ජනපතිගේ වාහන දෙකක් ෂෙඩ් එකක
ජනාධිපති කාර්යාලයයට අයත් බව කියන කැබ්රියක් හා මෝටර් රථයක් නාවල සේවා මධ්‍යස්ථානයක තිබී සොයා ගත් බව පොලිසිය කියයි.
කැබ්රිය ජනවාරි අට වැනි දා සවස ද, මෝටර් රථය ඊට දෙසතියකට පෙර ද එහි ගෙන ආ බවත් රැගෙන යෑමට නොපැමිණි බවත් එහි සේවකයන් පොලිසියට කියා ඇත.
පිට කොට්ටේ වාහන ගාලකට වෙඩි නොවදින රියක් ඇතුළු වාහන 53ක් ගාල් කිරීමට ගෙන ආ බව කියන රංජිත් නම් පුද්ගලයා එම වාහන දෙක ද සේවා මධ්‍යස්ථානයට ගෙනවුත් ඇතැයි පොලිසිය අනුමාන කරයි.