රාවය පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ මහින්ද රත්නායකට නව රජය විසින් තානාපති ධුරයක් පිරිනමා ඇතැයි මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ මහින්ද රත්නායක නව රජය යටතේ කියුබාවේ තානාපතිවරයා ලෙස පත් කර ඇති බවය.
මහින්ද රත්නායක පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පරාජයට පත් වූ අයෙකි.
රාජතාන්ත්‍රික සේවාව සඳහා දේශපාලන හිතවතුන් ඥාතීන් ආදී පිරිස් පත් කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය දැඩි විවේචනාත්මකව කලින් අදහස් පළ කලේය.
වත්මන් රජය යටතේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයට තානාපති සේවා සංගමයද විරෝධතාව විරෝධය පළ කර තිබේ.