ඡන්දයට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ඡන්දයට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම සඳහා පැය 4 කට නොඅඩු නිවාඩු කාලයක් ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පෞද්ගලික අංශයට දැනුම් දී තිබේ.

මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ නිවාඩු ලබාදෙන කාලය ඇතුළත වැටුප් අඩු කිරීමකින් තොරව විශේෂ නිවාඩුවක් ලෙස එය ලබාදිය යුතු බවයි.

ඡන්දය භාවිතා කිරීම සඳහා සේවා ස්ථානයේ සිට ඡන්ද පොලට යායුතු දුර කිලෝමීටර් 40 ක් හෝ ඊට අඩුනම් දින භාගයක නිවාඩුවක් ලබා දිය යුතු වෙයි.

කිලෝමීටර 40 ත් 100 ත් අතර දුරක ඡන්ද මධ්‍යස්ථානය පිහිටන්නේ නම් ලබා දිය යුතු වන්නේ දිනයක නිවාඩුවකි.

කිලෝමීටර 100 ත් 150 ත් අතර දුරකින් ඡන්ද මධ්‍යස්ථානය පිහිටියහොත් දින එකහමාරකුත්, කිලෝමීටර 150 ට වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබා දිය යුතුබව සඳහන්.


source http://www.lankagossipgirlnewslk.com/2015/07/this-is-how-you-will-get-leaves-for.html
 
  • Like
Reactions: rox2030

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    ow aniwarenma niwadu denna one. pahuwenida niwaduwak denna one. nettam nidimathe komada weda koranne