ඡන්ද කොමසාරිස්‌තුමනි; නොබියව ඇත්ත කියනු &#3512

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ඡන්ද කොමසාරිස්‌තුමනි; නොබියව ඇත්ත කියනු &#3512


ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව විවිධ චෝදනා නැගෙමින් පවතී. ඒවා පසුගිය කාලයේදී විවිධ ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලදී. ඒ චෝදනාවලින් කිහිපයක්‌ මෙසේය

= ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පරිගණක මගින් විකෘති කර ඇති බව එ.ජා.ප. මහලේකම් තිස්‌ස අත්තනායක පැවැසීම.

= ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමේදී ඡන්ද කොමසාරිස්‌ කළ කතාව අනුව අභිරහසක්‌ සිදුව ඇති බව පෙනී යාම.

= ඡන්ද ප්‍රතිඵලය නො පිළිගන්නා බව ජනතා විමුක්‌ති පෙරමුණේ සෝමවංශ අමරසිංහ සහ අනුර කුමාර දිසානායක පැවැසීම.

ඉහත සඳහන් චෝදනා ජාත්‍යන්තරයට ගෙන යැම සඳහා ඊමේල් සහ එස්‌. එම්. එස්‌. ව්‍යාපාරයක්‌ ද දියත් කළ බව හෙළිවී තිබේ.

මේ රටට සහ ජාතියට අපහාස කිරීමට හැකි ඕනෑම අවස්‌ථාවක අඩුවක්‌ පාඩුවක්‌ නැතිව එය ඉටු කිරීමට සූදානම් කාලකන්නීහු ඕනෑ තරම් වෙති. ජනාධිපතිවරණය ආසන්නයේදී යුද්ධයේ සැබෑ ස්‌වරූපය ගැන රටට කීමට රූපවාහිනියට පැමිණි හමුදා නිලධාරීන් කිහිපදෙනා ද ගෝඨාභය රාජපක්‍ෂ ද යුද්ධාධිකරණයට දක්‌කාගෙන යැමේ උත්සාහය තවමත් අත්හැරී නැත. ජනාධිපතිවරණයේදී ජෙනරාල්ට සහය දීමට දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන් තීරණය කිරීම නිසා උතුරු නැගෙනහිර දිස්‌ත්‍රික්‌ 5 ක්‌ දිනා ගැනීමට ජෙනරාල්ට හැකි විය. ප්‍රභාකරන් මිය ගිය ද ඔහුගේ අභිප්‍රාය ඉදිරියට ගෙනයැමට දැන හෝ නොදැන ජෙනරාල් දායක විය. දැන් මේ දිස්‌ත්‍රික්‌ පහේ ඊළාම් සිතියම ගෙන රට රටවල් ගානේ යන සම්බන්ධන් ඊළමට ඇති දෙමළ ජනයාගේ ප්‍රසාදය ගැන දේශන පවත්වනවා ඇත. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට, යුරෝපා සංගමයට යන ඔහු ලංකාව දෙකට කැඩීමට උදව් නොදෙන්නේ මන්දැයි විමසනවා ඇත. අප දකින පරිදි මේ ඡන්ද ප්‍රතිඵලයේ නරකම පැත්ත මෙයයි. ජෙනරාල් සම්බන්ධන්ට කිසිවක්‌ පොරොන්දු නොවූයේ නම් ඊළාම් සිතියම තුළ ජීවත් වූ දෙමළ ජනයා කීයටවත් ජෙනරාල්ට ඡන්දය දෙන්නේ නැත.

දැන් ඡන්ද ප්‍රතිඵලය දෙසට නැවත වරක්‌ හැරෙමු. ඡන්ද ප්‍රතිඵලය විකෘති කරන ලද බවට තිස්‌ස අත්තනායක, සෝමවංශ අමරසිංහ, අනුර දිසානායක වැනි මහත්වරුන් කියන කතා ඒ තරමට ගණන් ගත යුතු නැත. එහෙත් අභිරහසක්‌ සිදුව ඇති බවට විපක්‍ෂ නායකතුමා කියන කතාව එසේ අත්හැර දැමිය යුතු නැත.

අවසන් ප්‍රතිඵලය නිකුත් වූ පසු එය පිළිගන්නා බව විපක්‍ෂ නායකතුමා ප්‍රසිද්ධියේ කීය. ප්‍රතිඵලය ගැන යමක්‌ කීමට මංගල සමරවීර මන්ත්‍රීතුමා ඉදිරිපත් නොවූයේ එතුමාගේ කම්මුල ආශ්‍රිතව කිසියම් සිද්ධියක්‌ වූ බවට පැතිර ගිය කට කතාවට අනුව විය යුතුය. එහෙත් ජාත්‍යන්තර නිරීක්‍ෂකයන් සිය ගණනකගේත් පැෆරල් සංවිධානයේත් සියලු පක්‍ෂවල නියෝජිතයන්ගේත් ඇස්‌ ඉදිරිපිට ගණන් කළ ඡන්දය එසේ වංචා කළ හැකිද? මේ ඡන්දය ගණන් කළ ආකාරය සහ ප්‍රතිඵල නිකුත් කළ ආකාරයේ ක්‍රමවත් භාවය ගැන මැතිවරණ කොමසාරිස්‌තුමා ඉතා පැහැදිලි ලෙස පෙන්වා දුන්නේ ය. එහෙත් ඡන්ද කොමසාරිස්‌තුමා ස්‌ථිර වශයෙන් ම කලකිරී සිටියේය. එයට හේතුව විශ්‍රාම යැමේ වයස ද පසුකර සිsටින එතුමා තුළ ඇති පීඩනය ය. එසේම එතුමාට දුරකථන මාර්ගයෙන් මැර තර්ජන එල්ල වී තිබිණ. ඒ මැරයන්ගේ කටවල් ආශ්‍රිතව, ජෙනරාල් ගන්නා ආකාරයේ පියවර ගත යුතුම ය. ඒ අතර මේ ඡන්දය සම්බන්ධයෙන් කිසියම් දූෂණයක්‌ සිදුවීද, ආණ්‌ඩුව ඔහු සිර කරගෙන සිටියේද යනාදිය ගැන එතුමා රටට ප්‍රකාශයක්‌ කළ යුතුම ය. නැතහොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි ගමන අවුලකට පත්වනු ඇති. ඡන්ද හාරපන් ලක්‍ෂයක්‌ නම් හොරට දැමුවා යෑයි නිකමට සැක කරමු. එහෙත් ඡන්ද දහඅට ලක්‍ෂයක්‌ හොරට දැමිය හැකිද?
(දිවයින - 2010/02/01)

ටිප්පණිය - පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ලද ජය මෙරට ජාතික බලවේග ලද ජයෙකි. ජෙනරාල් පරණ කාකි සූට් එක පොරව ගෙන සිටිය ද ඔහු දේශද්‍රෝහී රැළේ ඇමක් බව දකුණේ ජනතාව මැනවින් අවබෝධ කරගත්හ. එපමණක් ‍නොව මේ නම් ප්‍රභාකරන්ගේ අවතාරය යැයි ඔවුහු දැන ගත්හ. එහෙයින් සිය ඡන්දය නැමැති කෙවිටෙන් පහර දී ද්‍රෝහියා එළවා දැම්මේ ය. එපමණක් නො ව සිය නායක ප්‍රභාකරන්ගේ අවතාරය දැක අමන්දානන්දයට පත් වූ ජාතිවාදි දෙමළ නායකයෝ ද්‍රවිඩ ජනතාව ජෙනරාල් වෙත දැක්කූහ. රටේ ජනතාව මේ අවතාරයට දැක්වූ ප්‍රතිචාරය 27 ලැබිණි.

ඒ අනුව 27000ක් ජීවිත පුදා විනාශ කළ ඊළාම් සිතියම නැවත සලකුණු කිරීමට ද්‍රෝහී රූකඩයාට හැකි විය. මේ මහා පාපයට දායක වූ දකුණේ මිනිසුන් නැවත සිතා බැලිය යුතුය. සිය වරද අවබෝධ කරගත හැකි අවංක මිනිසුන්ට ඒ සඳහා අවස්ථාව දැන් ඇත. කෙසේ වුව ද දිවි හිමියෙන් බෙදුම්වාදයට එරෙහිව සටන් කිරීමට මෙරට සියලු දේශප්‍රේමි ජනතාව අදිටන් කරගත යුතුය.

සම්බන්ධන් හෙට අනිද්දා සිය අපේක්ෂකයාට ලද ඡන්ද 40% බෙදුම්වාදය ලද ජයකැයි කියමින් ලොව පුරා දඩාවතේ යමින් ඊළමක් ඉල්ලනු ඇත. එවිට අද පාත්තයා පසුපස දේශප්‍රේමීන් ලෙස රඟන අම්බරුවන්ගේ ප්‍රතිචාරය කුමක් වේදැයි අපි බලා සිටිමු.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මැතිවරණ කොමසාරිස්වරයා
මේ නොබියව ඇත්ත
පවසන්නේ...
:D:D:D:D:D:D

මැතිවරණ කොමසාරිස්වරයා මේ පවසන්නේ කුමක්ද? දේශීය 2010 ජනවාරි 27 වෙනි බදාදා, 19:07
dayananda_disanayaka.jpg
ශ්‍රී ලංකාවේ 6 වන ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම මේවන විට මහත් ආන්දෝලනාත්මක ලෙස අවසන්වී තිබේ. එහි අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමසාරිස්වරයා විසින් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී අද පස්වරුවේදී ප්‍රකාශයට පත් කෙරිණි. ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර කොමසාරිස්වරයා දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළ අතර එහිදී ඉතා ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් ප්‍රකාශයට පත්විණි.


පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.

17 වන ආණ්ඩු ක්‍රමව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල මත නිකුත් කළ මාධ්‍ය සදහා උපමාන කෙරෙහි රාජ්‍ය මාධ්‍ය දෙක සැලකිල්ලක් දැක්වූවේ නැහැ. පසුව මම බලධාරියෙක් පත් කළා නමුත් ඒ අනුවත් කටයුතු කළේ නැහැ. මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවී සිදුකළ සාකච්ඡාත් පළක් වුණේ නැහැ පසුව මම ඔහුව අයින් කළා.

ඇතැම් අවස්ථාවලදී නොයෙකුත් රජයේ ආයතන මැතිවරණයකදී කළයුතු නොකළයුතු දේ හදුනා නොගෙන කටයුතු කළා.

ඇතැම් අය මට චෝදනා කළා මට අයිතිව තිබෙන්නේ ඡන්ද පෙට්ටියක් රැගකන්න එකත් ඒවා ගණන් කරන එකත් විතරයි කියලා. නමුත් දැන් තිබෙන තත්වය යටතේ ඡන්ද පෙට්ටියවත් රැක ගන්න බැහැ. මේ තත්වය තුළ මම කටයුතු කළේ ඉතා අපහසුවෙන් සහ සිත් වේදනාවකින.

මම ඕනෑ කමින් ඉල්ලා සිටිනවා මේ තත්වය මට පාලනය කරගන්න බැරි තත්වයකට දැන් පත්වෙලා තියනවා. ඒ වගේම මගේ වයස ඉක්මවා මම වසර 8ක් සිට තිබෙන නිසා මාව නිදහස් කරන්න.

මේ ආතතිය තත්වයක් යටතේ මට කටයුතු කරන්න බැහැ. ඒක මට අහිතකරයි. මට කුමක් හෝ සිදු වුණාම විද දරාගන්න සිදුවන්නේ මටමයි.

ප්‍රාදේශීය නායකයන් අපිට බොහොම කරදර කළා. පුත්තලම, අනුරාධපුර, මාතලේ දිස්ත්‍රික්වල ගණන් කිරීමේ මධ්‍යස්ථානවල පවා අපට කරදරකලා. මෙය හොද ප්‍රවනතාවක් නොවෙයි. මේවා දිස්ත්‍රික් මට්ටමේ තේරීම්භාර නිලධාරීන්ට සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට පාලනය කළ නොහැකි තත්වයක් උදා වුණා. ඔවුන්ටත් අසභ්‍ය වචනයෙන් බැණ වැදිලා එලවපු අවස්ථාවන් උදා වුණා.

අප කටයුතු කරන කොට යම්යම් අය අපට චෝදනා කළා පාක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියලා ‍අපට චෝදනා නගනවා. මේ තත්වය විද දරා ගන්න මට නම් පුළුවන්කමක් නැහැ. මාගේ විද දරාගැනීමේ ශක්තිය දැන් දුර්වල වෙලා තියෙන්නේ. ඒක ප්‍රධාන කාරණයක්.

මැතිවරණ කොමසාරිස්වරයාගේ මෙම ප්‍රකාශයන් හරහා පෙනීයන්නේ ඔහු ඉතා දැඩි පීඩණයක් යටතේ තමාගේ හෘද ශාක්ෂියට එකඟ නොවන ප්‍රතිඵලයක් නිකුත් කර ඇති බව නොවේද? ඒ සම්බන්ධයෙන් අපට දැනට පැවසිය හැක්කේ සත්‍යය කිසිදා යටපත් කළ නොහැක්කක් බව පමණි.

 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

ඡන්ද හාරපන් ලක්‍ෂයක්‌ නම් හොරට දැමුවා යෑයි නිකමට සැක කරමු. එහෙත් ඡන්ද දහඅට ලක්‍ෂයක්‌ හොරට දැමිය හැකිද?
(දිවයින - 2010/02/01)




අපෝ බැහැ.
:no:
ඒත් ප්‍රතිඵල ලේඛනය අරන් 18000ට
තව බිංදුවක් දැම්මම 180000 වෙනවා.
180000ට තව බිංදුවක් දැම්මම 1800000 වෙනවා.
ඔහොම තමයි අපේ කාලෙ හොර චන්ද දාන්නෙ.


:D
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo

අපෝ බැහැ.
:no:
ඒත් ප්‍රතිඵල ලේඛනය අරන් 18000ට
තව බිංදුවක් දැම්මම 180000 වෙනවා.
180000ට තව බිංදුවක් දැම්මම 1800000 වෙනවා.
ඔහොම තමයි අපේ කාලෙ හොර චන්ද දාන්නෙ.


:D


අගට බින්දු එකතු කර කර කියන ප්‍රතිපල දෙන්න මේකත් මන්ගලයා කරපු සමීක්ෂනය වගේ එකක් කියලා උබට හිතෙනවද මැටි හරකො?? උබට සැක නම් ආයිත් ගැනල බලපන්......ජේ.වී.පී එකත් එල්.ටී.ටී.ඊ එකත් අනුගමනය කරන ක්‍රමවේදය එකමයි. තමන් ගැන තියෙනවට වඩා 100 ගුනයක් වැඩි තක්සෙරුවක් දාගෙන තමන්ම රැවටෙන ගමන් අනුනුත් රවට්ටලා සැබැ ප්‍රථිපලය ලැබුනු දාට කාටවත්ම නීතිය ඉදිරියේ ඔප්පු කරන්න බැරි හුදෙක් සටන් පාට වලටම පමනක් සීමාවෙන සිද්දියට කොහෙත්ම අදාල නැති හේතු ටිකක් හොයගෙනා පරාජයේ නිරුවත වහගන්න දගලනවා. " රා බොන්න කිතුලට නැග්ග එකටත් කියන්න දෙයක් තිබුනනේ"