ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

    ‘අපිට ගහලා, දුර්වල කරලා , විනාශ කරලා , ඇද දමලා දුන්න ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මාධ්‍ය නිදහස නැති කරගෙන කදුළු සලන්න ලැහැස්ති වෙන්න එපා කියලා මාධ්‍ය ආයතනවලට මාධ්‍ය මිත්‍රයන්ට කාරුණිකව කියනවා.‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    මා මේ දේ කියන්නේ අපිට අවහිර කරන අපේ වැඩවලට නිසි ප්‍රචාරයක් නොදෙන මාධ්‍යවලට යැයිද ඔහු කීය.


    ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද(23) උදේ පැවැති මොරගහකන්ද කළුගඟ රන්දියවර රැදවුම් මංගල්‍ය උත්සව සභාවේදීය.


    ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය.

    අද සමහර පෞද්ගලික මාධ්‍ය ප්‍රචාරය කරන්නන් අපේ කටින් පිටවන අවශ්‍ය දෙවල් නොවෙයි. අනවශ්‍ය දේවල් ආණ්ඩු ආණ්ඩු විරෝධී ප්‍රචාර සවසට රූපවාහනි ප්‍රවෘත්ති බැලුවම මේ රටේ ආණ්ඩුවක් නැති ගාණයි. මාධ්‍යවල තියෙන්නේ රට විනාශ වෙනවා කියන එකයි. මා මේ ගැන කනගාටුවෙනවා.මම රටේ ප්‍රඡාතන්ත්‍රවාදය මිනිසුන්ගේ නිදහස ශක්තිමත් කළේ මාධ්‍ය නිදහස දුන්නේ සත්‍ය කතා කරන්නටයි. නිවැරදි දේ ලෝකයාට දෙන්නයි.


    අද දේශපාලන ආරවුල්, ගැටම්, වැඩක් නැති අශිලාචාරත්වයට ප්‍රමුඛත්වය දෙන්න නෙවෙයි අද අපට අවහිර කරන, අපේ වැඩවලට නිසි ප්‍රචාරයක් නොදෙන මාධ්‍ය ආයතනවලට මාධ්‍ය මිත්‍රයන්ට මා කාරුණිකව කියනවා අපිට ගහලා අපි දුර්වල කරලා අපි විනාශ කරලා අපි ඇද දමලා දුන්නු ප්‍රජාතන්ත්‍රවාදය නැති කරගෙන නිදහස නැති කරගෙන දිලා තියනවා මාධ්‍ය නිදහස නැති කරගෙන නැවත දවසක කදුළු සලන්න ලැහැස්ති වෙන්න එපා කියලා


    image_0b08d05c5e.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ප්‍රචාරය අර දෙන්නේ රුපවාහිනියෙනුයි නයිටී එන එකෙනුයි ඇට්ටි හැලෙන්න ආය තවත් මොනවද.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    ප්‍රචාරය අර දෙන්නේ රුපවාහිනියෙනුයි නයිටී එන එකෙනුයි ඇට්ටි හැලෙන්න ආය තවත් මොනවද.

    ow ban eye re 7.30 ta mada teliyakuth pennuwa,ammata hukana wahiniyak eka,8 ta news patan gathhu welawe indala gotage waradi kiyanne wena kisi deyak neha.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,060
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ කියන්නේ බ්‍රෝ හිටන් හුටන් ටීවී බලනවා, අනේ හිටන්ට ෆ්බි පැත්තේ යන්න කියපල්ලා එඩිට් කරපු පොටෝ කන්ද බලන්න
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ කියන්නේ බ්‍රෝ හිටන් හුටන් ටීවී බලනවා, අනේ හිටන්ට ෆ්බි පැත්තේ යන්න කියපල්ලා එඩිට් කරපු පොටෝ කන්ද බලන්න

    එහෙනම් ඕක වහ බොයි :lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    පෙන්දට දැන් තමයි මතක් වෙලා තියෙන්නේ.. ඕවා ආපු ගමන් කරන්න තිබ්බ එව්වා.. මේ වගේ රටකට නිදහස් කියන වචනේ වැඩක් නෑ..



    මූට දැන්වත් තේරෙනවද දංනෑ මූ ජනාධිපති කියලා..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    එහෙනම් ඕක වහ බොයි :lol:

    නෑ නෑ බුවා වහ බොන්නේ නෑ..
    රනිල්ට කියයි ලංකාවේ එෆ්.බී එක වහලා දාන්න කියලා..
    රනිලුත් ඉතින් මොකක් හරි කමක් නෑ වහලා දාන්න බලාගෙන ඉන්න මනුස්සයනේ..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇත්ත තමයි කියන්නෙ. මාධ්‍ය ස්වයං වාරණය කරගන්න කාලෙක හිටිය. මාධ්‍ය වලට උපරිම නිදහස දුන්න. දැන් නිදහස දුන්න කෙනාට මඩ ගහනව. කන්න දුන්න අත හපාකනව කියන්නෙ ඕකට තමා :yes:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka


    නෑ නෑ බුවා වහ බොන්නේ නෑ..
    රනිල්ට කියයි ලංකාවේ එෆ්.බී එක වහලා දාන්න කියලා..
    රනිලුත් ඉතින් මොකක් හරි කමක් නෑ වහලා දාන්න බලාගෙන ඉන්න මනුස්සයනේ..

    :lol::lol::lol: