ජනතා කැමැත්ත ඇත්නම් ඕනෑම කාලයක් බලයේ සිටී
බහුතර ජනතාවගේ කැමැත්ත ඇත්නම් රාජ්‍ය නායකයකු ඕනෑම තරම් කාලයක් බලයේ සිටීම වරදක් නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්ථදස්සි අනුනාහිමියෝ පවසති.
රටට ජනතාවට අවංකව ආදරය කරන රටේ අභිවෘද්ධිය පිළිබඳ සිතන නායකයන් පහළ වන්නේ කලාතුරකින් බවත් එවැනි නායකයකුට ජනතා ආශිර්වාදය හිමිවන්නේ නම් ඔහුට යම් කාල සීමාවකට යටත් නොවී රට පාලනය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත් උන්වහන්සේ කීහ.
ජනතා කැමැත්ත යටපත්කර යම් නායකයකු බලහත්කාරයෙන් රට පාලනය කිරීමට උත්සාහ කරන්නේ නම් රට ජනතාව එරෙහි විය යුතු යැයිද අනුනාහිමියෝ අවධාරණය කළහ. ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනපතිවරයාට කැමැති වාර ගණනක් ධූරයේ රැඳී සිටීමට අවකාශ සලසන බවත් දැනගන්නට ඇති බවත් බහුතර ජනතා කැමැත්ත නොමැති නම් එසේ රැඳී සිටීමට අවකාශ නොමැති බැවින් ඒ පිළිබඳ අනවශ්‍ය කලබලයක් ඇති නොකර ගත යුතු බවත් උන්වහන්සේ කීහ.
යුද්ධය නිමවීමෙන් පසු මේ වන විට රට යම් දුරකට සංවර්ධනය වී තිබෙන බවත් පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව රට ගොඩනැඟීමට දේශපාලනඥයින් උනන්දු විය යුතු බවත් අනුනාහිමියෝ පැවසූහ.

අනුනායක හිමියෝ තමයි ... මේක කියල තියෙන්නේ .. ඇයි බන් අස්ගිරි හාමුදුරුවෝ මේක කියල නැත්තේ ? 

.
.... ජනතාවට බුදු සරණයි..