ඡන්ද ලක්ෂ 50 මෙවර නෙමෙයි - BBS

monson

Well-known member
  • May 7, 2007
    25,598
    28,540
    113
    ඡන්ද ලක්ෂ 50 මෙවර නෙමෙයි - BBS

    ඉකුත්දා පැවැති මහා සමුළුවේදී බෞද්ධ ඡන්ද ලක්ෂ 50 ක් නිර්මාණය කරනවා යනුවෙන් සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන නොවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

    සැබෑ සිංහල බෞද්ධ රජෙකු නිර්මාණය කරගැනීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙළක එක් කොටසක් වන එම කාර්යය මාසයකින් දෙකකින් කළ නොහැකි බවද උන්වහන්සේ කියා සිටියහ.

    සුපුරුදු පරිදි මේ දිනවල ආගමික කටයුතුවල යෙදෙමින් අධිෂ්ඨාන පූජා ආදී වැඩසටහන් පවත්වමින් සිටින බවද ඥානසාර හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.


    - http://ada.lk/article/41486/ඡන්ද-ලක්ෂ-50-මෙවර-නෙමෙයි---BBS
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකුන්ට අයිත බුදු කෙනෙක් බුදුවෙක්න් බහ චන්ද 50000වථ් ගන්න :D
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10407640_721531251278303_5005360144982655139_n.jpg


    ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා බන්ධනාගාර රැදවියන් යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ අකුරැස්ස නගරයේ ඊයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැස්වීමක වේදිකා නිර්මාණය කිරීමට සහ සැරසිලි කටයුතු සඳහා මෙලෙස බන්ධනාගාර රැදවියන් යොදාගෙන ඇති බවයි.

    මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාටද ලිඛිතව දැනුම් දී ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

    මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීරගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යවර්ථ වුණා.
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අනේ හු**ගන්න කියනව ඔය නානසාරයට.:angry::angry:
    විලිලැජ්ජයි අපිත් ඕකට හොද කියුවනෙ...

    හැබැයි අපි පෙනී හිටියෙ සැබෑ ප්‍රශ්නෙකට. ඒක අදටත් එහෙමමයි...
    :yes::yes::yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,598
    28,540
    113
    බොදුබලෙන් ඥානසාර ඉවතට, ඩිලන්ත මෛත්‍රීට.

    බොදුබල සේනා සංවිධානයෙන් ඥානසාර ඉවත්කර මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට විධායක නිළධාරී ඩිලන්ත විතානගේ මේවන විට කටයුතු කරමින් සිටින බව එම සංවිධාන ආරංචි මාර්ග සඳහන් කරයි.

    කෙසේ නමුත් මේවන විට බොදු බලසේනා මහින්ද රාජපක්ෂට සහය දැක්වීමේ ප්‍රතිපත්තියකට මාරු වීම නිසා ඒ සමඟ සිටි සාමාජිකයන් හා ආධාරකරුවන් සංවිධානය අතහැර ඇති අතර බොදු බලසේනාවේ සහය ලබා ගැනීම ගැන සුළුජාතික පක්ෂ නියෝජනය කරන ආණ්ඩුවේ කොටස්කාර පක්ෂවල විරෝධයද ආණ්ඩුවට එල්ල වී ඇත.

    මේ තත්වය මත මාධ්‍ය හමුවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම නොකළ යුතු බවට ගෝඨාබය රාජපක්ෂ දැනුම් දී තිබෙන බවද එම ආරංචි මාර්ග පවසයි.

    මේ අතර ඩිලන්ත විතානගේ මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය දැක්වීම සඳහා විපක්ෂයේ ප්‍රධානියකු සමඟ සාකච්ඡා පවත්වා ඇතැයිද වාර්තාවේ. ඔහුගේ සැලසුම වී ඇත්තේ මේ වන විට දැඩි ලෙස ජනතා අප්‍රසාදයට පත්ව සිටින ඥානසාර එම සංවිධානයෙන් ඉවත් කර තබා පොදු අපේක්ෂකයාට සහය දැක්වීමය. මෙය මහින්ද රාජපක්ෂට සුළුජන ඡන්ද ආකර්ෂණය කර ගැනීමට කරනු ලබන කුමන්ත්‍රණකාරී පියවරක් විය හැකි බව එම සංවිධාන ආරංචි මාර්ග පවසයි.


    - theindependent.lk

    ගෝඨා බොදු බලේ කට වසයි

    නැගෙනහිර පළාත ඇතුළු මුස්ලිම් ජනතාවගේ ඡන්ද මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාගැනීමේ අරමුණින් බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානීන්ට මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ගෝඨාභය රාජපක්ෂගෙන් නියෝග ලැබී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

    මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමත් සමග කලබල වූ බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කර සිටියේ තම සංවිධානයේ උපරිම සහයෝගය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට කටයුතු කරන බවය. එම ප්‍රකාශයත් සමග ආණ්ඩුවේ මුස්ලිම් නියෝජිතයින්ට ආණ්ඩුවෙන් ඉවත්ව පෙදු අපේක්ෂකයාට සහයෝගය ලබාදෙන ලෙස මුස්ලිම් ජනතාවගෙන් බලපෑම් එල්ල විය.

    ඡන්ද ව්‍යාපාරයේදී බරපතල පසුබෑමකට ලක්ව සිටින මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට තමන් වෙත ලබා ගතහැකි ඉතා සුළු ඡන්ද ප්‍රමාණයන් කෙරෙහි පවා දැඩි අවධානයක් යොමු කරමින් සිටී. බොදු බල සේනා සංවිධානය සමුළුවක් පවත්වමින් බෞද්ධ ඡන්ද ලක්ෂ පනහක් නිර්මාණය කරන බවට ප්‍රකාශ කර තිබුණද දැන් එම සංවිධානය උපක්‍රම ශීලීව ඈත් කර තැබීමට ක්‍රියා කරමින් සිටී.

    සුපුරුදු පරිදි මේ දිනවල ආගමික කටයුතුවල යෙදෙමින් අධිෂ්ඨාන පූජා ආදී වැඩසටහන් පවත්වමින් සිටින බවද ඥානසාර හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.


    - lankatruth.com