ජනතාව ඉල්ලන එකම නායකයා
මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා වශයෙන් තෝරා ගැනීමට වසරකට දෙකකට පමණ පෙර සිටම මහින්ද විරෝධී රැල්ලක් මෙරට නිර්මාණය කර තිබිනි. මහින්දට විරුද්ධ වන අපේක්‍ෂකයා කවුරුන්දැයි නොදැන වුවද ඒ ප්‍රචාරක රැල්ල මඟින් සමාජයේ සැලකිය යුතු පිරිසක් මහින්දට විරුද්ධව ඡන්දය දීම සඳහා පෙල ගස්සවා තිබිනි. පොදු අපේක්‍ෂකයා මෛත්‍රීපාල සිරිසේන ලෙස ජනතාව හඳුනාගත්තේ පසුගිය නොවැම්බර් මස විසි එක් වෙනිදාය එනම් ඡන්දයට මාස එක හමාරකට පමණ පෙරය. නමුත් ඔහුට ඡන්දය දුන් අයවත් නොවැම්බර් මස විසි එක් වෙනිදාට පෙර දිනකදී මෛත්‍රීපාල සිරිසේන ඉල්ලමින් සිටියේ නැත. මෛත්‍රීපාල සිරිසේන ජනතාව ඉල්ලු නායකයෙක් නොව අවසන් මොහොතේ ජනතාගේ ඇඟේ ගැසූ ඡන්ද අපේක්‍ෂකයෙකි. නමුත් මහින්ද විරෝධී රැල්ල නිර්මානය කල බෙදුම්වාදීන් ජනවාරි 8 දා කෙරුනැයි සැලකෙන විප්ලවයක නායකයා ලෙස හඳුන්වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එසේ සැලකීම විසුළු සහගතමුත් ඊනියා විප්ලවවාදීන් එසේ සිතන්නේ විප්ලවය ඔවුන්ගේ මිස පොදු ජනතාවගේ නොවන නිසා විය යුතුය.
එක්සත් ජාතික පක්‍ෂය විසිනම වතාවක්ම පරාජය කරා මෙහෙයවූ රනිල් වික්‍රමසිංහ ඒ විප්ලවයේ නායකයා ලෙස පත් නොකෙරුනේ පරාජය නියත බව විප්ලව කාරයින් අවබෝධ කරගෙන තිබුනු බැවිනි. එහෙයින් රනිල් වික්‍රමසිංහ ජනතාව නොඉල්ලූ නමුත් ජනතාවගේ ඇඟේද නොගැසුනු දේශපාලකයා බවට පත්වීමට වාසනාව ලැබීය.
අදටත් ජනතාව රනිල් වික්‍රමසිංහ ඉල්ලන්නේ නැත. මෛත්‍රීපාල සිරිසේනට ජනවාරි 8 දා තිබුනු ඉල්ලුමවත් නැත. වම්පක රණවක, සෝභිත හිමි, රතන හිමි සහ චන්ද්‍රිකා කුමාරතුංග ගැන නොකියන තරමට හොඳය. අද වෙනවිට ජනතාව ඉල්ලන එකම නායකයා මහින්ද රාජපක්‍ෂය. රාජපක්‍ෂ පවුලේ අන් සහෝදරයින්ටද ඒ ඉල්ලුම නැත.
බොහෝ දේශපාලන කුහකයින් මේ ඉල්ලුම මහින්ද රාජපක්‍ෂ විසින්ම නිර්මාණය කරන ලද ඉල්ලුමක් ලෙස හොවා දැක්වීමට උත්සාහ කෙරුනද එය ඔහු විසින් නිර්මාණය කරන ලද ඉල්ලුමක් නොවේ. නායකයෙකු සඳහා එවැනි ඉල්ලුමක් මෙරට ජනතාව තුල කෘතිමව නිර්මාණය කල හැකිව තිබිනි නම් පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙකු තෝරා ගැනීමට තැටමූ තරම් තටමන්නට උවමණා නොවිය යුතුය. පැහැදිලිවම මහින්ද ඉල්ලා සිටින්නේ මෙරට පොදු ජනතාවය.
යහපාලනය යමපාලනයක් විය. රනිල් වික්‍රමසිංහ මෙරට සිදුවූ ලොකුම හොරකම වැසීමට තැත් කලේය. හොරා රට පැන්නේය. පොරොන්දුවූ සහන, ව්‍යවස්ථා සංශෝධන, විනිවිද භාවය, රාජ්‍ය මාධ්‍ය අදේශපාලණික කිරීම, යන කිසිවක් ඉටූ කෙරුනේ නැත. මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබිය දීද ප්‍රතිවාදීන් රාජ්‍ය බලය යොදා මර්ධනය කිරීම නැවතී නැත. මේ සැම එකක් අතරේ බෙදුම්වාදය දියත් කෙරී ඇත. ජනතාව මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලා සිටින්නේ මේ දේශපාලන විකෘතීන් සමනය කර ස්ථාවර දේශපාලන වාතාවරනයක් මෙරට යලි ඇති කරන ලෙසය. අද සිටින යමක් කල හැකි එකම දේශපාලඥයා මහින්ද රාජපක්‍ෂය. ජනතාව එය අවබෝධ කරගෙන සිටී.
යමපාලකයෝ එතැනට පත්වීම සඳහාවත් කිසියමක් කලවුන් නොවූහ. ඇමෙරිකාව ඉංදියාව සහ අනිකුත් විදේශ බලවේග ඔවුනට එය කර දුනි. පත්වූ පසුද යමපාලකයින්ට කිසි යමක් කරගත නොහැකි විය. මේ නොහැකියාව විශේෂයෙන්ම එජාපයේ සලකුණය. මෑත දේශපාලනයේ එජාපය නමක් දරන්නේ ජවිපෙ තරුණයින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සහ කොටි ත්‍රස්තවාදීන් සමඟ ගිවිසුම් ගසමින් රණ විරුවන්ට අපහාස කිරීම සම්බන්ධයෙනි. ආර්ථික ක්‍ෂේත්‍රයේ එජාපය නමක් දරන්නේ රාජ්‍ය ආයතන විකුණා දැමීම සහ දේශීය කෘෂිකර්මාන්තය බිඳ දැමීම සම්බන්ධයෙනි. එක්සත් ජාතික පක්‍ෂයේ නොහැකියාවට අද සිංහල බෞද්ධ විරෝධී ලිබරල් මතවාදයක්ද එකතුවී ඇත. රනිල් වික්‍රමසිංහ සිංහල බෞද්ධ විරෝධී වුවද එය මෙතෙක් කල් පක්‍ෂයේ මතවාදයක්ව මුල් බැසගෙන නොතිබිනි. නමුත් අද එය සිදුවෙමින් පවතී. උපන්ගෙයි නොහැකියාව සහ ලිබරල් මතවාද යන විකෘත එකතුවෙන් බිහිවෙන දේශපාලන දරුවා නපුංසක දේශපාලනයකි. මහින්ද විරෝධය පිටුපස සිටින්නේ ඒ නපුංසක දේශපාලනයයි.
නපුංසක දේශපාලනය ජාතිකවාදී දේශපාලනයට බියය. ඔවුන් අද පවසන්නේ මහින්ද රාජපක්‍ෂට දේශපාලනය කිරීමට අවස්ථාවක් නොදිය යුතුය කියාය. ඕනෑම අයෙකුට දේශපාලනය කිරීමට අවස්ථාවක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව ඔවුන් නොදන්නවා නොවේ නමුත් නපුංසක දේශපාලනයේ හැටි එහෙමය.
ජනතාවට අවශ්‍ය නම් මහින්ද රාජපක්‍ෂ බලයට ගෙන ඒමට අයිතියක් තිබිය යුතුය.