ජනපතිගේ නුගේගොඩ නිවෙස අසල මහා විරෝධයක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස පිහිටි නුගේගොඩ මිරිහාන පිවිසුම් මාර්ගය අසලට ඊයේ(31)පස්වරුවේ රැස් වූ දහස් සංඛ්‍යාත ජනකායක් ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් කළහ.

    උද්ඝෝෂකයන් ජනාධිපතිවරයා ගේ නිවසට කඩා වැදීම වැළැක්වීම සඳහා දැඩි මාර්ග බාධක සහ පොලිස් ආරක්ෂාව යොදා තිබිණි.

    ජුබිලි කණුව මංසන්ධිය අසලට අද පස්වරුවේ මුලින් රැස්වූ ජනතාව එහි විරෝධතාවයක් කිරීමෙන් අනතුරුව මිරිහාන පැඟිරිවත්ත ජනාධිපතිවරයාගේ නිවසට ප්‍රවේශ ප්‍රවේශ වන මාර්ගය අසලට පැමිණ එම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කළහ.

    උද්ඝෝෂකයන් ජනාධිපතිවරයා ගේ නිවසට කඩා වැදීම වැළැක්වීම සඳහා පොලිසිය මෙන්ම යුද හමුදාව දැඩි පරිශ්‍රමයක් දරන අයුරු දැකගත හැකි විය.

    මෙම උද්ඝෝෂණය නිසා නුගේගොඩ මහරගම 119 මහා මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මාර්ගය අසල දැඩි පොලිස් රැකවල් දමා තිබූ අතර සිද්ධිය වන අවස්ථාවේ ජනාධිපතිවරයා නිවසේ නොසිටි බව වාර්තා වේ.

    image_65d5a22443.jpg


    Source: https://www.lankadeepa.lk/news/ජනපතිගේ-නුගේගොඩ-නිවෙස-අසල-මහා-විරෝධයක්/101-610777
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ඔහොම්ම ගහපල්ලා ඕකුන් පත් කරල තියන විනිසුරුවරුන් කියල ඉන්නේ...මුන්ව නිදොස් කොට නිදහස් කලේ ඔකුන්ව මරපියව්
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Good for 6.9 million who were fooled by Wimal, Vasu, Gompila,Tissa , Dr. Padeniya, Viyathmaga, Dr. Nalin.. Dr. Gunaurwan, Dr. Godahewa, ....
    what a mighty fall from November 2019 to April 2022! (this is not Covid or what previous govt did but a self created destruction of country through bad econ politics . Still going on fooling people