ජංගම දුරකතන ගාස්තු පහළට
ජංගම දුරකතන අවම ගාස්තුව තවදුරටත් පහළ දැමීම සඳහා දුරකතන සමාගම්වලට අවසර ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇති බව එහි අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි. ඒ අනුව දැනට ජංගම දුරකතන සදහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නියම කරන ලද අවම ගාස්තුව වන රුපියල් දෙක ලබන මාසයේ සිට විනාඩියකට රුපියල් 1.50 දක්වා පහළ දැමීමට සමාගම්වලට අවසර ලැබේ.
ස්ථාවර දුරකතනවලට සාපේක්ෂව ජංගම දුරකතන සබඳතාවේ විශාල වර්ධනයක් පෙන්නුම් කරන බවත් දැනට මෙරට භාවිත කරන දුරකතන ප්‍රමාණය මිලියන 20කට ආසන්න බවත් ඉන් මිලියන 17කට ආසන්න සංඛ්‍යාවක් ජංගම දුරකතන බවත් පැල්පිට මහතා වැඩිදුරටත් පවසයි.