ජංගම දුරකථන සහ ටැබ් තැපෑ‍ලේදී කොන්ක්‍රීට

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
ජංගම දුරකථන සහ ටැබ් තැපෑ‍ලේදී කොන්ක්‍රීට

ඩුබායි සිට මෙරටට එවන ලද විදේශ ගමන් මලු තුනක තිබූ ජංගම දුරකථන 173ක් සහ ටැබ් යන්ත්‍ර 4ක් මාරු කර, එම පාර්සල්වලට පත්තර සහ කොන්ක්‍රීට් පතුරු දැමූ තැපැල් ස්ථානාධිපතිවරයෙකු ඇතුළු අට දෙනෙකු කොටුව ‍පොලීසිය විසින් පෙරේදා (30) අත්අඩංගුවට ගෙන තිබේ. කොටුව මධ්‍යම තැපැල් හුවමාරු ඒකකයේ පාර්සල් තුනක තිබූ භාණ්ඩ මෙලෙස සොරාගෙන ඇත. අයිතිකරුවන් විසින් ගෙන නොයන පාර්සල් තුනක් සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත, මධ්‍යම තැපැල් හුවමාරු ඒකකයේ විදේශ තැපැල් අධිකාරී ජේ. එච්. එම්. සමරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කොටුව ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම තොරතුරු අනාවරණය කර ගෙන ඇත.
සැකකරුවන් විසින් රුපියල් එක් ලක්ෂ දහදාහක මුදලක් ලබාගෙන, මෙම ද්‍රව්‍ය මාරු කර වෙනත් ද්‍රව්‍ය ඊට ඇතුළත් කර ඇති බව, ‍පොලීසිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර තැපැල් ස්ථානාධිපතිවරයාට අමතරව මධ්‍යම තැපැල් හුවමාරුවේ පාර්සල් අංශයේ ස්ථානාධිපතිවරයෙකු, කාර්යාල කාර්ය සහයකයෙකු, ආදේශ කම්කරුවෙකු, සහ තවත් පුද්ගලයන් හතර දෙනෙක් වන බව ‍පොලීසිය පවසයි.
සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. කොටුව ‍පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
සීන් එක ඇත්ත නම් ජොබ් එකට අබ සරනයි,දැන් කුරු ගනන් කර කර ඉන්න පුලුවන්.
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    avatar43749_104.gif
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    තවත් පුද්ගලයක් 4 දෙනා අතර රෙගු නිලදාරීන් එක්කෙනෙක්වත් හිටියේ නැද්ද දැන් නැ :confused:
     

    Similar threads