https://sinhala.news.lk/news/world-3/item/6350-2014-10-20-05-30-15
රටේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටුකිරීම සඳහා රාජ්‍ය සේවය ප්‍රසාරණය කළ එක ම රජය මහින්ද රාජපක්ෂ රජය බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉකුත් 18 දා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවසීය.
අමාත්‍යවරයා මේ බැව් අවධාරණය කළේ බදුල්ල ග්‍රාම සේවා වසම් 128ක් සඳහා නව පත්වීම් ලද ග්‍රාම සේවා නිලධාරීන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.
තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා: මෙම රාජ්‍ය සේවය ප්‍රසාරණය කිරීම සඳහා නිලධාරීන් බඳවා ගැනීම අප රජය විසින් ලබාදුන් පොරොන්දුවක්. මහින්ද චින්තනය අනුව ජනතාවට උපරිම සේවාවක් ලබාදීමට රාජ්‍ය සේවාව ව්‍යාප්ත කිරීමට සිදු ව තිබෙනවා. නමුත් එය භාණ්ඩාගාරයට උසුලන්න බැරි වියදමක් වී තිබෙනවා. නමුත් ජනතාව වෙනුවෙන් එය ඉටුකිරීමට ජනාධිපතිතුමා වගකීම භාර අරගෙන තිබෙනවා. මොකද ජනතාව රජයෙන් හොඳ රාජ්‍ය සේවයක් බලාපොරොත්තු වෙන නිසා.
එදා රනිල් වික්‍රමසිංහ රජය ලක්ෂ 06කට රාජ්‍ය සේවාව කප්පාදු කෙරුවා. නමුත් අද අපි රාජ්‍ය සේවය ලක්ෂ 13 දක්වා වැඩි කර තිබෙනවා. මේ නිවැරදි රාජ්‍ය ප්‍රතිපත්තිය නිසා තමයි අද ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, තාක්ෂණ ශිල්පීන්, ග්‍රාම සේවා නිලධාරීන් වැනි රාජ්‍ය සේවකයින් අපිට බඳවා ගැනීමට හැකි වුණේ. අද බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් ළමයි 16 දෙනෙකුට එක් ගුරුවරයෙකු බැවින් ඉන්නවා. ඒ නිසයි බදුල්ල දිස්ත්‍රික්කය තුළ හොඳ අධ්‍යාපන මට්ටමක් ඇති කිරීමට අපට හැකිවුණේ.
මේ වෙලාවේ ඔබට පණිවිඩයක් දෙන්න තියෙනවා. මේ රාජ්‍ය සේවාව ප්‍රසාරණය කිරීම තුළින්ම පමණක් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නෑ. ඔබ ජනතාවගේ ප්‍රශ්න සහ සිතුම් පැතුම් පිළිබඳ ව හොඳ අවබෝධයක් ලබාගත යුතු වෙනවා. ඒ තුළින් ඔවුන්ගේ ප්‍රශ්න අවබෝධ කරගෙන ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නොත් පමණයි රට තුළ මනා රාජ්‍ය සේවයක් ඇති වන්නේ. එය ඉටුකිරීම ඔබගේ වගකීමක් සහ යුතුකමක්.