ජනපතිගේ නියමයෙන් වර්ෂාවෙන් අවතැන් පවුලක&
ජනපතිගේ නියමයෙන් වර්ෂාවෙන් අවතැන් පවුලකට රු. 58/= ක්
වර්ෂාවෙන් අවතැන්වූ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාවට සහන සැලසීම සදහා රුපියල් ලක්ෂ 30ක මුදලක් මුදල් අමාත්‍යංශ්‍ය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දුන් බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය සදහන් කරයි.
කෙසේ වෙතත් මෙම දිස්ත්‍රික්ක තුනේ මේවන විට පවුල් 51000 කට අධික සංඛ්‍යාවක් අවතැන්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 21000කට අධික සංඛ්‍යාවක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 26000කට අධික සංඛ්‍යාවක් සහ කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 5000කට අධික සංඛ්‍යාවක් වශයෙනි. ඒ අනුව අවතැන්වූ එක් පවුලක් සදහා ජනාධිපතිවරයා ලබාදී ඇත්තේ රුපියල් 58.00 කට ආසන්න මුදලකි.
දින කිහිපයක් තිස්සේ නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ඇතැම් නිවෙස් සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති අතර එම නිවැසියන්ට අවම වශයෙන් ආරක්ෂිත ස්ථානයක් හෝ ලබාදීමට රජය අසමත්වී තිබේ. මෙම තත්වය තවදුරටත් පැවතුණහොත් අවතැන්වූ වැසියන් නිරාහාරව මිය යාමේ අවධානමක් පවතින බව අප වාර්තාකරුවන් පවසයි.
LT