ඡන්දෙ දෙනකොට ඕවා අදාළ නැහැ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,767
    113
    ඡන්දෙ දෙනකොට ඕවා අදාළ නැහැ


    හැබැයි ඡන්දෙ දෙනකොට ඕවා අදාළ නැහැ හොඳේ​

    ‘රියලිටි ෂෝ හරහා ලංකාවේ ගායක ගායිකාවන් නළු නිළියන් තෝරනවා. ඒත් දේශපාලනඥයන් ඇගයීමකට ලක්වන්නේ නෑ. ඔවුන් හැමදාම බැනුම් අහනවා. අද තමයි අවුරුදු 16ක මගේ දේශපාලන ජීවිතයේ ඇගයීමකට ලක්වුණේ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
    හඳුන්නෙත්ති මහතා එසේ පැවසූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කරමින් මන්ත්‍රීන් ශ්‍රේණිගත කිරීමේ විශ්ලේෂණාත්මක දත්ත ඉදිරිපත් කරන manthri.lk වෙබ් අඩවිය 8වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ශ්‍රේණිගත කිරීම එළිදැක්වීම වෙනුවෙන් අද(21) සංවිධානය කරතිබූ සාකච්ඡා මණ්ඩපයකට එක්වෙමිනි.
    manrhri.lk වෙබ් අඩවිය පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය, විවාද සඳහා සහභාගීත්වය, ප්‍රශ්න ඇසීම, ජනතාව වෙනුවෙන් කථා කිරීම, නීති අණ පනත් සම්මත කරගැනීම සඳහා දක්වන දායකත්වය ආදී කරුණු ගණනාවක් ඔස්සේ ඇගයීමකට ලක්කරමින් මෙම ශ්‍රේණිගත කිරීම සකසා ඇත. මෙවර එම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා හිමිකරගෙන ඇත.
    සුනිල් හඳුන්නෙත්ති (ජවිපෙ), බුද්ධික පතිරණ (එජාප), රනිල් වික්‍රමසිංහ අගමැති, නලින්ද ජයතිස්ස (ජවිපෙ) යන අය පිළිවෙළින් දෙවැනි, තුන්වැනි, සිව්වැනි හා පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිති.
    කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ශ්‍රවණාගාරයේ පැවැති එම අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් වන එරාන් වික්‍රමරත්න, අජිත් පී.පෙරේරා, බන්දුල ගුණවර්ධන, බුද්ධික පතිරණ, රවුෆ් හකීම්, එම්.කේ.සුමන්තිරන්, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු දේශපාලනඥයින් සහ විවිධ සංවිධානවල නියෝජිතයන් රැසක් ද එක්ව සිටියහ.