ජනපතිගේ අභියෝගය අගමැති පිලිගනී
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බැඳුම්කර කොමිසමේ හා බරපතළ වංචා විමර්ශන කොමිසමේ වාර්තාවන් සම්බන්දයෙන් විවාදය වේදී පැවැත්වීම සදහා කැඳවීම් ලිපිය සඳුදා දින යොමු කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
එම වාර්තා සම්බන්ධයෙන් වන විවාදයන් පාර්ලිමේන්තුවේදී පෙබරවාරි 8 වනදා පවත්වන බවද අගමැතිවරයා සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ දෙනියායේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ජනහමුවක් අමතමිනි.
මෙම වාර්තාවන්හි විවාදයන් මැතිවරණයෙන් පසු යොදා ගත්තේ දුෂිත ප‍්‍රභූ සන්ධනායේ එකගතාවයෙන් බවත් හැකිනම් මැතිවරණයට පෙර අදාල විවාදය සිදු කරන ලෙසත් ජනාධිපතිවරයා පසුගියදා අභියෝග කලේය.
.
අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ජනාධිපතිවරයා අතර කිසිදු විරසකයක් නැ..!
.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රිලනිප වේදිකාවේ සිට එජාපයට පහර දුන්ද අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ජනාධිපතිවරයා අතර කිසිදු විරසකයක් නැති බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
ජනාධිපතිවරයා විසින් එසේ එජාපයට එරෙහි ප‍්‍රකාශ කරන්නේ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ දේශපාලන උපක‍්‍රමයක් ලෙස යයිද ඔහු සදහන් කරයි.
කොතරම් ප‍්‍රතිවිරෝධතා තිබුනද පෙබරවාරි 10 වැනිදායින් පසුවත් වත්මන් ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යන බවද ඔහු කියා සිටී.
කෙසේ වෙතත් එජාපය විසින් ආර්ථිකය විනාශ කලේ යයි ජනාදිපතිවරයා විසින් එල්ල කරන චෝදනාව බැහැර කරන ඇමති කිරිඇල්ල සදහන් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇති ආර්ථික කමිටුව විසින් ගන්නා තීරණ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඇති කැබිනට් මණ්ඩලයේදී සම්මත කර ගන්නා බැවින් එවන් ප‍්‍රකාශයක් කලේ කවර අරමුණකින්දැයි නොදන්නා බවයි.