ඡන්දයකට පෙර නිමිති පෙනෙනවා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඡන්දයකට පෙර නිමිති පෙනෙනවා

    ඡන්දයකට පෙර නිමිති පෙනෙනවා
    හිමින් සීරුවේ බඩුමිල අඩුවෙනවා .
    බඩුමිල අඩුවන තරම බලනට
    යන්නට ඕනෑ කඩමන්ඩිය වෙත,

    අතේ තුට්ටුවක් නෑ
    ඊට කමක් නෑ
    මොනවා හොයන්නද
    මොනවා ගෙනෙන්නද
    මා ලඟ කාසි නැතේ , මා ලඟ කාසි නැතේ

    පාරට බැස්සම විය දුක මට වැඩි
    හිඟන කම ඊට වැඩි.......
    සිලි බැග් අස්සේ එකම මල්ල තුල
    පුරව පුරව අර එලවළු ගෙන යන හැඩ
    මමත් මෙහෙම ගත් හැටි මතකයි
    මට හොඳ හැටි මතකයි

    බඩගින්නෙන් ගත වැරහැලි වූවද
    ඔබ මට එපා වේදෝ
    නොපා නොපා පිටු කිසිදින ඔබ හට
    නොපා නොපා පිටු කිසිදින ඔබ හට
    ආපසු ඡන්දය නම් දෙනවා
    ඔබ හට මගේ ඡන්දය දෙනවා

    අතේ තුට්ටුවක් නෑ
    ඊට කමක් නෑ
    මොනවා හොයන්නද
    මොනවා ගෙනෙන්නද
    මා ලඟ කාසි නැතේ , මා ලඟ කාසි නැතේ


    පද පෙරළිය hirashgeff
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :lol:ඡන්ද ගුංඩු කියලා ඕනම හරකෙකුට තේරෙනවා..
    රටේ පාලකයෝ හිතාගෙන ඉන්නේ ජනතාව හරක්ටත් වඩා අන්ත මෝඩයෝ කියලා..
    ජනතාව කරන්න ඕන එහෙම නෙමෙයි කියලා තමන්ගේ ඡන්ද අයිතිය පාවිච්චි කරලා පෙන්නන්න..
    පලාත් සභාවෙන්ම ඒක පටන් ගමු..
    දූෂිත, පවුල් පාලනය ගෙදර යවමු!

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    :lol:ඡන්ද ගුංඩු කියලා ඕනම හරකෙකුට තේරෙනවා..
    රටේ පාලකයෝ හිතාගෙන ඉන්නේ ජනතාව හරක්ටත් වඩා අන්ත මෝඩයෝ කියලා..
    ජනතාව කරන්න ඕන එහෙම නෙමෙයි කියලා තමන්ගේ ඡන්ද අයිතිය පාවිච්චි කරලා පෙන්නන්න..
    පලාත් සභාවෙන්ම ඒක පටන් ගමු..
    දූෂිත, පවුල් පාලනය ගෙදර යවමු!


    :yes: :yes: :yes: