ඡන්දය කටුගාමුද?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඡන්දය කටුගාමුද?

    බොහෝ දේශපාලන ත්‍රෙඩ් වල සමහරු කියා ඇත්තේ ඡන්දය කටුගාන බව හෝ නොදෙන බවය.
    මේ ඒ පිළිබද අදහසකි.

    මහජනතාව ඡන්දය දී පාර්ලිමේන්තු යවා ඇති හෝ ප්‍රාදේශිය නායකත්වයට පත්කර ඇති පක්ෂ විපක්ෂ අය අතර කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, මිණිමරැවෝ, පාතාලයෝ, දූෂකයෝ වගේම සතපහක වැදගැම්මකට නැති හිකනල්ලු ඇති බව අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ.

    නමුත් එකී මෙකී සත්තු සියල්ලම බලයට එන්නේ ජනතා වරමින් හෙවත් ඡන්දය දෙන අයගේ උපකාරයෙනි.

    දේශපාලනයට එන අය අතර සාධාරණය, මනුස්සකම, ජනතා හිතවාදය, දේශප්‍රේමය වගේ හොද වගේම බලතණ්හාව, බඩ වඩාගැනීම, වැරදි වහගැනීම, වෛරය පිරිමහගැනීම වැනි නරකද අවු වැඩි වශයෙන් තිබෙන්නට පුලුවන.

    නමුත්, අපට ඇගිළි පහම එක සමාන අය මේ අතරින් සොයාගත නොහැකි වනු ඇත. එසේ සොයන්නට යෑමද මෝඩ කමකි.

    ඉහතකී කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, මිණිමරැවෝ, පාතාලයෝ, දූෂකයෝ, හිකනලුවෝ කෙසේ හෝ අරක්කු බෝතලේට, බත් පැකට් එකට, රැපියල් දාහට ඡන්දය ලබාගෙන බලයට පැමිණේ.

    ඒ කාගෙ වරදද?

    හේතුව අතලොස්සක් හෝ මේ අතර සිටින බුද්ධිමතුන්, උගතුන් හෝ ජනතා හිතවාදීන්ට නොලැබී යන්නේ ඡන්දය නොදෙන හෝ කටුගාන අයගේ ඡන්දයයි.

    ඡන්දය කටුගා හෝ නොදී බලයට පත්වූ අපතයින්ට බැන්නාට වැඩක් නැත. වගකිව යුත්තේ ඡන්දය නොදෙන අයමය.
    ඡන්දය නොදීමෙන් හෝ කටු ගෑමෙන් රටට සිදුවන්නේ මහා විපතකි. ඒ ඔබ වගකීම පැහැර හැරි නිසාම නොවේද?

    ඒ නිසා මගේ අදහස ඡන්දය නොදී අපතයින් බලයට පත්කර සිට තැවෙනවාට වඩා ඡන්දය දී තෝරාගත හැකි හොදම අය බලයට පත්කිරීමය. පක්ෂ විපක්ෂ දෙකටම මෙය අදාලය.

    මා මෙහි අදහස් කරන දේ බුද්ධිමත් සංවාදයකට මිස අවිචාරවත් කුලල්කා ගැනීමකට නොවේ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක හරි මගෙ චන්දෙ මේපාර නම් ඩිග්‍රියක් නැති කිසිම එකෙට දෙන්නෙ නැ. :)
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    එක හරි මගෙ චන්දෙ මේපාර නම් ඩිග්‍රියක් නැති කිසිම එකෙට දෙන්නෙ නැ. :)

    උගත්කම වගේම අනෙක් දේවලුත් බලන එක හොදයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡන්දය නොදීමෙන් හෝ කටු ගෑමෙන් රටට සිදුවන්නේ මහා විපතකි. ඒ ඔබ වගකීම පැහැර හැරි නිසාම නොවේද?

    ඡන්දය දුන්නම තමයි මහා විපතට දායක වෙන්නේ ඊට වැඩිය හොදයි කටු ගාන එක කියලා හිතෙනහින්දා තමයි එහෙම කරන්නේ. ඡන්දේ දෙන්න තරම් සුදුසු අය අද ඡන්දේ ඉල්ලන්නේ නෑ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    පිස්සු පුසා;16251784 said:
    උඹලගේ ලොක්කා වීරසංගිලි පනික්කියාට තියෙන ඩිග්‍රිය මොකක්ද:lol::lol::lol:

    :lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පිස්සු පුසා;16251784 said:
    උඹලගේ ලොක්කා වීරසංගිලි පනික්කියාට තියෙන ඩිග්‍රිය මොකක්ද:lol::lol::lol:
    පවු බන් මූ කීයක් හරි හොයාගන්නෙ ඌට කඩේ ගිහින් නේ
    :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නං දැං කාලෙක ඉදලම චන්දෙ දෙන්න කෙනෙක් නැති නිසා ඒක කටුගානවා. මම ජිවිතේටම චන්දේ දිලා තියෙන්නේ දෙපාරයි. ඒකෙන් එක පාරක් මහින්ද මාමා පලවෙනි පාර ජනාධිපති වෙනකොට දුන්නේ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පිස්සු පුසා;16251784 said:
    උඹලගේ ලොක්කා වීරසංගිලි පනික්කියාට තියෙන ඩිග්‍රිය මොකක්ද:lol::lol::lol:

    බුද්ධිමත් සංවාදයකට මිස අවිචාරවත් කුලල්කා ගැනීමකට නොවේ
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඡන්දය දුන්නම තමයි මහා විපතට දායක වෙන්නේ ඊට වැඩිය හොදයි කටු ගාන එක කියලා හිතෙනහින්දා තමයි එහෙම කරන්නේ. ඡන්දේ දෙන්න තරම් සුදුසු අය අද ඡන්දේ ඉල්ලන්නේ නෑ

    ඡන්දය නොදුන්නහම අපතයෝ සල්ලි දීලා , අරක්කු දීලා ඡන්දය අරගෙන හරි දිනනවා.
    ඒකෙන් ඡන්දය නැතුව පරදින්නේ මුන් අතරින් තරමක් හෝ හොද පිරිස.
    මේ යථාර්තය නොතේරීම කණගාටුදායකය.

    මේ ත්‍රෙඩ් එකෙන් පැහැදිළි කලේත් එයමයි. ඒක කියවූවා යැයි නොසිතේ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පවු බන් මූ කීයක් හරි හොයාගන්නෙ ඌට කඩේ ගිහින් නේ
    :P
    බුද්ධිමත් සංවාදයකට මිස අවිචාරවත් කුලල්කා ගැනීමකට නොවේ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔක්කොම මීහරක් බැවින් චන්දය දීමෙන් වැලකෙමි....

    වෙන්න පුලුවන්. ඔයා ඡන්දය නොදුන්නාට මුන් රටේ බලයට පත්නොවී ඉන්නෙ නෑනේ.
    නමුත් ඒ මීහරක් අතරත් අනෙක් හරක්ට වඩා හොදම එකා තෝරන්නයි ඡන්දය තියෙන්නෙ.
    ඡන්දෙ නොදුන්නොත් වෙන්නෙ අපතයොටික බලයට පත් වෙන එක.
    ඒකෙන් වෙන්නෙ අන්තිමට හොද මීහරකා පැරදිලා මීහරක්ටත් අපහාසයක් වන හරකෙක් තමා පත් වෙන්නෙ.
    ඒ නිසයි කියන්නෙ හොද මීහරකා තේරිය යුතුය යන්න.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මම නං දැං කාලෙක ඉදලම චන්දෙ දෙන්න කෙනෙක් නැති නිසා ඒක කටුගානවා. මම ජිවිතේටම චන්දේ දිලා තියෙන්නේ දෙපාරයි. ඒකෙන් එක පාරක් මහින්ද මාමා පලවෙනි පාර ජනාධිපති වෙනකොට දුන්නේ.

    කාට දුන්නත් කමක් නෑ. නමුත් නොදී සිටීමෙන් නුසුදුසු පුද්ගලයින් බලයට එන බවයි මම කියන්නේ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    aparada yak ban hrunta chande dena eka

    හොරුන්ට ඡන්දෙ නොදී හිටියම කම්බා හොරු, පල්හොරු දිනනවා. අපරාදේ එවිටයි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ඉහතකී කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, මිණිමරැවෝ, පාතාලයෝ, දූෂකයෝ, හිකනලුවෝ කෙසේ හෝ අරක්කු බෝතලේට, බත් පැකට් එකට, රැපියල් දාහට ඡන්දය ලබාගෙන බලයට පැමිණේ.

    ඒ කාගෙ වරදද?

    හේතුව අතලොස්සක් හෝ මේ අතර සිටින බුද්ධිමතුන්, උගතුන් හෝ ජනතා හිතවාදීන්ට නොලැබී යන්නේ ඡන්දය නොදෙන හෝ කටුගාන අයගේ ඡන්දයයි.

    ඡන්දය කටුගා හෝ නොදී බලයට පත්වූ අපතයින්ට බැන්නාට වැඩක් නැත. වගකිව යුත්තේ ඡන්දය නොදෙන අයමය.
    ඡන්දය නොදීමෙන් හෝ කටු ගෑමෙන් රටට සිදුවන්නේ මහා විපතකි. ඒ ඔබ වගකීම පැහැර හැරි නිසාම නොවේද?

    ඒ නිසා මගේ අදහස ඡන්දය නොදී අපතයින් බලයට පත්කර සිට තැවෙනවාට වඩා ඡන්දය දී තෝරාගත හැකි හොදම අය බලයට පත්කිරීමය. පක්ෂ විපක්ෂ දෙකටම මෙය අදාලය.

    මා මෙහි අදහස් කරන දේ බුද්ධිමත් සංවාදයකට මිස අවිචාරවත් කුලල්කා ගැනීමකට නොවේ.

    ඔයාගෙ අදහසට මම එකඟයි. අනිවා ඡන්දය පාවිච්චි කරන්න ඕන. නැත්නම් හොර ඡන්ද දාලා හරි ආණ්ඩුව බලය ලබාගන්නවා. ඇත්තටම අද අපේ රටේ මිනිස්සු ඉදිරි දැක්මක් ඇතුව ඡන්දයක් දෙන්නෙ නැහැ. ඒ වෙලාවෙ තියන තත්වෙ බලලා තමන්ට දෙයක් කරගන්න පුලුවන් නම් ඕන හොරෙකුට ඡන්දෙ දෙනවා. තමන්ගෙ වාසිය මිසක් අනාගතයක් ගැන හිතන්නෙ නැහැ. හොරෙක් පත් කරලා ඌ හොරාකනවා කියලා බැනලා වැඩක් නෑ. රටක පාළකයින් ලැබෙන්නෙ ජනතාවගෙ හැටියට කියලා කවුදෝ කෙනෙක් කියලා තියනවලු :dull::dull::dull:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔයාගෙ අදහසට මම එකඟයි. අනිවා ඡන්දය පාවිච්චි කරන්න ඕන. නැත්නම් හොර ඡන්ද දාලා හරි ආණ්ඩුව බලය ලබාගන්නවා. ඇත්තටම අද අපේ රටේ මිනිස්සු ඉදිරි දැක්මක් ඇතුව ඡන්දයක් දෙන්නෙ නැහැ. ඒ වෙලාවෙ තියන තත්වෙ බලලා තමන්ට දෙයක් කරගන්න පුලුවන් නම් ඕන හොරෙකුට ඡන්දෙ දෙනවා. තමන්ගෙ වාසිය මිසක් අනාගතයක් ගැන හිතන්නෙ නැහැ. හොරෙක් පත් කරලා ඌ හොරාකනවා කියලා බැනලා වැඩක් නෑ. රටක පාළකයින් ලැබෙන්නෙ ජනතාවගෙ හැටියට කියලා කවුදෝ කෙනෙක් කියලා තියනවලු :dull::dull::dull:

    ආණ්ඩුව හෝ විපක්ෂය බලය ලබා ගැනීම පිළිබද ගැටලුවක් නෑ. පක්ෂ විපක්ෂ දෙකෙන්ම නුසුදුස්සන් බලයට පත් වීමයි වැලැක්විය යුත්තේ.
    අපට කියන්න පුලුවන්ද ආණ්ඩුවේ ඉන්නෙ ඔක්කොම නුසුදුසුසන්. විපක්ෂයේ ඉන්නෙ ඔක්කොම බෝධිසත්වයෝ කියලා. බෑ නේ?
    දෙපැත්තෙම මේ කව්රුත් අඩු-වැඩි වශයෙන් ඉන්නවා.
    අපි තේරිය යුත්තේ පක්ෂ විපක්ෂ දෙකටම සුදුස්සන් නේද?
    එය සුදුස්සාට ඡන්දය දීමෙන් මිස නොදී සිටීමෙන් කල නොහැකි බවට ඔබද එකගවීම සතුටක්.
     
    Last edited: