ජනපති ඇමතිවරු හෙජින් ගෙවිය යුතුයි
අහිංසක ජනතාව බර පටවන්නේ නැතිව
දූෂිත "හෙජින් ගිවිසුම" නිසා ගෙවීමට ඇති කෝටි දස දහසක
මුදල ජනපතිගෙන් හා ඇමැති මණ්‌ඩලයෙන් අයකර ගත යුතුයි
දයාසිරි ජයසේකර
ජනතාව ආර්ථික පීඩාවන්ට තල්ලූකර
රට ජාත්‍යන්තර සිරකරුවෙක් බවට පත්කරලා
සිඩ්නි ජයරත්න (උතුරු මැද පළාත් සභා මන්ත්‍රී)
පියසේන දිසානායක
දූෂිත හෙජින් ගිවිසුම නිසා රුපියල් කෝටි දස දහසකට ආසන්න මුදලක් රජයට ගෙවීමට සිදුව තිබෙන බැවින් එහි බර අහිංසක ජනතාව මත නොපටවා ගිවිසුමට වගකිව යුතු ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමැති මණ්‌ඩලයෙන් සහ මහ බැංකු අධිපතිවරයාගෙන් එම සම්පූර්ණ මුදල අයකරගත යුතු බව කුරුණෑගල දිස්‌ත්‍රික් එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
හෙජින් ඇතුළු හොර ගිවිසුම් හා ආණ්‌ඩුවේ අත්තනෝමතික ක්‍රියාපිළිවෙත නිසා මේ වනවිට ලුණු ඇටයේ සිට සෑම භාණ්‌ඩයකම මිල ගණන් අසීමිත ලෙස ඉහළගොස් ජනතාවට දැඩි පීඩාවන්ට හා අනතුරුදායි තත්ත්වයට මුහුණ පෑමට සිදුව තිබෙන බව හෙතෙම කීය.
දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පළකළේ හිඟුරක්‌ගොඩ, ඇලහැර ප්‍රාදේශීය සභාවලට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා 12 වැනිදා එම ප්‍රදේශවල පැවැති ජනහමු කිහිපයක් අමතමිණි.
ඇලහැර එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක සහ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා සංවිධානය කර තිබූ එම රැස්‌වීම් අමතා තවදුරටත් අදහස් දැක්‌වූ ජයසේකර මහතා මෙසේද කීය :
පළාත් පාලන ආයතන 64 ක් වෙනුවෙන් පවත්වන මේ මැතිවරණය කුඩා මැතිවරණයක් වූවත් එය තීරණාත්මක මැතිවරණයක් බව කිවයුතුයි.
මේ මැතිවරණයේදී ආණ්‌ඩුවේ හොරකම, දූෂණය, භීෂණය හා නොහැකියාව පිළිබඳ ජනතාවට කරුණු කියනවා සේම මේ ප්‍රදේශවල අහිංසක ජනතාව රැවැටීමට ලක්‌කරමින් ප්‍රාදේශීය සභාවල හිටපු පාලකයන් සිදුකළ දූෂිත ක්‍රියාවල නිරුවත හෙළිකර දිය යුතුයි.
නගර සභා හා ප්‍රාදේශීය සභා මගින් ඒ ඒ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කිරීමට හැකියාව තිබුණත් මේ ආණ්‌ඩුව යටතේ පැවැති එම ආයතන මගින් දූෂණය හා හොරකම හැරුණ විට සංවර්ධනයක් සිදුව නැති බව පැහැදිලියි.
කොමිස්‌වලට මුල්තැන දී ක්‍රියාකළ ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන් විවිධ පොරොන්දු රැගෙන අද නැවත ඔබ ලඟට පැමිණෙමින් සිටිනවා. මේ මැතිවරණයේදී ඔවුන්ට අමතක නොවන පාඩමක් ඉගැන්විය යුතුයි. එක්‌සත් ජාතික පක්‍ෂයේ අප සියලු දෙනා එකමුතුව, සමගි සම්පන්නව, සහෝදරත්වයෙන් ක්‍රියාකළ යුතු කාලය දැන් එළඹ තිබෙනවා.
එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලුදෙනා අද කල්පනා කළ යුත්තේ ආණ්‌ඩුව නමැති පොදු සතුරා පරාජය කොට ජනතාව මුහුණපා සිටින දුක්�ත තත්ත්වයෙන් ඔවුන් ගොඩ ගැනීම සඳහා දර්ශනයක්, වැඩපිළිවෙළක් හා හැකියාවක් ඇති එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක් පිහිටුවා ගැනීම පිළිබඳවයි.
ක්‍රිකට් ක්‍රීඩාව නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ විශාල ප්‍රසිද්ධියක් ලබා ගණිමින් ලෝක කුසලානය පවා ජයග්‍රහණය කළත් අද සන්ධාන ආණ්‌ඩුව යටතේ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී තිබෙනවා.
කුමාර සංගක්‌කාර හෙළිකළ කරුණු තිත්ත ඇත්ත වුවත් ආණ්‌ඩුව පිළිගත යුතුයි. නමුත් ආණ්‌ඩුව තවමත් හිතුවක්‌කාරි අයුරින් විවිධ පාර්ශ්වයන්ට ඇඟිල්ල දිගුකරමින් තම වැරැද්ද වසා ගැනීමේ උත්සාහයක නිරතව සිටිනවා.
පසුගිය ලෝක කුසලාන තරගාවලිය සහ මුදල් වියදම් කිරීම පිළිබඳ බරපතළ ගැටලු මතුව තිබෙනවා. එහි ආරක්‍ෂක කටයුතු සඳහා පමණක් ලක්‍ෂ 900 ක් වියදම්කර තිබෙනවා. මේ ආකාරයට ලෝක කුසලාන තරගාවලියේ ලැබුණු ආදායම් හා වියදම් පිළිබඳ ප්‍රශ්න රැසක් මතුව තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන අද විශාල අභියෝගයකට ලක්‌ව තිබෙන්නේ එය දේශපාලනීකරණය වීම නිසා දැනට උද්ගතව තිබෙන ගැටලු සහ ක්‍රිකට් ක්‍රීඩාව ආරක්‌ෂාකර ගැනීම පිළිබඳ සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් නොපමාව පත්කළ යුතුයි.
මෙරටට ප්‍රමිතියෙන් තොර තෙල් ගෙන්වීම නිසා වාහනවලට හා ඉන්ධන පිරවුම්හල් විශාල ප්‍රමාණයකට බරපතළ හානි සිදුව තිබෙනවා. මේ තත්ත්වය හමුවේ විෂයභාර ඇමැතිවරයා ප්‍රමුඛ මැති ඇමැතිවරු සහ නිලධාරීන් ඇඟබේරා ගැනීමේ උත්සාහයක නිරතව සිටිනවා.
ප්‍රමිතියෙන් තොර ඉන්ධන ලංකාවට ගෙන්වීම පිළිබඳ වගකීම භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වී නැහැ. වෙනත් රටක මෙවැනි දෙයක් සිදු වුවහොත් විෂයභාර ඇමැතිවරයා ඉල්ලා අස්‌වෙනවා. නමුත් ලංකාවේ සිදුවන්නේ එවැනි ඇමැතිවරුන්ට ලැබෙන වරප්‍රසාද වැඩිකිරීමයි.
2001 බලයට පැමිණි එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව එවකට පැවති අභියෝග සියල්ලට මුහුණ දෙමින් රටේ ආර්ථිකය ශක්‌තිමත් කරමින් රට සංවර්ධනය කරා ගෙනයැමට කැපවී ක්‍රියා කළා. එදා තෙල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් දිනක පිරිපහදු කළ හැකි වැඩපිළිවෙළක් සකස් කිරීමට අපි ක්‍රියාකළ නමුත් මේ ආණ්‌ඩුව එය කඩාකප්පල් කරමින් ඉරාන ජනාධිපතිවරයා ගෙන්වා මුල්ගල තැබුවත් අද ඒ ව්‍යාපෘතිය මුල්ගලට පමණක් සීමාවී තිබෙනවා.
ආණ්‌ඩුව හිතුවක්‌කාරී ලෙස හොර ගිවිසුම්වලට අත්සන් කිරීම නිසා මේ වනවිට රට මහත් අනතුරකට පත්වෙමින් තිබෙනවා. එදා හෙජින් ගිවිසුම ඇතිකර ගන්නා විට විපක්‍ෂය ඊට දැඩි ලෙස විරුද්ධ වුණා. නමුත් ඒ දූෂිත ගිවිසුමට ආණ්‌ඩුව අත්සන් කළ නිසා අද එහි වන්දි ගෙවීමට මෙරට අහිංසක ජනතාවට සිදුව තිබෙනවා.
එම ජනහමු අමතා ඇලහැර එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක සහ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා මෙසේ පැවැසීය (
සුරංගනා පොරොන්දු දී බලයට පැමිණි සන්ධාන ආණ්‌ඩුව අද වනවිට ඒ පොරොන්දු කිසිවක් ඉටුනොකර රටේ ජනතාව දැඩි ආර්ථික පීඩාවන්ට තල්ලුකර රට ජාත්‍යන්තරයේ සිරකරුවෙක් බවට පත්කර තිබෙනවා.
මේ ආණ්‌ඩුවට ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හෝ රටේ අභියෝග ජය ගැනීමට පෙර ජාත්‍යන්තරයෙන් එල්ලවන ප්‍රශ්නවලට මුහුණ දීමට හෝ හැකියාවක්, වැඩපිළිවෙළක් නැහැ. මේ නිසා අද රට අභියෝග රැසකට මුහුණ පා සිටිනවා.
ජනතාවගේ ආදායම් මාර්ග හා වැටුප් ඉහළ දමන බවට ආණ්‌ඩුව කිහිප වරක්‌ම පොරොන්දු දුන්නත් අද වනතෙක් ඒ කිසිවක් ඉටුකර නැහැ. යුද්ධය පැවැති සමයටත් වඩා අද බඩුමිල ඉහළගොස් තිබෙනවා.
යුද්ධයෙන් පසු තමන්ට කිසියම්ම හෝ සහනයක් ලැබෙනු ඇතැයි රටේ ජනතාව අපේක්‍ෂා කළත් අදවන විට ඒ සියලු අපේක්‍ෂාවන් බිඳ වැටී තිබෙනවා.
මේ පළාත් පාලන ආයතන පාලනය කළ ඇතැම් උදවිය අද නැවැතත් ජනතාවගේ දෙපතුළ ලඟට පැමිණ ඡන්දය අයදමින් සිටිනවා. කොමිස් මුදල් වලින් පෝෂණය වූ ඔවුන්ට මෙවර මැතිවරණයේ දී අමතක නොවන පාඩමක් උගන්වා එක්‌සත් ජාතික පක්‍ෂයට පළාත් පාලන ආයතනවල බලය පැවැරීමට ජනතාව පෙළගැසී සිටින බව කිව යුතුයි.