ජනපතිට තෙවැනි වරට ඉල්ලන්න පුළුවන්ද?

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ජනපතිට තෙවැනි වරට ඉල්ලන්න පුළුවන්ද?




    දේශපාලන කරළියේ ජනාධිපතිවරණයක් පිළිබඳ කතාබහ මේ දිනවල ශීඝ‍්‍ර වෙත්ම වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි ධුර කාලය සඳහා ඉදිරිපත් විය හැකිද නොහැකිද යන්න පිළිබඳව විවිධ අදහස් පළවේ. ඒ පිළිබඳ ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න මෙසේ අදහස් දැක්වීමට එක්වේ.
    හිටපු අග විනිසුරු සරත් සිල්වා මැතිතුමා 18 වැනි සංශෝධනය අර්ථ නිරූපණය කරලා මතු කරලා තියෙනවා ප‍්‍රශ්නයක්. එහි සඳහන්ව තියෙන ආකාරයට වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තව සැරයක් ජනාධිපති ධුරයට ඉල්ලන්න බෑ කියලා තමයි ඔහු අදහසක් ගේන්නේ. ඔහුගේ නිගමනය සමඟ මම එකඟ වෙනවා. ඒත් මම මේ ප‍්‍රශ්නයට එළඹෙන්නෙ වෙනත් ආකාරයකට.


    පළමුව කියන්න ඕනෑ ඇයි මේ ප‍්‍රශ්නය අද වැදගත් වෙන්නේ කියලා. එකක් තමයි මේ මැතිවරණය අද කාටවත් අවශ්‍ය නැති මැතිවරණයක්. මහින්ද රාජපක්ෂ මහතාට තව අවුරුදු දෙකක් බලයේ ඉන්න පුළුවන්. කාටවත් මේ සඳහා කිසිම හදිසියක් නෑ. මේක අවශ්‍යවෙලා තියෙන්නේ පාලකයින්ට පමණයි. ධුර කාල සීමාවන් වැදගත් වෙන්නේ ඇයි කියලත් අපි සලකා බලන්න ඕනෑ. 1978 ව්‍යවස්ථාවෙ තිබුණෙ ධුර කාල දෙකයි ජනාධිපතිවරයෙකුට බලයේ ඉන්න පුළුවන් කියලා සඳහන් වෙලා තිබුණේ. ධුර කාල සීමාවන් දකින්න තියෙන්නෙ විධායක ජනාධිපති ක‍්‍රමය තියෙන රටවල්වල විතරයි. පාර්ලිමේන්තු ක‍්‍රමය තියෙන රටවල්වල එවැනි සීමාවන් නෑ අගමැතිවරයාට. විධායක ජනාධිපති ක‍්‍රමය පවතින රටවල මෙවැනි සීමාකිරීම් නිසා නව නායකයින් පත්වීමේ හැකියාව තියෙනවා. අලූත් නායකයින්ට අවස්ථාව උදාවෙනවා. බලය එක් පුද්ගලයෙකු වටා දීර්ඝ කාලයක් කේන්ද්‍රණය වෙන්නෙ නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වෙනවා.

    විධායකයේ ප‍්‍රධානියා දීර්ඝ කාලයක් බලයේ ඉන්නකොට රාජ්‍යයයි පාලන පක්ෂයයි අතර වෙනස බොඳවෙලා යනවා. ලංකාවේ අද ඒක වෙලා තියෙනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානය නෙවෙයි රට පාලනය කරන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමයි ඒක කරන්නේ. පක්ෂයක් හැටියට ඒකට අද භූමිකාවක් නැතිවෙලා. හොඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් තියෙන රටවල්වල පවා දීර්ඝ කාලයක් එකම විධායක නායකයෙක් හිටියොත් එය බලපානවා කීප තැනකට. පාර්ලිමේන්තුවට බලපානවා. පාර්ලිමේන්තු බලතලවලට බලපානවා. අධිකරණ ස්වාධීනත්වය හෑල්ලූවට ලක්වෙනවා. මැතිවරණ නිලධාරින්ගේ බලයට බලපානවා. අනෙකුත් දේශපාලන පක්ෂවලට පවා එය බලපානවා. එමගින් අධිකාරිවාදී පාලන ඇති වෙනවා. ඒක නිසා තමයි මේ සීමාවල් අවශ්‍ය වෙන්නේ.


    එතකොට දේශපාලනය කි‍්‍රයාත්මක වෙන්නේ පුද්ගලිකත්වය මත පදනම්ව නෙවෙයි. පක්ෂමත පදනම් වෙලා. ලංකාවේ අද පුද්ගලයා මත පදනම් වෙච්ච දේශපාලනයක් කි‍්‍රයාත්මක වෙන්නේ. සීමා තියෙනකොට පුද්ගලයකුට පවුලකට පෙළපතකට තනි අධිකාරියක් පිහිටුවන්න බෑ. ඒක ඉතා වැදගත් කාරණයක්. අනිත් එක දීර්ඝ කාලයක් එකම විධායක නායකයෙක් කි‍්‍රයාත්මක වෙනකොට හොඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල්වල පවා බලය සහ රාජ්‍ය සම්පත් අනිසි ලෙස, භාවිතයට ගැනෙනවා. විශේෂයෙන් මෙය මැතිවරණවලදී දකින්න ලැබෙනවා. ඒ නිසාත් මේ සීමා අවශ්‍යයි.

    සරත් සිල්වා තමන්ගේ තර්කයට පදනම් කර ගන්නේ අපට තියෙන අර්ථ නිරූපණ ආඥාපනත. එම පනතේ හය වැනි වගන්තියේ තියෙනවා යම් කිසි කෙනෙක් යම්කිසි නෛතික අබලතාවනට ලක් වුණොත් ඊට අදාළ නීතිමය ප‍්‍රතිපාදන පසු කාලයකදී වෙනස් කළොත් එම වෙනස්වීම බලපාන්නේ අනාගතයට පමණයි කියලා. එය ආපස්සට බලපාන්න අවශ්‍යනම් ප‍්‍රකාශිතව එය සංශෝධනයේ සඳහන් වෙන්න ඕනෑ. 18 වැනි සංශෝධනයේ එහෙම දෙයක් ප‍්‍රකාශිතව සඳහන් වෙලා නෑ. ඒ නිසා තමයි මේ ප‍්‍රශ්නය මතුවෙලා තියෙන්නේ.

    මෙතනදි මගේ අදහස වෙන්නේ අර්ථ නිරූපණ ආඥා පනත පැත්තට තිබ්බත් ලෝකයේ ව්‍යවස්ථා සහ සාමාන්‍ය නීතිය අර්ථ නිරූපනය කරන ආකාරයට එය අනාගතයට තමයි බලපාන්නේ. තව මූලික සිද්ධාන්තයක් තියෙනවා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපණය කිරීමටත් සාමාන්‍ය නීතිය අර්ථ නිරූපණය කිරීමටත් අදාළ. ඒක තමයි යම් කිසි නීතියකට සංශෝධනයන් ගෙනාවම ඒ අලූත් සංශෝධනය ආපස්සට කි‍්‍රයාත්මක වෙන්නේ නෑ. ඒක කි‍්‍රයාත්මක වෙන්නේ ඉදිරියට.

    මේ ලෝකය පිළිගන්න මූලික සිද්ධාන්ත දිහා බැලූවම පේනවා ප‍්‍රකාශිතවම සඳහන් වෙලා නැත්නම් නීතිය කි‍්‍රයාත්මක වෙන්නේ ඉදිරියට පමණයි කියන එක. 2010 ජනවාරි මාසේ මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට පත්වුණා. ඒ වෙලාවෙ තිබුණු නීතිය අනුව ඔහුට තව ධුර කාලයකට ඡුන්දය ඉල්ලන්න බෑ. එතකොට ඔහුට පක්ෂව සහ විරුද්ධව ඡුන්දය දුන්නු ඡුන්ද දායකයො දැනගෙන හිටියා මේ පුද්ගලයා ජනාධිපති කළොත් තව සැරයක් බලයට එන්න බෑ කියලා. 2005 මැතිවරණය වෙලාවෙ කිව්වා තමන් බලයට පත් වුණොත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනව කියලා. 2010 ඔහු කිව්වා ඒක බලතල සීමා කිරීමකට ලක් කරනවා කියලා. ඡුන්ද දායකයින්ට කිසිම සංඥාවක් දුන්නෙ නෑ තුන්වැනි වතාවට ජනාධිපතිවරණයකට එනවා කියලා. 18 වැනි සංශෝධනය ආවේ ඔහු තේරීපත්වී මාස 8 ක් විතර ගියාට පස්සේ. ඒක ගෙනල්ලා කිව්වෙ ඕනෑම කෙනෙකුට ඕනෑම ධුර කාලයක් ඉන්න පුළුවන් කියලා. නමුත් ඒ වෙනකොට එතුමා නෛතික අබලතාවයකට ලක්වෙලා ඉවරයි. පුරවැසියන් ලෙස අපටත් අයිතියක් තියෙනවා ඊළඟ මැතිවරණයකදී වෙනත් ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට. ඒක වෙනස් කෙරුවා 18 වැනි සංශෝධනයෙන්. ඒත් 18 වැනි සංශෝධනයෙන් ඒක වෙනස් කෙරුවට එය ප‍්‍රකාශිතවම කි‍්‍රයාත්මක කළේ නෑ. එම නිසා ඡුන්ද දායකයින්ට තියෙන අයිතිවාසිකම එහෙම තියෙනවා කියලා තමයි අර්ථ නිරූපණය කළ යුත්තේ. ඒක ආපසු කි‍්‍රයාත්මක වෙන ආකාරයට අවශ්‍ය නම් නීතිය හදන්න පුළුවන්. නමුත් එහෙම හැදුවෙත් නෑ.

    ඒකෙන් පස්සෙ තවත් ප‍්‍රශ්නයන් ඇති වෙනවා. වෙන රටවලට වඩා වෙනස් තත්ත්වයක් අපේ ව්‍යවස්ථාවෙ තියෙනවා. ඒ තමයි ව්‍යවස්ථාවේ සමහර වගන්ති වෙනස් කරන්න තුනෙන් දෙක විතරක් නෙවෙයි ජනමත විචාරණයකුත් අවශ්‍යයි. අපි හිතමුකො 18 වැනි සංශෝධනයේ ප‍්‍රකාශිතවම සඳහන් වුණා කියලා කෙටුම්පතේ එය ආපසු කි‍්‍රයාත්මක වෙනවා කියලා. එතකොට ඡුන්ද දායකයින්ගේ අයිතිවාසිකම නැති වෙනවා. එතකොට ඒ වෙලාවෙ ඡුන්ද බලය පිළිබඳ ප‍්‍රශ්නයක් මතුවෙනවා. අපේ ව්‍යවස්ථාවෙ තුන්වැනි සහ අසූ තුන් වැනි වගන්ති එකට කියවූ විට කියවෙනවා පුරවැසියන්ගේ ඡුන්ද බලයට අගතියක් වන ආකාරය, එයට අනුකූලවන ආකාරයට සංශෝධනයක් ගෙනාවොත් එයට ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා.

    අද අර්ථ නිරූපණයක් දෙන්න බෑ මේක ආපස්සට කි‍්‍රයාත්මක වෙනවා කියලා. එහෙම වුණොත් ජනතාවගේ ඡුන්ද බලය පිළිබඳව ප‍්‍රශ්නයක් මතු වෙනවා. එවැනි අර්ථ නිරූපණයක් ජනතාවගේ පරමාධිපත්‍ය බලයට පටහැනියි. දැන් කරන්න වෙන්නේ ආපහු පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ සංශෝධනය වෙනස් කර ගන්න පුළුවන් ප‍්‍රකාශිතවම ආපස්සට කි‍්‍රයාත්මක වෙනව කියලා. එතකොට ඒකට තුනෙන් දෙකක් විතරක් මදි. ඒකට ජනමත විචාරණය අවශ්‍යමයි. මේක සරල නෑ.


    මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනකු විශ්වාස කරන අතර වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තුන්වැනි වරටත් ඒ ස`දහා ඉදිරිපත් වන බැව් ප‍්‍රකාශ වී තිබෙනවා. ජනාධිපතිවරයාට නැවත වරක් තරග කළ නොහැකි බවට එක් පිරිසක් මත පළ කරන අතර එයට කිසිදු බාධකයක් නොමැති බවට තවත් පිරිසක් තර්ක කරනවා. මේ පිළිබ`දව ප‍්‍රවීණ නීතිවේදී ගෝමින් දයාසිරි මහතා සමඟ කළ සාකච්ඡුාවකි.



    • වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වරට ඒ ස`දහා තරග කළ නොහැකි බවට පිරිසක් ප‍්‍රකාශ කරනවා. එහි සත්‍යයක් තිබේද?

    ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකි ආකාරය පිළිබ`දව ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 92 වැනි වගන්තියේ ස`දහන් කොට තිබෙනවා. දෙවතාවකට වැඩි වාර ගණනක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය යන කොන්දේසියක් එහි ස`දහන් වන්නේ නැහැ. එහි දැක්වෙන කොන්දේසි අනුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන තැනැත්තා වයස අවුරුදු 30 ඉක්මවූවකු විය යුතුයි. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු නොවිය යුතු වන අතර, ජනාධිපති ධුරයෙන් ඉවත් කරන ලද පුද්ගලයකු නොවිය යුතුයි. දෙවතාවකට වැඩි වාර ගණනක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය යන කොන්දේසිය 2010 වන තෙක් පැවතුණා. එය 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉවත් කෙරුණා. තුන්වැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුස්සකු හෝ නුසුදුස්සකු වීමට වැදගත් වන්නේ අදාළ දිනයයි. අදාළ දිනය වන්නේ ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දුන් දිනයයි. ඒ අනුව ජනාධිපතිවරයාට තුන්වැනි වරටත් තරග කිරීමට බාධාවක් නැහැ. මෙයට විරුද්ධව මත ප‍්‍රකාශ කරන පිරිස් 92 වගන්තිය පිළිබ`ද කිසිවක් නොකියා 31 වැනි වගන්තිය පිළිබ`දව කතා කරනවා. 31 වැනි වගන්තියේ දෙවතාවකට වඩා ජනාධිපති ධුරයට තරග කළ නොහැකි බව ස`දහන්ව තිබුණා. එම වගන්තිය 2010දී ඉවත් කළා. තුන්වැනි වතාවට ජනාධිපතිවරණකට ඉදිරිපත් විය නොහැකියැයි ප‍්‍රකාශ කරන පුද්ගලයන් කරන්නේ පැරණි නීතියක් යළි බල ගැන්වීමට උත්සාහ කිරීමක්. එම නීතිය දැන් අහෝසියි. මෙහිදී ජනාධිපතිවරයාට තුන් වැනි වරටත් එම තනතුර ස`දහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දීම විනා එම පදවියට පත් කිරීමක් සිදු වන්නේ නැහැ. ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා පත් කර ගන්නේ හෝ ඉවත් කරනු ලබන්නේ රටේ ජනතාවයි. වෙනත් මැතිවරණයකදී මෙන් නොවෙයි ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා 50% ඉක්මවූ ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගත යුතුයි. ඉතින් තුන්වැනි වරට තරග කරන ජනාධිපතිවරයාට ජනතාව කැමතිනම් අවස්ථාව ලැබේවි. නැතිනම් නොලැබේවි. කෙසේ වුවත් වැඩි වාර ගණනක් එම තනතුරේ සිටින කෙනකුගේ ජනපි‍්‍රයත්වය නම් අඩු වෙන්න පුළුවන්.





    • ජනාධිපතිවරයා තුන් වැනි වතාවටත් බලය ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම තනතුරට සුදුසු වෙනත් පුද්ගලයකු නොමැති නිසාද?

    අපේ රටේ නායකයන් සිටින්නේ ඉතා සුළු පිරිසක් පමණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තරම් ජනතාව දිනාගත් නායකයකු තවත් නැහැ. ඇතැම් විට ගෝඨාභය රාජපක්ෂ මහතාට එම ජනපි‍්‍රයත්වය ඇති. එලෙසම එක්සත් ජාතික පක්ෂයේ සිටින නියම නායකයා රනිල් වික‍්‍රමසිංහ මහතායි. මේ රටේ නායකයකු සතු වියයුතු ගුණාංග සහිත පිරිස ඉතා අල්පයි. නිමල් සිරිපාල ඇමතිවරයාට හෝ මෛති‍්‍රපාල සිරිසේන මහතාට හෝ ජී.එල්. පීරිස් මහතාට එම ජනපි‍්‍රයත්වය ඇතැයි කියා මා සිතන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිධුරයට ඉල්ලූම් කිරීමට ඇති වාර ගණන සීමා කළ යුතු නැහැ. නීතිමය වශයෙනුත්, රටේ තිබෙන සම්පත් අනුවත් එම කොන්දේසිය ඉවත් කිරීම ඉතා සුදුසුයි.



    • එකම ව්‍යවස්ථාව දෙපිරිසක් විසින් විවිධ ලෙස අර්ථ දක්වනවා. එසේ වන්නේ අපේ ව්‍යවස්ථාවේ කිසියම් ව්‍යාකූලත්වයක් ඇති නිසාද?

    නැහැ. කිසිදු ව්‍යාකූලත්වයක් නැහැ. 2010 ව්‍යවස්ථානුකූලව එම සීමාව ඉවත් කරන විට දැන් මෙයට විරෝධය පළ කරන පිරිස කිසිවක් ප‍්‍රකාශ කළේ නැහැ. ජනාධිපතිවරණයට සූදානම් වන අවස්ථාවේ ඔවුන් මෙවැන්නක් කරන්නේ දේශපාලන අරමුණක් වෙනුවෙන්. ජනාධිපතිවරයාට තුන්වැනි වතාවටත් තරග කළ හැකියැයි යන මගේ මතය හෝ මෙයට විරෝධය දක්වන අනෙකුත් පාර්ශ්වවලට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකියි. මෙම තත්ත්වය නිවැරදි කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිිනුයි. දෙපක්ෂයේම මතය සළකා බලා නිවැරදි අර්ථ නිරූපණයක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දේවි. හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා 2010දී මෙයට එරෙහිව කි‍්‍රයා මාර්ගයක් නොගත්තේ මන්ද? මීට වඩා භයානක සිදුවීම් මේ රටේ සිදු වුණා. උදාහරණයක් ලෙස මන්තී‍්‍රවරුන්ට පක්ෂ මාරු කිරීම පිළිබ`ද ව්‍යවස්ථාවේ කිසිදු සංශෝධනයක් කළේ නැහැ. එහෙත් අධිකරණය එයට ඉඩ ලබා දුන්නා. පක්ෂ මාරු කිරීම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනියි. එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවක්. ව්‍යවස්ථාවේ 99 වැනි වගන්තියේ තවමත් ස`දහන් වනවා මන්තී‍්‍රවරයකු ඉල්ලා අස්වුවහොත් හෝ පක්ෂයෙන් ඉවත් කළ හොත් හෝ පක්ෂය මාරු කළ හොත් හෝ ඔහුට මන්තී‍්‍රධුරය අහිමි වන බවට. ව්‍යවස්ථාව වෙනස් නොකොට එවැන්නක් කළා නම් ව්‍යවස්ථාවට අනුකූලව තුන් වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලයක් නැතැයි මේ අය ප‍්‍රකාශ කරන්නේ කොහොමද?




    • පොදු අපේක්ෂකයා යන සංකල්පය පිළිබ`ද ඔබේ මතය.

    පොදු අපේක්ෂකයකු කියා කෙනෙක් නැහැ. විරුද්ධ පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරග කරන්නට සුදුසු එකම පුද්ගලයා රනිල් වික‍්‍රමසිංහ මහතා පමණයි. එක්සත් ජාතික පක්ෂය යනු මේ රටේ සිටින බලවත්ම පක්ෂයක්. අපේ රටේ තවමත් තිබෙන්නේ ප‍්‍රධාන පක්ෂ දෙකක් පමණයි. එක්සත් ජාතික පක්ෂය ගියවර ජනාධිපතිවරණයේදී වෙනත් අපේක්ෂකයකු තරගයට ඉදිරිපත් කළා. එය සාර්ථක වූයේ නැහැ. එක්සත් ජාතික පක්ෂය වැනි ප‍්‍රබල පක්ෂයකට හැකිද නැවත වරක් එවැන්නක් කිරීමට? එසේ වුවහොත් එම දේශපාලන පක්ෂයේ ශක්තිය හා ගෞරවය නැතිවී යනවා. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ පොදු අපේක්ෂකයකු නොව රනිල් වික‍්‍රමසිංහ මහතා පමණයි එකම සුදුස්සා. විවිධ හැලහැප්පීම් තිබුණත් එතුමා එම පක්ෂය බි`ද වැටෙන්නට නොදී ඉදිරියට ගෙන ආවා. භික්ෂූන්වහන්සේ ජනාධිපතිධුරයට හෝ වෙනත් මැතිවරණයකට හෝ තරග කිරීම මා අනුමත කරන්නේ නැහැ.


    • වර්තමාන ජනාධිපතිවරයාට එදා තිබූ ජනතා ආකර්ෂණය අදටත් තිබෙනවාද?

    එදා තිබූ ආකර්ෂණය අඩුවෙලා. දීර්ඝ කාලයක් පාලන බලයේ සිටින ඕනෑම පක්ෂයකට එවැන්නක් සිදු විය හැකියි. ජනාධිපතිවරයාට උපරිම ජනතා ආකර්ෂණය ඇති වූයේ යුද ජයග‍්‍රහණයෙන් පසුවයි. රටේ විශාල සංවර්ධනයක් ඇති වී තිබෙනවා. ශ්‍රී ලංකාව මධ්‍යම ආර්ථිකයක් සහිත රටක් බවට පත්වෙලා. රජය කිසියම් පසුබෑමකට ලක් වනවා නම් එයට බල පාන්නේ ජීවන වියදම ඉහළ යාම. යම් කිසි හෙයකින් රජය පරාජය වුවහොත් එය සිදුවන්නේ විපක්ෂයේ හැකියාව මත නොවෙයි. පක්ෂය ඇතුළේ සිටින ඇතැම් පිරිස් සිදු කරන විවිධ අක‍්‍රමිකතා හේතුවෙන් ජනතාව කලකිරීමට පත්වීම නිසයි. විශේෂයෙන්ම ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ හා දේශපාලන හෙංචයියන්ගේ හැසිරීම පිළිබ`දවත් ඔවුන්ගේ වැරදිවලට විනයානුකූල පියවර නොගැනීම පිළිබ`දවත් ජනතාව කල කිරිලා. ගම්වල ජනතාවට වඩා නගරබද ජනතාවට මේවා දැනෙනවා. උතුරේ විශාල සංවර්ධනයක් ඇති වී තිබෙනවා. එහෙත් මිනිසුන්ගේ සාක්කුවට මුදල් වැටෙන ක‍්‍රමයක් සකසා නැහැ. රට වගේම ජනතාවත් නඟා සිටුවිය යුතුයි. එවිට ජනතා ආකර්ෂණය ර`දවා ගත හැකියි.
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    නීතිය ලොක්කගේනම්, ලොක්කගේ නීතියනම් කාටත් ඇයි වේදනා?
     

    Jayasri

    Member
    Feb 29, 2008
    17
    5
    0
    මහින්ද රාජපක්ෂට තුන්පාරක් බෑ.ජනාධිපති කෙනෙක් ඉන්න ඕන එක දිගට දෙපාරයි.අගමැති කෙනෙකුට තුන් පාරක් පුලුවන්.නමුත් විධායක ජනාධිපති කෙනෙක්ට ඒ අයිතිය නෑ.ඒක නිසා පිට පිට මහින්ද තුන් පාරක් ජනපති වුනොත් ජාත්‍යන්තර ප්‍රජාව මහින්ද රාජපක්ෂව ප්‍රතික්ශේප කරන අතර එක්සත් ජාතීන් රටටම සම්බාධක දානවා.දැනුත් මාලු වලට යුරෝපීය රටවල් දාලා කොටි තහනම අයින් කරලා තියෙන්නේ රටට අනතුරු ඇඟවීමක්.මොකද ඒකාධිපතියන් බිහිකරන ව්‍යවස්තාවක් වලංගු නැත.එහෙනම් තුනෙන් දෙකෙන් රජකමත් ඇති කරන්න පුලුවන්නේ.තුනෙන් දෙකක් තිබුනා කියලා හිතුන විදිහට ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ.ජාත්‍යන්තර ප්‍රමිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව තමයි කරන්න පුලුවන්.අනිත් එක සන්ධාන අන්ඩුවට තුනෙන් දෙකක් ලැබුනේ නෑ.සල්ලි වලට බිලි බාගත්ත උපේක්ෂලා මනූෂලා දුන්න චන්දය වලංගු නෑ.ඒවා වංචනික තුනෙන් දෙකක්.
    නමුත් ජනතාවගේ වාසනාවට මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි ජනාධිපතිවරනය පරදිනවා.සිංහල චන්ද වලින් ලක්ෂ 55ක් ගන්න බෑ.ඒක නිසා දැන් දෙමලු පස්සේ දුවනවා.නමුත් දෙමල මුස්ලිම් සහ සුලු ජාතික චන්ද සහ සිංහල බුද්ධිමත් උගත් චන්ද රනිල් අරගෙන රනිල් උඩින්ම දිනනවා.
     
    • Like
    Reactions: crazy91_d

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    එදා තිබූ ආකර්ෂණය අඩුවෙලා. දීර්ඝ කාලයක් පාලන බලයේ සිටින ඕනෑම පක්ෂයකට එවැන්නක් සිදු විය හැකියි. ජනාධිපතිවරයාට උපරිම ජනතා ආකර්ෂණය ඇති වූයේ යුද ජයග‍්‍රහණයෙන් පසුවයි. රටේ විශාල සංවර්ධනයක් ඇති වී තිබෙනවා. ශ්‍රී ලංකාව මධ්‍යම ආර්ථිකයක් සහිත රටක් බවට පත්වෙලා. රජය කිසියම් පසුබෑමකට ලක් වනවා නම් එයට බල පාන්නේ ජීවන වියදම ඉහළ යාම. යම් කිසි හෙයකින් රජය පරාජය වුවහොත් එය සිදුවන්නේ විපක්ෂයේ හැකියාව මත නොවෙයි. පක්ෂය ඇතුළේ සිටින ඇතැම් පිරිස් සිදු කරන විවිධ අක‍්‍රමිකතා හේතුවෙන් ජනතාව කලකිරීමට පත්වීම නිසයි. විශේෂයෙන්ම ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ හා දේශපාලන හෙංචයියන්ගේ හැසිරීම පිළිබ`දවත් ඔවුන්ගේ වැරදිවලට විනයානුකූල පියවර නොගැනීම පිළිබ`දවත් ජනතාව කල කිරිලා. ගම්වල ජනතාවට වඩා නගරබද ජනතාවට මේවා දැනෙනවා. උතුරේ විශාල සංවර්ධනයක් ඇති වී තිබෙනවා. එහෙත් මිනිසුන්ගේ සාක්කුවට මුදල් වැටෙන ක‍්‍රමයක් සකසා නැහැ. රට වගේම ජනතාවත් නඟා සිටුවිය යුතුයි. එවිට ජනතා ආකර්ෂණය ර`දවා ගත හැකියි.
    . [/SIZE]

    soo true:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජනාධිපති ධුරයෙන් ඉවත් කරන ලද පුද්ගලයකු නොවිය යුතුයි. දෙවතාවකට වැඩි වාර ගණනක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය යන කොන්දේසිය 2010 වන තෙක් පැවතුණා. එය 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉවත් කෙරුණා. තුන්වැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුස්සකු හෝ නුසුදුස්සකු වීමට වැදගත් වන්නේ අදාළ දිනයයි. අදාළ දිනය වන්නේ ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දුන් දිනයයි. ඒ අනුව ජනාධිපතිවරයාට තුන්වැනි වරටත් තරග කිරීමට බාධාවක් නැහැ. මෙයට විරුද්ධව මත ප‍්‍රකාශ කරන පිරිස් 92 වගන්තිය පිළිබ`ද කිසිවක් නොකියා 31 වැනි වගන්තිය පිළිබ`දව කතා කරනවා. 31 වැනි වගන්තියේ දෙවතාවකට වඩා ජනාධිපති ධුරයට තරග කළ නොහැකි බව ස`දහන්ව තිබුණා. එම වගන්තිය 2010දී ඉවත් කළා. තුන්වැනි වතාවට ජනාධිපතිවරණකට ඉදිරිපත් විය නොහැකියැයි ප‍්‍රකාශ කරන පුද්ගලයන් කරන්නේ පැරණි නීතියක් යළි බල ගැන්වීමට උත්සාහ කිරීමක්. එම නීතිය දැන් අහෝසියි.

    :yes::yes::yes::yes: මේක තමයි ඇත්ත, ඔය මහින්දට බැ කියන කබරයො ඔක්කොම මහින්දට අමු බයයි,මොකද උන් දන්නව මහින්ද ගේමට බැස්සම ඔකුන් යන්නෙ හොම්බෙන් කියල.:P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ගෝමින් දයාසිරි නම් ඉතින් ආණ්ඩුවේ කුණු කන හාදයෙක්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113


    :yes::yes::yes::yes: මේක තමයි ඇත්ත, ඔය මහින්දට බැ කියන කබරයො ඔක්කොම මහින්දට අමු බයයි,මොකද උන් දන්නව මහින්ද ගේමට බැස්සම ඔකුන් යන්නෙ හොම්බෙන් කියල.:P

    ලබ්බ තමයි.දැන්වත් මහපොලොවට වරෙන් බූරුවෝ
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo


    :yes::yes::yes::yes: මේක තමයි ඇත්ත, ඔය මහින්දට බැ කියන කබරයො ඔක්කොම මහින්දට අමු බයයි,මොකද උන් දන්නව මහින්ද ගේමට බැස්සම ඔකුන් යන්නෙ හොම්බෙන් කියල.:P

    appata siri umba awada
    ban karala neda tibbe.
    :rofl::rofl::rofl:
    umba nathi kaale nam ithin paw kiyala dukak hithuna
    :dull::dull::dull::dull:
    dan eth ithin mewa dakiddi umbawa aith ban kalanam hodai kiyala hithenawa.

    :oo::oo::oo::baffled::baffled::baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලබ්බ තමයි.දැන්වත් මහපොලොවට වරෙන් බූරුවෝ
    අපි මහ පොලොවෙ තමා ඉන්නෙ උබල තමා සිහින් මාලිගා හදාගෙන මහින්දට බෑ අරකයි මේකයි කියවන්නෙ ,ලැජ්ජයි යකො බොලා පිරිමිද ?? වැඩර්ලනම් ජනාධිපති වරනෙන් පරද්දපල්ල උඩු බුරන් නැතුව :P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    appata siri umba awada
    ban karala neda tibbe.
    :rofl::rofl::rofl:
    umba nathi kaale nam ithin paw kiyala dukak hithuna
    :dull::dull::dull::dull:
    dan eth ithin mewa dakiddi umbawa aith ban kalanam hodai kiyala hithenawa.

    :oo::oo::oo::baffled::baffled::baffled:
    කියාගන්ඩ දෙයක් නැති උනාම එහෙමවත් කියපන්, :rofl:
    අපේ ජනාධිපතිතුමාට 3 වෙනි පාර ඉල්ලන්ඩ පුලූවන් ,අපි බලමුකො ඔය ඉල්ලන්ඩ බැ කියල කියන උලමො දිනන හැටි චන්දෙන්.:P:P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කියාගන්ඩ දෙයක් නැති උනාම එහෙමවත් කියපන්, :rofl:
    අපේ ජනාධිපතිතුමාට 3 වෙනි පාර ඉල්ලන්ඩ පුලූවන් ,අපි බලමුකො ඔය ඉල්ලන්ඩ බැ කියල කියන උලමො දිනන හැටි චන්දෙන්.:P:P

    මම නම් ඕවා මාධ්‍ය වල කියන්න ගියේ නෑ මම එහෙම කිව්වා කියලා තිබ්බද?
    කවුද බන් කියන්නේ ඉල්ලන්න බෑ කියලා එයාමනේ නීති වෙනස් කරගත්තේ
    නිකන් ඉන්න එකේ මේකවත් බලපන් දැන්

     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    "යමෙක් අහසෙහි සැගවුනද, මහා පොලොව යට සැගව සිටියද, මහා සාගරය තුල සැගව සිටියද, මහා ගල් පර්වත වලට මුවා වී සැගඋනද, මහා තුරු ලතා වලට මුවා වී සැගඋනද..... තමා කල පව් වලින් බේරී සිටීමට කිසිවිටකදී නොහැක. එය පව් කල තැනැත්තා පසු පසම විත් පළ දෙනවා නියතය"
    - බුදුන් වහන්සේ -
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land


    :yes::yes::yes::yes: මේක තමයි ඇත්ත, ඔය මහින්දට බැ කියන කබරයො ඔක්කොම මහින්දට අමු බයයි,මොකද උන් දන්නව මහින්ද ගේමට බැස්සම ඔකුන් යන්නෙ හොම්බෙන් කියල.:P
    hi sudu :love: dakka kal
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහිදන්ට බය හෝ බය නැති එක නෙමයි මචං මෙතන ප්‍රශ්නේ

    මේක නිත්‍යානුකුලද වයවස්ත්වට අනුකුලද කියන එක.
    මෙහෙම් රටේ නායකයා තොරද්දීත් නිතියට රටේ ආණ්ඩුක්‍රම විවස්තාවට පටහැනි නම් එස්සරහට නීතියට මොන තත්වයක්වෙයිද? ඔන්න ඕකයි මචං තියන ගැටලුව

    අනික මහින්දට බය වෙන්න හේතු තියනවනේ ඕනි තරම්

    රටම නය කරපුවා
    නිතිය තමාට ඕනි විදියට පාලනය කරපුවා
    මාදයවෙදින්ට ගහපුවා
    විදේශ නිලදරින්ට ගහපුවා

    මේවා දැක්කම බය නොවී පුලුවන්ද??
    හොරට චන්දෙට එන මිනිහා චන්දේ හොරට නොකරයි කියලා තියන වගකීම මොකද්ද?
    මේ කරගෙන ගිය විනාසය දලපු මිනිස්සු මහින්දට බයයි තමයි
    තමාගේ ළමයිට අදරේ කරන ළමයිගේ අනාගතේ ගැන හිතන මිනිස්සු මහින්දට බයයි තමයි
    රටට ආදරේ මිනිස්සු පටු වාසි තකන්නේ නැති මිනිස්සු මහින්ද එනවට බයයි තමයි
     
    Last edited: