ඡන්ද ප්‍රතිඵල

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
දිවයින පුරා තැපැල් ඡන්ද ප්‍රතිඵල මේ වන තෙක් නිල වශයෙන් ප්‍රකාශ කොට නැතත් ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයන් පවසන්නේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන මට්ටමෙන් ජයග්‍රහණය කොට ඇති බවයි. ඒ අනුව කෑගල්ල, මහනුවර, පුත්තලම, පොලොන්නරුව ආසන මේ වන විට මෛත්‍රීපාල මහතා ජයග්‍රහණය කොට තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ නිජබිම වන බෙලිඅත්ත ආසනයේ තැපැල් ඡන්දය කරට කර පවතී. එමෙන්ම ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල තැපැල් ඡන්දයද මේ ආකාරයෙන් කරට කර පවතී.
උතුරේ ඡන්ද ප්‍රතිඵල පිළිබඳව ලැබෙන ආරංචි අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාට වඩා වැඩි ඡන්ද දෙලක්ෂ පනස් දහසකින් පමන (2,50,000) ජයග්‍රහණය කොට ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටී.


lankanewsweb