු ආගමික සමාජෙක ඉන්න කෙනෙකුට, නිවන් මග ගමන් කරන්න හිතන කෙනෙකුට බෙහෙවින් ප්‍රයෝජනවත් මග පෙන්වීමක් කරනව. අපිට පොඩි කාලෙ ඉගැන්නුවෙ සූත්‍ර හරි පොඩ්ඩයිනෙ. මේවත් ඉගැන්නුවනම්, අඩු ගානෙ කියවන්න පෙළඹවීමක්වත් පාසලෙන් ලැබුණනම් කොච්චර හොඳද?
    දැන් හරි උනන්දුවක් තියෙන කෙනෙකුට හොයාගෙන කියවන්න මේ දේවල් අන්තර්ජාලයෙ තියෙන එක ගොඩක් වටිනවා. මෙය පරිවර්තනය කළ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්වහන්සේටත්, මෙය වෙබ් පිටුවක ඇතුළත් කිරීම දක්වා වෙහෙස වූ සියල්ලන්ටත්, එළකිරි හා බෙදා ගත් කළ්‍යාන මිත්‍රටත් බොහොම පින්.
     

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    Theruwan Sarani

    image01n.jpg
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මට මේ සූත්‍ර කියවනකොට හිතෙන දේවල් මම බෙදා ගන්න කැමතියි. මේකෙ මුල් කොටස කියවනකොට මට හිතෙනව, මේ කියන්නෙ ධර්ම මාර්ගයෙ ගමන් කරන්න පටන් ගන්න කෙනෙක් ළග තියෙන දේවල් කියල: බුද්ධ රත්නය හා උන් වහන්සේගේ ධර්මය කෙරෙහි අචල ශ්‍රද්ධාව, ශීලය එහෙ නැත්නම් කය හා වචනයේ සංවරකම, කළ්‍යාණ මිත්‍ර ආශ්‍ර උවමනයි මුල ඉඳලම. ‍ ‍‍‍‍

    ඉන් පස්සෙ කතා කරන්නෙ සිතෙහි කෙලෙස් සන්සිඳුවීම ගැන-රාග, ද්වේෂ, මෝහ

    ඊළගට කතා කරන්නෙ නිවන් දකින්නනම් අපි නැති කර ගත යුතු තණ්හාව ගැනත්, ඊට හේතු වන බැඳීම් ගැනත්.

    මේ ඉලක්කය තියෙන්නෙ යථාර්තය දකින කෙනාට කියල කියනකොට තේරෙනව, මේ මගටපිවිසෙන්න වුණත් යම් දුරකට දියුණු වූ යහපත් දැක්මක්, නැත්නම් සම්මා දිට්ඨියක් අවශ්‍යයි කියන එක. එහෙම නැතුව හරි මග තෝර ගන්න බැහැනෙ.

    ඇලීම් ගැටීම් නැති කෙනා කියනකොට කතා කරන්නෙ නීවරණ ධර්මයන් ගැන- අතරින් මුලටම එන කාමච්ඡන්ද හා ව්‍යාපාද ගැන.
    අපි බාහිර දේවලට ඇලෙන්න ගියොත්, ආශා කළොත් මේ මග යන්න අමාරුයි; බාහිර දේ එක්ක ගැටෙන්න ගියත් එහෙමයි.

    කෙලෙස් ඇති වෙන විදිහට ඔහේ කල්පනා කර කර ඉන්න කෙනාට, නැත්නම් අයෝනිසෝමනසිකාරයෙන් ඉන්න කෙනාට සිහිය, සමාධිය දියුණු කරන්න බැහැ. එයා සත්‍යය දකින්නෙ නැහැ.

    ඊට පස්සෙ කතා කරන්නෙ යෝනිසොමනසිකාරය ඇති කෙනා දකින දේ ගැන.
    නැවතත් දෘෂ්ටිය ගැන. බුද්ධ ධර්මය අනෙක් ආගම් වලින් වෙනස් වෙන තැනක් තමයි භව දෘෂ්ටිය හා විභව දෘශ්ටිය යන දෙකම ප්‍රතික්ෂේප කිරීම.
    මේ දෙකම ප්‍රතික්ෂේප කළානම්, ඉන් පස්සෙ?
    මෙන්න බුද්ධ ධර්මයටම සීමා වුණු පටිච්ච සමුප්පාද කොටස- හේතු ඵල ධර්මය.

    මේ අවසාන කොටසෙ විස්තර වෙන්නෙ ඒකයි.