ජනතා සේවය සඳහා රාජ්‍ය සේවය ප‍්‍රසාරණය කළේ මහින්ද රාජපක්ෂ රජයයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    https://sinhala.news.lk/news/world-3/item/6350-2014-10-20-05-30-15

    රටේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටුකිරීම සඳහා රාජ්‍ය සේවය ප‍්‍රසාරණය කළ එක ම රජය මහින්ද රාජපක්ෂ රජය බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉකුත් 18 දා බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවසීය.

    අමාත්‍යවරයා මේ බැව් අවධාරණය කළේ බදුල්ල ග‍්‍රාම සේවා වසම් 128ක් සඳහා නව පත්වීම් ලද ග‍්‍රාම සේවා නිලධාරීන්ට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

    තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා: මෙම රාජ්‍ය සේවය ප‍්‍රසාරණය කිරීම සඳහා නිලධාරීන් බඳවා ගැනීම අප රජය විසින් ලබාදුන් පොරොන්දුවක්. මහින්ද චින්තනය අනුව ජනතාවට උපරිම සේවාවක් ලබාදීමට රාජ්‍ය සේවාව ව්‍යාප්ත කිරීමට සිදු ව තිබෙනවා. නමුත් එය භාණ්ඩාගාරයට උසුලන්න බැරි වියදමක් වී තිබෙනවා. නමුත් ජනතාව වෙනුවෙන් එය ඉටුකිරීමට ජනාධිපතිතුමා වගකීම භාර අරගෙන තිබෙනවා. මොකද ජනතාව රජයෙන් හොඳ රාජ්‍ය සේවයක් බලාපොරොත්තු වෙන නිසා.

    එදා රනිල් වික‍්‍රමසිංහ රජය ලක්ෂ 06කට රාජ්‍ය සේවාව කප්පාදු කෙරුවා. නමුත් අද අපි රාජ්‍ය සේවය ලක්ෂ 13 දක්වා වැඩි කර තිබෙනවා. මේ නිවැරදි රාජ්‍ය ප‍්‍රතිපත්තිය නිසා තමයි අද ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, තාක්ෂණ ශිල්පීන්, ග‍්‍රාම සේවා නිලධාරීන් වැනි රාජ්‍ය සේවකයින් අපිට බඳවා ගැනීමට හැකි වුණේ. අද බදුල්ල දිස්ත‍්‍රික්කයේ පමණක් ළමයි 16 දෙනෙකුට එක් ගුරුවරයෙකු බැවින් ඉන්නවා. ඒ නිසයි බදුල්ල දිස්ත‍්‍රික්කය තුළ හොඳ අධ්‍යාපන මට්ටමක් ඇති කිරීමට අපට හැකිවුණේ.

    මේ වෙලාවේ ඔබට පණිවිඩයක් දෙන්න තියෙනවා. මේ රාජ්‍ය සේවාව ප‍්‍රසාරණය කිරීම තුළින්ම පමණක් ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නෑ. ඔබ ජනතාවගේ ප‍්‍රශ්න සහ සිතුම් පැතුම් පිළිබඳ ව හොඳ අවබෝධයක් ලබාගත යුතු වෙනවා. ඒ තුළින් ඔවුන්ගේ ප‍්‍රශ්න අවබෝධ කරගෙන ඔවුන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නොත් පමණයි රට තුළ මනා රාජ්‍ය සේවයක් ඇති වන්නේ. එය ඉටුකිරීම ඔබගේ වගකීමක් සහ යුතුකමක්.


    Grama_Niladhari_Pathweem_1.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    1956 බලය ලබා ගත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සභාග රජය විසින් පෞද්ගලික අංශය සතු ව්‍යාපාර රජයට පවරා ගැනීම සහ නව රාජ්‍ය ව්‍යාපාර ඇති කිරීම නිසා රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය ශීඝ‍්‍රයෙන් වර්ධනය විය. 1956 සිට 1970 දක්වාම වර්ධනය වූ රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථා සේවයේ අතාර්කික බව ආරම්භ වන්නේ 1972 ඇති කළ ජනරජ ව්‍යවස්ථාව සමඟය. 1972 දක්වාම රාජ්‍ය සේවයේ පාලනය වෙනුවෙන් පවත්වාගෙන ගිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව අහෝසි කර ඍජුවම කැබිනට් මණ්ඩලයේ අභිමතය පරිදි රාජ්‍ය පාලනය කරගෙන යා හැකි ආකාරයට ව්‍යවස්ථාව සකස් වී තිබුණි. මේ යටතේ නිලධාරීන්ගේ කුසලතාවය වෙනුවට අදාළ ඇමැතිවරයාගේ අභිමතය පරිදි රජයේ නිලධාරීන් පත්කිරීම, උසස් කිරීම, මාරු කිරීම ආදිය කළ හැකි විය. මෙය වඩාත් අශෝභන ලෙස ක‍්‍රියාත්මක වූයේ ව්‍යවස්ථාපිත මණ්ඩල හා සංස්ථා තුළය. මේ ආයතනවල රැකියා ලබා දීම ඍජුවම සිදු වූයේ අදාළ ඇමැතිවරයාගේ අභිමතය පරිදිය.

    1977 පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවද මේ ක‍්‍රමයේ පැවති ජුගුප්සාජනක බව තවත් තීව‍්‍ර කර ගනිමින් පවත්වාගෙන ගියේය. රැුකියා බැංකු ක‍්‍රමයක් ඇති කර තම පාක්ෂිකයන්ගෙන් රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල පිරෙව්වේය. 1977 සිට 1991 දක්වා මේ තත්ත්වය පැවතියත් 1990 ජවිපෙ මර්දනයෙන් පසුව එවකට ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා ඇති කළ තරුණ අසහන කොමිෂමේ නිර්දේශ මත ප‍්‍රථම වතාවට රජයේ රැුකියා වෙනුවෙන් තරග විභාග ක‍්‍රමයක් ඇති කළේය. මේ යටතේ රජයේ දෙපාර්තමේන්තුවල රැුකියා සඳහා තරග විභාග අත්‍යවශ්‍ය විය. මෙය එක්තරා ආකාරයක ප‍්‍රගතිශීලී පියවරක් විය. රජයේ ව්‍යවස්ථාපිත ආයතන හා සංස්ථා සම්බන්ධව මේ නීතිය ක‍්‍රියාත්මක නොවීය.

    1994 බලයට පත් ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ සන්ධානයේ පිළිවෙත වූයේ ද එතෙක් ක‍්‍රියාත්මක වූ තරග විභාග ක‍්‍රමය අහෝසි කර තම හිතවතුන්ට රාජ්‍ය අංශයේ රැුකියා දීම ආරම්භ කළේය. එම ක‍්‍රමය සාධාරණීකරණය කරමින් එවකට හිටපු කැබිනට් ඇමැතිවරුන් ප‍්‍රකාශ කළේ තම පාක්ෂිකයන්ට වසර 17 කින් රැුකියා ලැබී නැති බැවින් මේ ක‍්‍රමය අනුගමනය කිරීමට සිදු වී ඇති බවය. 2005 බලයට පත් මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ශ‍්‍රීලනිප ආණ්ඩුවද මේ ක‍්‍රමය වඩාත් අශීලාචාර කරමින් පවත්වාගෙන ගියේය.


    රාජ්‍ය සේවය පැවැත්ම අනිවාර්යය සාධකයක් වුවත් සාමාන්‍ය මතය වනුයේ එය ඉතාම අකාර්යක්ෂම බවය. එය රජයේ ආයතනයක සේවය ලබා ගැනීමට ගිය ඕනෑම කෙනෙකුට අත්දැකිය හැකි සිදුවීමකි. වසර 2001 දී ලක්ෂ හයක් වූ රාජ්‍ය සේවා නියුක්තිය මේ වන විට ලක්ෂ දාහතරක් වී ඇත. එසේ නම් කාර්යක්ෂමතාවය දෙගුණයකින් වැඩි විය යුතුය. සිදු වී ඇත්තේ එහි අනෙක් පැත්තය. ලෝකයේ දියුණු රටවල රාජ්‍ය සේවා ඉතා කාර්යක්ෂමව පවත්වාගෙන යයි. ජපානයේ ශ‍්‍රම බළකාය 30% ආසන්නව රජය සතු සමාගම්වල සේවය කරයි. රාජ්‍ය ආයෝජන ද.දේ.නි. ප‍්‍රතිශතයක් ලෙස 40% කි. ජර්මනිය, නෙදර්ලන්තය, කැනඩාව රාජ්‍ය ආයෝජන 40% ක් 50% අතර ඇත. එංගලන්තයේ රාජ්‍ය ආයෝජන 30% ප‍්‍රමාණයේ ඇත. ශ‍්‍රී ලංකාවේ මුළු ආයෝජනම පෞද්ගලික අංශය සමඟ ඇත්තේ 31.5% කි.
    ------ Post added on Aug 31, 2022 at 6:38 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මොනා උනත් රනිල් මහත්තයා රු 10000කින් පඩිත් වැඩි කරලා යස අගේට මේගොල්ලන්ව බලාගත්තනෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුලින්ම හැම ආයතනයකම ඉන්න අතිරික්ත සේවකයෝ වෙනම අලුතින් පිහිටුවන ආයතනයකට අනුයුක්ත කරන්න ඕන. කාර්යභාරයක් නැති දෙපාර්තමේන්තුව වගේ එකක්. ඊට පස්සේ උන්ව දාන්න ඕන කුබුරු හාන්න
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුලින්ම හැම ආයතනයකම ඉන්න අතිරික්ත සේවකයෝ වෙනම අලුතින් පිහිටුවන ආයතනයකට අනුයුක්ත කරන්න ඕන. කාර්යභාරයක් නැති දෙපාර්තමේන්තුව වගේ එකක්. ඊට පස්සේ උන්ව දාන්න ඕන කුබුරු හාන්න
    හාන්න දාන්න කලින් වෑඩක් කරන්න තියෙනවා.. ඔය සෙට් එකේ සුදුසුකම් මොනවාද රස්සාවට ආවේ කොහොමද කියලා හොයලා බලන්න ඕනේ.. මොන ඈමතිගේ ලියුමෙන්ද ආවේ කියලා හොයලා බලලා ලියුම් දීපු එවුන් දාන්න ඕනේ හානවා බලන්න
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇයි එහෙනම් වේස ජෙප්පෝ ප්‍රතිවියුහගත කරනවට අකමැති🤣.
    ජෙප්පෝ කෑමති හින්දාද මහින්ද ප්‍රසාරණය කලේ? ජෙප්පෝන්ට ද මහින්ද රස්සා දුන්නේ?
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ජෙප්පෝ කෑමති හින්දාද මහින්ද ප්‍රසාරණය කලේ? ජෙප්පෝන්ට ද මහින්ද රස්සා දුන්නේ?
    ඇයි එහෙනම් වේස ජෙප්පෝ ප්‍රතිවියුහගත කරනවට අකමැති🤣.
     
    • Haha
    Reactions: erozan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඇයි එහෙනම් වේස ජෙප්පෝ ප්‍රතිවියුහගත කරනවට අකමැති🤣.
    ප්‍රසාරණය කරනව කියන්නෙ මොකද්ද වේස ගෑනියේ? දන්නවනම් කියපන්
     
    • Haha
    Reactions: Xi Jinping