ඡායාරූපවලින් කියවෙන ඉතිහාසය -2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඡායාරූපවලින් කියවෙන ඉතිහාසය -2

    ලයිකා යනු අභ්‍යාවකාශයට ගිය පළමු සත්වයාය.එසේම පෘථිවි කක්ෂයට ගිය පළමු සත්වයාද මෙම බැල්ලයි.1954 උපන් ලයිකා 1957 නොවැම්බර් මස 3 දා සෝවියට් දේශයේ ස්පුට්නික් 2 යානයෙන් උඩුගුවනට යැවීය.නමුත් ඇය නැවත පෘථිවියට එන්නට තරම් වාසනාවන්ත නොවීය.

    6fTvGOF.jpg




    මැඩම් ටූසාඩ් කෞතුකාගාරයේ ඇතිවූ ගින්නෙන් හානි වූ එහි ඉටි ප්‍රතිමා.එය 1925 දී ගින්නකට මැදිවූ අතර 1932 වසරේදී භූමිකම්පාවකට මුහුණ දුනි.1941 වසරේ ලන්ඩනයට නාසි හමුදා බෝම්බ දැමීමෙන්ද එයට හානි සිදුවිය.

    Aya073P.jpg





    1938 වසරේ ජර්මනිය සිදුකල ඕස්ට්‍රියා ආක්‍රමණය සාර්ථක වූ බව නිවේදනය කිරිමෙන් පසු මන්දිරයේ ජර්මානුවන් ජයඝෝෂා කිරීම

    uhFTPeR.jpg





    ප්‍රති-මැලේරියා ඔසුව ලබා නොගත් පැපුවා නිව්ගිනියා ජාතිකයන් දැනුවත් කිරීමට දෙවන ලෝක යුද සමයේ පළ කල දැන්වීමක්.

    FEHln1i.jpg





    1919 දී ජර්මන් සෙබලුන් විසින් මියුනිච් නගරයේදී කොමියුනිට්වාදියෙක් ඝාතනය කරන අයුරු

    7V8VEAn.jpg





    මහල් නිවාස සංකීර්ණ තුල වෙසෙන බිළිදුන්ට ප්‍රමාණවත් වාතාශ්‍රය සහ හිරු එළිය ලබා දෙනු පිණිස ගොඩනැගිල්ලෙන් පිටතට වන්නට සවිකල කුඩුවක කුඩා දරුවෙක් දමා සිටින අයුරු.ක්‍රි.ව.1937

    aoNhNJt.jpg




    ආනෝල්ඩ් ස්වර්සනේගර් මහලු කාන්තාවන් දෙදෙනෙක් තම මස්පිඩු පෙන්නා පුදුම කරවන අයුරු.වයස අවුරුදු 20 දී මිස්ටර් යුනිවර්ස් ලෙස කිරුළු පළන් ඔහු මිස්ටර් ඔලිම්පියා තරඟාවලිය 7 වරක් ජයග්‍රහණය කලේය.

    2kIFOc1.jpg





    කිලෝ මීටර් 75ක් දුරින් සිදුකල න්‍යෂ්ථික අවි අත්හදා බැලීම ලාස් වේගාස් නගරයේ සිට නිරික්ෂණය කරන මවක් සහ ඇගේ දරුවා.

    M8HsqtA.jpg





    විලියම් හාර්ලි සහ ආතර් ඩේවිඩ්සන් 1914 වසරේදී.ඔවුන් හාර්ලි ඩේවිසන් මෝටර් සයිකල් නිෂ්පාදන සමාගමේ නිර්මාර්තෘවරුන්ය.

    vRXDNIC.jpg





    Punt Gun යනු තාරාවුන් දඬයම් කිරීමට යොදාගත් අතිවිශාල ෂොට්ගන් එකකි.මෙය 19 වන සියවසේ සහ 20 වන සියවසේ මුල් කාලයේදී භාවිතා කර තිබේ.

    ySEKilr.jpg




    දෙවන ලෝක යුද්ධයේදී PTSD (Posttraumatic stress disorder)නම් තත්ත්වයට මුහුණ දුන් සෙබලෙක්.සංග්‍රාම භූමියේදී එල්ලවූ ෂෙල් වෙඩි ප්‍රහාරවලට ආසන්නව මුහුණ දුන් සෙබලුන් PTSD තත්ත්වයට පත්විය.

    a3vMFxV.jpg





    ස්වීඩනයේ ස්ටොක් හොල්ම් නගරයේ පැරණි දුරකතන කුළුන ක්‍රි.ව.1890 වසරේ දිස්වූ අයුරු.එම කුළුනට දුරකතන රැහැන් 5000ක් පමණ සම්බන්ධ කර තිබුණි.

    VDq4BW9.jpg




    මුල් කාලයේ ලබාගත් ඡායාරූපයක්​

    rSbIjDq.jpg




    තුර්කි නිලධාරියෙක් පාන් කැබැල්ලක් පෙන්වමින් හාමතේ සිටින අර්මේනියානු ළමුන් පිරිසක් සරදමට ලක් කරන අයුරු.තුර්කිය(එදා ඔටෝමන් අධිරාජ්‍යය ) 1915 වසරේදී එහි සුළු ජාතියක් වූ අර්මේනියානුවන් 800,000-1,500,000ත් අතර පිරිසක් සමූල ඝාතනය කරන ලදි.

    1iktrr1.jpg





    ජර්මනියේ යූ බෝට් -110 සබ්මැරීනයක් ඇතුලත,ක්‍රි.ව. 1918

    0Piyrey.jpg





    ඇල්බට් අයින්ස්ටයින් මිය ගොස් දිනකට පසු ලබා ගත් ඔහුගේ මේසයේ ඡායාරූපයක්.1955 අප්‍රේල් මස 18 වෙනිදා එක්සත් ජනපදයේ නිව් ජර්සි නගරයේදී ඔහු මිය යන විට 76 වන වියේ පසුවිය.

    pamIzf6.jpg




    පෝලන්ත ජාතික සැමුවෙල් රෙශෙව්ස්කි 1920 දී(වයස අවු.8දී) චෙස් සූරයන් කිහිපදෙනෙක් පරාජය කරන අයුරු.පසුකාලයේ ඇමෙරිකාවට පදිංචියට ගිය සැමුවෙල් 8 වරක් එක්සත් ජනපද චෙස් සූරතාවයට හිමිකම් කීවේය.

    Mnugl0s.jpg




    දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිවූ නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය යා කල මුරපොලක් වූ චාර්ලි හි දෙපස එක්සත් ජනපද සහ සෝවියට් යුද ටැංකි මුහුණට මුහුණලා තිබෙන අයුරු.මෙය සිදුවූයේ 1961 වසරේදීය.

    lApMOG3.jpg




    බෝම්බ දැමිමෙන් විනාශ වූ ලන්ඩනයේ තම නිවසේ නටඹුන් මත බෝනික්කෙක් සමග වාඩිවී සිටින දැරියක්.1940 සැප්තැම්බර් මස 7 වෙනිදා නාසීන් විසින් බ්‍රිතාන්‍යයට බෝම්බ හෙළීම ආරම්භ කරන ලදි.එහිදී ලන්ඩන්,බර්මින්හැම්,ලිවර්පූල්,සව්තම්ටන් ආදී නගර රැසකට ජර්මනියෙන් ප්‍රහාර එල්ල විය.ප්‍රහර සඳහා සහභාගී වූයේ ජර්මන් ගුවන් හමුදාවයි.ඔවුන්ගේ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 40,000කට වඩා මියගියහ.බ්‍රිතාන්‍යය ප්‍රති ප්‍රහාරවලින් ජර්මන් ගුවන් යානා 2000කට වඩා විනාශ විය.බෝම්බ දැමීම 1941 මැය 21 තෙක් පැවතිණි.

    RUJtIin.jpg





    ඇඩොල්ෆ් හිටලර්ගේ අවසන් ඡායාරූපය.1945 අප්‍රේල් මස 30දා

    Kd2jPts.jpg




    වින්නිට්සා හි අවසන් යුදෙව්වා.1941 වසරේදී ජර්මන් නාසි හමුදා යුක්‍රේනයේ වින්නිට්සා හි යුදෙව්වන් 28,000ක් පමණ වටලා ඝාතනය කරන ලදි.​

    4hUKz8T.jpg





    ගෑස් මුහුණු දමාගෙන සිටින ළමුන් පිරිසක්,ක්‍රි.ව.1939

    RCG3gMd.jpg





    නාන ඇඳුම්වල දිග මැනීම - 1920 දශකයේදී එක්සත් ජනපද රජයේ නිර්දේශයන්ට පිටින් එනම් කොට නාන ඇඳුම් ඇන්ද කාන්තාවන්ට දඬ මුදලක් ගෙවීමට සිදුවිය.ක්‍රි.ව.1922

    Docd20G.jpg





    හින්ඩන්බර්ග් අනතුර - 1937 මැයි 6 වෙනිදා නම් ගුවන් නැව ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි දී ගිනිගෙන කඩා වැටීමෙන් 36 දෙනෙක් මරණයට පත්විය.

    6ygeRVg.jpg





    බ්‍රිතාන්‍යය නාවිකයෙක් නීග්‍රෝ වහලෙකුගේ පාදයේ යදම් ඉවත් කරන අයුරු

    j8ocYqa.jpg




    Source:Reckontalk.com

    -HarshaLulzSec-