ලංකාවේ වෛද්‍යවරයෙක් වීම...
සෑහෙන කාළයක් තිස්සේ ලංකාවේ මිනිස්සු අතර වෛද්‍ය ඉංජිනේරු වෘත්තීය ගැන විශාල ප්‍රතිරූපයක් ඇත. විශේෂයෙන්ම දෙමව්පියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නෙත්, ශිෂ්‍යත්වය හොඳින් සමත් වුණු දරුවා පවා කියන්නේ තමන්ට වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය බවයි.
මෙයට හේතුව සාමාජ පිළිගැනීම මෙන්ම හෝ ඊටත් වඩා ස්ථාවර ආර්ථික තත්ත්වය යැයි සිතෙයි. තවද ලංකාවේ ඇති සංස්කෘතිය අනුව රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිනක් /සේවයක් ලෙස මිනිස්සු සිතයි.
නමුත් වෛද්‍යවරයෙකු වීම හෝ එය පසු කර විශේෂඥ වෛද්‍යවරුන් වීම දක්වා ඇති කායික මානසික කටුක ගමන දන්නවා නම් බොහෝ දෙනෙක් වෛද්‍යවරයෙකු වෙන්න හිතන්නේ නැතැයි මම සිතමි. කොටින්ම මෙය ලියන මමත් එය දැන සිටියා නම් එසේ කිරීමට පෙර තවත් වරක් සිතමි.
කෙනෙකුට මෙය දුක කියා හඬා වැලපීමක් යැයි label කල හැකි නමුත් මෙය ලියන්නේ හුදෙක්ම කියවා තේරුම් ගත හැකි අයට සහ විශේෂයෙන්ම උසස් පෙළ කරන සහ කරන්න සිටින දරුවන්ට සහ ඔවුන්ගේ මව් පියන්ටත් වෛද්‍යවරුන් නොවන ඔවුන්ගේ ගුරුවරුන්ටත් කියවීමටයි.
. අවාසනාවකට ලංකාවේ ඇති කාලය නාස්ති වෙන අධ්‍යාපන ක්‍රමය නිසා උසස්පෙළ කරන විට වයස අවුරුදු 18 ක් පමණ වෙයි. දරුවන්ගේ ප්‍රතිඵල පැමිණ විශ්වවිද්‍යාලයට යන තෙක් නාස්ති වන කාලයත් සමග පාඨමාලාව පටන් ගන්න විට වයස 20 ට කිට්ටුය. (දෙවන තුන්වන වාර වල යන අය සහ ජනවාරි මාසයේ උපන් අවුරුද්දක් කලින් පාසල් ගිය අයගේ වයස මේ සාමාන්‍යයෙන් වෙනස්ය).
අවුරුදු 5 - 6 දක්වා කරන අධ්‍යාපනයෙන් පසු සිමාවාසික (Intern/House officer) පත්විම ලැබෙන තෙක් තවත් වසරක් නාස්ති වූ විට වයස අවුරුදු 26 ට ආසන්නය. අවුරුද්දක සීමාවාසික පත්වීමෙන් පසු වෛද්‍ය සභාවේ සම්පූර්ණ ලියාපදිංචිය ලැබෙන විට වයස අවුරුදු 28 - 29 අතර වේ.
පශ්චාත් උපාධියක් කරන්න ලැබෙන්නේ තවත් වසරකට පසුය, එතකොට වයස අවම අවුරුදු 30. කි. එය ඉවර වෙන විට අවම වයස අවුරුදු 35 - 36 කි, නමුත් බොහෝ විට අතරමැද ගතවෙන කාලයත් සමග බොහෝවිට විශේෂඥ වෛද්‍යවරයෙකු වෙන විට වයස අවුරුදු 40 අවට වයසක පුද්ගලයෙකි.
වයස අතින් බලන විට මේ වයසට එන විට සමාන්තර වෙනත් පාඨමාලා කරන ශිෂ්‍යයන් වයස අවුරුදු 30 පමණ වන විට ආචාර්ය උපාධියත් ඉවර කර අවසන්ය.
නමුත් අවුරුදු 28 පමණ simawasika වෛද්‍යවරයා රුපියල් 50000 ක පමණ සොච්චම් පඩියක් ගන්නා කෙනෙකි.
ඒ වයස ප්‍රශ්නයයි.
To be continued.
Part 2
වෛද්‍යය ශිෂ්‍යයයෙකුගෙ කට්ට ලිවීම පසුවට තබා සීමාවසික කට්ට ගැන ලියමි.
සීමාවාසික කාලය අවුරුද්දකි. නමුත් බොහෝ රෝහල් වල සහ වාට්ටු වල මෙය ජීවිතයේ ඇති කටුකම අවුරුද්දක් බවට පත් වෙයි.
එසේම අවිවාදයෙන්ම මෙය රෝගින්ට ප්‍රතිකාර කිරීම පටන් ගන්නා මුල්ම අවස්තාව මෙන්ම රෝගින් සමඟ වැඩියෙන්ම ගැවසෙන්න වෙන කාලයයි. එනිසා මෙයින් ලැබෙන අත්දැකීම් ලඝු කොට නොතැකිය යුතුය.
බොහෝ විට එක වාට්ටුවක සීමාවාසිකයන් (මෙතැන් පටන් HO ලා ලෙස කෙටි කරමු ) ඉන්නෙ කාන්තා සහ පුරුෂ වාට්ටුවට දෙන්නා බැගින් හෝ වාට්ටු දෙකටම තුන් දෙනෙක් බැගිනි.
සමහර වසනාවන්ත HO ලාට මාස හයකින් කලින් වර විභාගය අසමත් වී මෙවර ගොඩ ගිය HO ලා ලැබෙයි.
HO ලාගෙ රාජකාරි දවසෙ පැය 24 ම දින 7 ම සහ 365 දවසම ඇත.
රජයේ නිවාඩු හෝ වෙනත් නිවාඩු අනිවර්යෙන් ලැබෙන්නේ නැත.
තුන් දෙනෙක් හිටියොත් එක් අයෙකුට සති අන්ත නිවාඩුව ලැබෙයි.
එයද බොහෝ විට සෙනසුරාදා දවාලෙන් පටන් ගෙන සඳුදා උදයෙ වැඩට ඒමෙන් අවසන් වෙයි.
අනිත් දෙන්නා ලෙඩ වුනොත් ඒකත් ඉවරය.
වැඩ කරන රෝහල ගෙදරට දුරක වුනත් ලැබෙන්නේ මේ කාලයමය.
මෙනිසා මට නම් සෙනසුරාදා ගෙදරට යන විට සවස 6 පමණ වුනු අතර සමහර දවස් වල පැය දොලහකටත් කලින් ආපසු එන්න සිදු විය.
මගේ තවත් සගයෙකු සිටියේ රෝහලේ සිට කිලොමීටර 300 ක් පමණ එහා නිසා ඔහු ඒ අවුරුඩ්දටම ගෙදර ගියේ දින ඉතාම සීමිත ගණනකි.
රාජකාරි
ඇතුල් වන සියලුම රෝගින් පරික්ශා කිරීම
පලමුව ඖශධ නියම කිරීම
පරීක්ශන නියම කර ඒවාට කොල පිරවීම
දවසට තුන් වරක් නේවාසික රෝගින් බැලීම
හදිසි රෝගීන් එන දවසට (රෝහලේ එම වර්ගයේම වෙනත් වාට්ටු නැත්නම් දිනපතා ද තව එකක් ඇත්නම් දවසක් ඇර දවසක් ද ) එලි වෙනකන් එන රෝගීන් බැලීම
එහෙම බලන අතර රෝගීන් වෙනත් රෝහලකට මාරු කලොත් ලෙඩා කැටුව යෑම (උදා - මහියන්ගනය - නුවර, නුවර කොලබ, සමහර විට එක දිනකට කිහිප වරක්)
මෙසේ ගිහින් ආවා කියා ඊලග දවස නිවාඩුවක් නොවෙයි.
රෝගින්ගේ වෙනත් සමහර පරික්ශන කිරීම
රෝග විනිශ්චය කාඩ් ලිවීම
ක්ලිනික් වල රෝගීන් බැලීම
මෙඩිකල් ලිවීම
මෙවැනි දාහක් රාජකාරි තවත් ඇත.
මේ දේවල් කොච්චර කරත් කිසිම අතිකාල දීමනාවක් නැති HO ලාගෙ පඩිය රුපියල් 50000 ක් පමණ වෙයි.
රාජකාරි කිරීමේ ප්‍රශ්නයට අමතරව ඇති අමිහිරි යතාර්තය නම් මේ සමග ඇති මානසික ආතතිය සහ විවේකයක් නැති කමයි.
බොහෝ දියුණු යැයි පෙනෙන රෝහල් වල HO ලාගෙ නිල නිවාස ගරා වැටෙන කාමර වෙයි.
සමහර විට නිසි කෑමක් බීමක් ගැනීමට තැනක් නැත.
එයත් පසෙකින් තැබූ විට ඇති වෙන කටුක භාවය තීරනය වන්නෙ ඒකකයේ සිටින ජේශ්ඨ වෛද්‍යයවරුන් සලකන ආකාරය මතයි.
අමිහිරි යතාර්තය කෙටියෙන් කීවහොත් සමහර ජේශ්ඨයන් ඔබට ඉතා හොඳින් සැලකුවත් සමහරු සලකන්නේ කිසිම ගෞරවයකින් නොවෙයි.
ඒ ප්‍රතිශතය කීයක් ද කියා මම නොදනිමි.
නමුත් කිසිම වෛද්‍යයවරයෙකු සීමාවාසික කාලයක් ආයෙත් කරන්න කොච්චර ලොකු වැටුපක් ගෙවුවත් කැමති නොවන බව ඉඳුරාම දනිමි.
තමන් සීමාවාසික පුහුනුව ලැබූ රෝහල මතක් කිරීමටවත් අකමැති අය සහ මතක් වුනත් සන්තාපයක් ඇතිවෙන අය මට ඕනෑතරම් හමු වී ඇත.
කෙසේ නමුත් අපි සැවොම ඒ කාලය තුල රෝගීන් සුව කර ජීවිත බේරාගෙන රාජකාරියෙන් එහා ගිය සේවයක් කර ඒ සතුටුදායක මතක සදාකල් සිහි කරමු.
මෙම කාලයෙන් පසු වෛද්‍යවරුන් බලාගෙන ඉද්දී පරිණත වෙයි.
එමෙන්ම මෙහි ඇති හානිකර විපාකයක් නම් සමහර වෛද්‍යයවරුන් ඊලගට සිතන්නේ "අපි මෙහෙම මෙහෙමයි කට්ට කෑවේ, ඒ නිසා ඔයාලත් කට්ට කන එක අරුමයක් නෙවෙයි." වගේ මතයකි.
පුද්ගලිකව මා හඳුනන එක් වෛද්‍යයවරයෙකු කියා සිටියේ ඔහු ඉතා අපහසු රෝගයකින් පෙලෙමින් බෙහෙත් බිබී HO සේවය නොකඩවා කල නිසා ඔහුගේ රෝගී HO ද එසේ කලාට කමක් නැති බවය.
මේ කියන වෛද්යවරය ඉතා දක්ශ රෝගීන්ට කාරුණික කෙනෙකි, නමුත් HO ලාට වෙලාවකට රෝගීන්ට බෙදන හැන්දෙන් වත් බෙදන්නේ නැත.
මේ එක උදාහරනයකි,නමුත් වාසනාවන්ත HO ලාට අතිශය කාරුනික ජේශ්ඨයන් සහ අමතර HO ලා ලැබී සතුටින් කාලය ගත කිරීමට ලැබෙයි.
කොයි හැටි වෙතත් මා කලින් කිවු රාජකාරි ගොඩ නම් බොහෝ විට අඩු වෙන්නේ නැත. මේ කන කට්ට ලංකාවේ වෛද්‍යයවරුන්ගේ චින්තන රටාවට කෙසේ බලපානවාද කියා විද්යාත්මක සාක්ෂි නැත.
මේ සමාන්‍ය් කට්ටට අමතරව කොරෝනා කාලයේ බිල්ලෙක් වැනි කිට් එකක් ඇදගෙන තැම්බෙමින් ද, මාරන්තික අවදානමක් ගනිමින් ද මේ රාජකාරි ටිකම කිරීමට HO ලාට සිදු විය. ඔවුන්ට ඒ සදහා කිසිම අමතර ගෙවීමක් හෝ ලිඛිත හෝ වාචික ඇගයීමක් නොලැබුනු අතර. PCR / RAT පරික්ශන කරමින් මරනය ඇසුරු කරන්නට නම් ඔවුන්ට ලැබුනි. එසේම එසේ නොකල සමහරු ඔවුන්ගේ වෙන්න ගිය රාජකාරි HO ලාට පැටවූ අතර, සමහරු ඒවාට අමතර දීමනා ලබා ගත්හ.
වර්තමානයේ සිටින HO ලාද රුපියල් 50000 පඩියෙන් කොහොම ඉන්නවා ද කියා මම නොදනිමි. සල්ලි ඉතුරු නොකරත් අඩු ගානේ කා බී සිටීමෙන් යම් සැපයක් ලැබීමට තිබුනු අවස්තාව ඔවුන්ට ඇහිරී ඇති බව මා සිතමි.
ඔවුන්ට ඇති එකම වාසිය නම් සීමාවාසික කාලයෙන් පසු කාලය නාස්ති නොකර වෙනත් රටකට යාමට උත්සහ කිරීමට ඇති අවස්තාවයි.
(චායාරූපයේ ඇති තරම් පිරිසිදු පරිසරයක් ලංකාවේ රජයේ රෝහල් වල නැති බව මතක් කළ යුතු නැත.)
part 1

නමුත් අවුරුදු 28 පමණ සිමාවාසික වෛද්‍යවරයා රුපියල් 50000 ක පමණ සොච්චම් පඩියක් ගන්නා කෙනෙකි.

Last edited: