ජංගම දුරකථන වලට සිංහල යුනිකොඩ් දමන අයුරු......

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ජංගම දුරකථන වලට සිංහල යුනිකොඩ් දමන අයුරු......

    ජංගම දුරකථන වලට සිංහල යුනිකොඩ් දමන අයුරු උගනිමු



    ලොකු ගැටලුවක් තමා අපේ ජංගම දුරකතනය තුලින් සිංහල යුනිකෙත සහිත වෙබ් පිටු නැරඹීම. ඒ සදහා වැදගත් ලිපියක් මට ලැබුන අතර එය ඔබත් සමගින් මෙසේ බෙදාගනිමි..


    Nokia 5800 ෆෝන් එක සදහා (එම ලිපියේ හිමිකරුගේ ෆෝන් මාදිලිය නිසා වෙනම දක්වා ඇත)




    අපි බලමු පියවරෙන් පියවර එය සිදු කරන ආකාරය.
    1) පළමුව අප සුදුසු සිංහල යුනිකෙත සහිත ෆොන්ටයක් තෝරා ගත යුතුය. ඒ සදහා මම iskpota.ttf යන ෆොන්ටය තෝරා ගනිමි.එය ඉංග්‍රිසි සදහාද සහය දක්වයි.එසේ නොමැතිනම් ඉංග්‍රිසි අකුරු නොපෙනී යනු ඇත.ඔබට පහත යොමුවෙන් iskpota.ttf ෆොන්ටය බාගත කර ගත හැක
    iskpota.ttf ෆොන්ටය මෙතනින් බාගත කර ගන්න
    දෙවන පියවරට යෑමට පෙර කිව යුතු දෙයක් ඇත.ඔබගේ දුරකථය සදහා බාහිර මතක චිපයක් පවතීනම් පමනක් ෆොන්ටය ස්ථාපය කිරීම සිදු කරන්න.එසේ නොමැතිව අභ්‍යන්තර මතකය තුලට උවද ස්ථාපනය සිදු කල හැක, නමුත් ඔබ අභ්‍යන්තර මතකය තුලට ස්ථාපනය සිදු කර යම් හෙයකින් ඔබට පෙර පැවති ෆොන්ටය ලබා ගැනීමට සිදු උවහොත් ඔබට මතක චිපය පූර්ණ ලෙස ෆොර්මැට් කිරීමට සිදුවේවි.එබැවින් බාහිර මතකයට ස්ථාපනය සුදුසු වෙයි.
    2) ෆොන්ටය ලබා ගැනීමෙන් පසුව දුරකතනය පරිඝනකය හා සම්බන්ද කරන්න.එවිට දුරකතනයේ පෙන්වන Connect As mass storage යන විකල්පය තෝරා ගන්න.
    3) ඉන් පසු බාහිර මතක චිපය තුල resource නමින් ෆොල්ඩරයක් සාදන්න. පසුව එම ෆෝඩරය තුල Fonts නමින් ද තව ෆෝල්ඩරයක් සාදන්න. දැන් ඔබට ෆොල්ඩරයත් එතුල ෆොල්ඩරයත් ලැබී ඇත.
    4) බාගත කර ගත් ෆොන්ටයේ පිටපත් 4ක් ලබා ගන්න.එම පිට පත් පහත පරිදි නිවැරදිව ප්‍රති-නාමකරනය කර ගන්න.
    s60snr.ttf
    s60ssb.ttf
    s60tsb.ttf
    S60ZDIGI.ttf

    ඔබට ෆොන්ටයේ ඉහත නම් වලින් පිටපත් සතරක් දැන් ඇත. එම පිටපත් සියල්ලම සාදා ගත් Fonts ෆොල්ඩරය තුලට පිටපත් කරන්න. සියල්ල අවසන දුරකතනය ප්‍රති පණ ගන්වන්න.



    ෆොන්ටය දැමීමෙන් පසුව ඔහුගේ ෆෝන් එකේ මෙසේ සිOහල අකුරු පෙනී ඇත..

    UIQ3 දුරකථන සදහා පහත පරිදි ෆොන්ටය ප්‍රති-නාමකරනය කරන්න

    Sans-Serif_Latin-Regular.ttf
    Sans-Serif_Latin-Bold.ttf
    Sans-Serif_Latin-Italic.ttf
    Sans-Serif_Latin-BoldItalic.ttf

    N73 දුරකථන සදහා පහත පරිදි ෆොන්ටය ප්‍රති-නාමකරනය කරන්න

    NOSNR60.ttf
    NSSB60.ttf
    NSTSB60.ttf

    N75 දුරකථන සදහා පහත පරිදි ෆොන්ටය ප්‍රති-නාමකරනය කරන්න

    nohindisnr60.ttf
    nohinditsb60.ttf
    nohindissb60.ttf
    S60ZDIGI.TTF

    Nokia E63 දුරකථන සදහා පහත පරිදි ෆොන්ටය ප්‍රති-නාමකරනය කරන්න

    nohindisnr60.ttf
    nohindissb60.ttf
    nohinditsb60.ttf
    s60ZDIGI.ttf

    නොකියා N900 සදහා මෙය පහත පරිදි කල හැක.

    නොකියා N900 ලිනක්ස් පාදක කොට ගත් මීමො නම් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වෙයි. පහත පියවරින් ඔබට iskpota.ttf ෆොන්ටය ඇතුල් කර ගත හැකිය.
    1) ප්‍රධාන ෆොල්ඩරය තුල ඔබට .fonts කිය ෆොල්ඩරයක් සාදා ගත යුතුය. එයට iskpota.ttf ෆොන්ටය පිටපත් කල හැක.
    ඒ සදහා පහත ලිනක්ස් කේත අනුගමනය කරන්න. (සෑදු ෆොල්ඩරයේ නම “IskolePotha” ලෙස ගනිමු )
    mkdir ~/.fonts
    2) එම ෆොල්ඩරයට ෆොන්ටය පිටපත් කරන්න.
    3) ටර්මිනලය විවෘත කරන්න. (Ctrl+Shift+X )
    4) පහත කේතය යතුරු ලියනය කරන්න
    mv ~/IskolePotha/iskpota.ttf ~/.fonts/
    5) ප්‍රති පන ගන්වන්න.
    ඇපල් මාදිලියේ දුරකථන සදහා

    අපි බලමු ඇපල් මාදිලියේ දුරකථන සදහා යුනිකෙත දමන අයුරු.නමුත් කිව යුතුයි මෙය කිරීම මගින් සමාගම හා ඇති බැදීම නැතිවෙවි.ඒ පිලිබද දෙවරක් සිතන්න.මෙයටද ෆොන්ටය ලෙස iskpota.ttf ගත යුතුය
    මෙයට අමතරව ඔබට WinSCP යන මෘදුකාංගය අවශ්‍ය වේ. (ඇපල් පරිඝනක සදහා FUGU භාවිත කල හැක)
    එම යෙදව්ම් මෙතනින් ලබා ගන්න
    WinSCP > මෙතනින් ලබා ගන්න
    FUGU > මෙතනින් ලබා ගන්න
    එසෙම දුරකතන්යේ Cydia පැකෙජය හා එයට Erica යුටිලිටිය ස්තාපනය කර තිබ්ය යුතුය.
    එම යෙදව්ම් නොමැතිනම් මෙතනින් ලබා ගන්.
    Cydia > මෙතනින් ලබා ගන්න
    Erica > මෙතනින් ලබා ගන්න
    1)පළමුව WinSCP ( Fugu ) මගින් දුරකතනය Wi-Fi හරහා සම්බන්ද කරන්න.
    2) iskpota.ttf ෆොන්ටය/System/Library/Fonts/Cache/ ට පිටපත් කරන්න. මෙහිදී නිවැරදි ගොනුව තෝරා ගැනීමට සැලකිලි මත් වන්න.
    3) “SSH” හෝ “Mobile Terminal” ය තුල පහත විධානය දුවවන්න.
    (SSH හා Mobile Terminal gගැන දැන ගැනීමට එම වචන මත ටික්ගැම (click) කරන්න )
    plutil -c xml1 /System/Library/Fonts/CGFontCache.plist
    4) ඔබට “vi” විධානය හෝ WinSCP (File > Edit or F4) යන මග , “CGFontCache.plist” සංස්කරනය සදහා භාවිත කල හැක.
    vi /System/Library/Fonts/CGFontCache.plist
    5) යාවත්කාලීන කිරීම සදහා පහත ක්‍රම දෙකෙන් එකක් තෝරා ගත හැක.
    පළමු ක්‍රමය : නමින්
    <key> Iskoolapota</key>
    <string>/System/Library/Fonts/Cache/ iskpota.ttf</string>
    දෙවන ක්‍රමය : TraitMappings ක්‍රමයෙන්
    <key>Iskoolapota</key>
    <dict>
    <key>Plain</key>
    <string>iskpota.ttf </string>
    <key>Bold</key>
    <string>iskpota.ttf </string>
    <key>Italic</key>
    <string>iskpota.ttf </string>
    <key>Bold-Italic</key>
    <string>iskpota.ttf </string>
    </dict>
    6) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න.

    යන්න DroidSansFallback.ttf ලෙසට ප්‍රති නම් කර ගන්න
    Android මාදිලියේ දුරකථන සදහා

    1 ) ඉස්කොලේ පොත ෆොන්ට බාගත කර ගන්න
    2 ) එය ඔබේ මතක පතට දමන්න
    3) iskpota.ttf යන්න DroidSansFallback.ttf ලෙසට ප්‍රති නම් කර ගන්න
    4 ) පසුව ටර්මිනලය විවෘත කර ගන්න. එහි පහ කෙතය නිවැරදිව යතුරු ලියනය කරන්න
    su (superuser තිරය ලැබෙන තෙක් රැදී සිටින්න. පසුව yes යන්න තොරා ගන්න )
    mount -o rw,remount -t yaffs2 /dev/block/mtdblock3 /system
    chmod 4755 /system/fonts/DroidSansFallback.ttf
    dd if=/sdcard/DroidSansFallback.ttf of=/system/fonts/DroidSansFallback.ttf

    5) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න.


    Windows Mobile මෙහෙයුම් පද්ධතිය සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.

    1) ෆොන්ටය windows\fonts වෙත පිටපත් කරන්න.
    2) පහත යොමුවෙන් PHM Registry Editorයන ටූලය බාගත කර ගන්න
    http://www.freewareppc.com/utilities/phmregistryeditor.shtml

    3) ලැබෙන “cab” ගොනුව දුරකථනයත පිටපත් කර එය ස්ථාපනය කරන්න
    4) PHM registry editor ටූලය ධාවනය කරන්න. පසුව පහත පියවර ප්‍රවේසමින් අනුගමනය කරන්න
    (i) HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\ වෙත යන්න
    (ii) Microsoft යන්න තෝරා edit > New Key යන්න තෝරා ගන්න.
    (iii) පසුව FontLink යන අලුත් යතුර එකතු කරන්න.
    (iv) එයට පසුව “SystemLink” යන අලුත් යතුර ද එකතු කරන්න.
    සියල්ල අවසන පහත පරිදි විය යුතුය
    HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\FontLink\SystemLink
    (v) “SystemLink” යන යතුරට පහත”string” අකාරයේ අගයන් ආදේශ කරන්න.
    Value name – Tahoma
    Value data – \Windows\Fonts\iskpota.ttf,Iskpota Unicode
    (vi) HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\ වෙත යන්න
    (vii) Microsoft මත “FontPath” නමින් අලුත් යතුර එකතු කරන්න.
    (viii) “FontPath” යන යතුරට පහත “string” අකාරයේ අගයන් ආදේශ කරන්න.
    Value name – FontPath
    Value data – \Windows\Fonts
    4) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න.

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සෝනි එරික්සන් වර්ගයේ දුරකථන සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න

    K550, K610, K618, K770, K790, K800, K810
    S500
    V630
    W580, W610, W660, W710, W830, W830, W850, W880, W888
    Z610, Z710
    මේ සදහාද මා iskpota.ttf ෆොන්ටයම භාවිතා කරමි.
    1) පලමු ඔබ හට ඔබගේ දුරක්ථනයේ මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන ගොනු ලැයිස්තුවට සම්බන්ධ වීමට යුටිලිටියක් භාවිතා කල යුතුය. එසදහා පහසුම යුටිලිටිය “XS++” වේ.
    XS++ මෙතනින් බා ගන්න
    2) ඔබගේ පරිඝනකයේ ෆොන්ටයේ iskpota.ttf පිටපත් දෙකක් ලබා ගෙන, එය පහත පරිදි නිවැරදිව ප්‍රතිනම් කර ගන්න.
    Sans-Serif_Europe_Reg.ttf
    Sans-Serif_Europe_Bd.ttf

    පසුව note පැඩය විවෘත කොට පහත කේතය එහි අලවා, File > Save As යන විධානය තොරා ගන්න. පසුව එය FONTS.xml ලෙස සුරකින්න. මතක තබා ගන්න. එම ගොනුවේ පසු ඇදුතුව .xml බව.
    xml කේතය:
    <xml>
    <engine cache_size="131072" default="yes">
    <font style="sans-serif" weight="normal">/tpa/preset/system/fonts/Sans-Serif_Europe_Reg.ttf</font>
    </engine>
    <engine cache_size="262144" default="no">
    <font style="sans-serif" weight="bold" >/tpa/preset/system/fonts/Sans-Serif_Europe_Bd.ttf</font>
    <font style="sans-serif" weight="italic" s01="20" >/tpa/preset/system/fonts/Sans-Serif_Europe_Reg.ttf</font>
    <font style="sans-serif" weight="bold-italic" s01="20" >/tpa/preset/system/fonts/Sans-Serif_Europe_Bd.ttf</font>
    </engine>
    </xml>
    3) දුරකතය නිවා දමන්න. දත්ත වයරයෙන් පරිඝනකය හා දුරකථනය සමබන්ද කරන්න
    4) XS++ යෙදව්ම ධාවනය කරන්න
    5) පසුව දුරකථනයේ “C” බොත්තම “ඔබාගෙන සිටිමින් “, හි XS++connect” විධානය ලබා දෙන්න.දුරකතනය සාර්ථක ලෙස සම්බන්ද වූවායැයි ලෙස XS++ පනිවිඩය දිස්වනතුරු “C” බොත්තම මුදා නොහරින්න.
    6) සාර්ථක ලෙස සම්බන්ද වූ පසු “Configeration” සමුහයේ ඇති “FSX” යන්න තෝරා ගන්න.
    7) පසුව “Start FSX” යන්න තෝරා ගන්න
    8 ) සියල්ල සාර්තකව සිදු වුනි නම් XS++ දකුනුපස කව්ලුවේ, “Filesystem Explorer” යන්න ලැබෙනු ඇත
    9) “tpa“යන්න තෝර ගන්න.පසුව “preset/system/fonts” යන්න තෝර ගන්න.
    අවසන ඔබේ මාර්ගය පහත පරිදි විය යුතුයි
    tpa/preset/system/fonts
    10)පසුව පෙර ප්‍රතිනම් කර ගත් ෆොන්ට දෙක හා FONT.xml ගොනුව. උපයත කරන්න. ඒ සදහා අදාල ගොනුව තෝරා “upload” විධානය යොදා ගත හැක
    11) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න.
    Samsung දුරකථනසදහා පහත ක්‍රමය අනුගමනය කරන්න

    Samsung Galaxy S i9000
    ඉහත දුරකතනයේ Android නම් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වෙයි.
    1) පලමුව ඔබ නම් ආකාරය su+Superuser ලබා ගත යුතුය ඒ සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න<
    පලමු ආකාරය

    (i) update.zip මෙතනින් ගොනුව භාගත කර ගන්න
    (ii) ලැබෙන update.zip ගොනුව බාහිර මතක පතට (sd card) දමන්න
    (iii) ටර්මිනලය තුල පහත කේතය ඇතුලත් කරන්න
    adb reboot recovery
    නොමැති නම්

    (i) දුරකථනය නිමා ” volume_up+home+power_on ” යන යතුරු සම්බන්ධය ඔබා ගනිමින්, Recovery මෙනුවට යන්න.
    (ii) vol_down + home මගින් ‘apply sdcard:update.zip‘ යන්න තෝරා ගන්න.
    (iii) දුරකථනය ප්‍රතිපණ ගැන්වේවි
    දෙවන ආකාරය

    (i) Superuser_v1_CSC.7z යෙදවුම මෙතනින් ගොනුව භාගත කර ගන්න
    (ii) ලැබෙන zip ගොනුව විහිදුවා ගන්න ගොනුව
    (iii) Odin3 යෙදවුම මෙතනින් භාගත කර ගන්න
    (vi) Odin3 මගින් CSC ගොනුව විහිදුවා ගන්න
    (v1i) සියල්ල බාහිර මතක පතට (sd card) දමන්න
    (viii)ටර්මිනලය තුල පහත කේතය ඇතුලත් කරන්න
    su
    busybox --install -s /system/xbin
    Odin3 නොදන්නේ නම් පලමු ක්‍රමය අනුගමනය කරන්න

    පසුව ඔබට

    a. su+Superuser
    b. busybox (/system/xbin/busybox)
    ලැබේවි
    busybox සදහා මෙතනට යන්න
    2) දැන් බාහිර මතක පතේ “ Fonts ” නමි ෆෝඩරයක සාදන්න.
    3) ‘iskpota.ttf‘ ෆොන්ට යේ පිටපත් දෙකක් ගෙන පිටපත් දෙක පහත පරිදි ප්‍රතිනම් කර ගන්න<
    DroidSans.ttf
    DroidSans-Bold.ttf
    4) සාදා ගත් Fontsෆෝඩරයට ප්‍රතිනම් කරගත් ෆොන්ට පිටපත් කරන්න.<
    5) Gscript යෙදවුම මෙතනින් භාගත කර ගන්න
    6) Gscript යෙදවුම විවෘත කොට අවසරය ලැබෙන තෙක් සිට Menu –> Add script –> Load file යන්න තෝරා ගන්න.එවිට gscript නමින් ෆොල්ඩරයක් සැදෙනු ඇත.එසේම නමින් ගොනුවක් ද සැදෙනු ඇත.එය බාගත කර ගන්න.එතුල ගොනු තුනක් තිබෙනු ඇත
    7) /system/fonts තුල ඇති සියලු ගොනුවල උපස්ත ලබා ගන්න.එය බාහිර මතක පතේ සාදන ලද ‘ Font ‘ ෆෝල්ඩරයටම ලබා ගන්න.උපස්ත සදහා ඔබට ‘ bak ‘ නමින් අලුත් ෆොල්ඩරයක් සාදා ගත හැක.
    8 ) බාහිර මතක පතේ හි gscript ෆොල්ඩරයට බා ගත් ගොනු තුන ඇතුල් කරන්න.

    9) Gscript යෙදවුම විවෘත කොට Menu –> Add script –> Load file යන්න තෝරා ගන්න.
    10) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න.








    සැලකිය යුතුයි: මෙහි සැබෑ ගෞරවය මේ බ්ලොග් එකේ හිමිකරුට හිමිවිය යුතු අතර, මෙය වැදගත් නිසා එය නැවත අපගේ එලකිරියන්ස්ලා සමග බෙදා ගැනීම පිණිස පෝස්ට් එකක් ලෙස දැමුවෙමි.. තවද මේ සම්බන්ධ කිසිදු තාක්ෂනික දැනුමක් පැන්තරයා සතුව නොමැති බවද සලකන්න..