ජනපති ජෝක් වීම

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    197558022-967982734017655-1242647369139157041-n.jpg

    මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ අපේ රටේ ජනාධිපතිවරයා කරන් කියන හැම දේම ශෝෂල් මිඩියා වල විහිළුවක් වීම දැකලා.

    මට නං හිතෙන විදියට, මම අත්දැකලා තියෙන ජනාධිපතිවරු අතරින් හොදම විදියට මිඩියා හැන්ඩ්ල් කරේ මහින්ද රාජපක්ෂ. ඒකට එයා වටේ හිටිය අයත් උදව් වෙන්න ඇති. මොකද මහින්ද ජනාධිපති උනේ උඩින් පාත් වෙලා, හදිසියේ නෙමෙයි. දීර්ඝ කාලයක් දේශපාලනය කරලා, අපේ රටේ දේශපාලකයෙක්ට දරන්න තියෙන සියළුම තනතුරු වලට ක්‍රමිකව පත්වෙලා, ඒවායේ කටයුතු කරලා. එයා වටේ ඒ ඒ ක්ෂේත්‍ර වලදී, තනතුරු වලදී හිටපු කණ්ඩායමක් එක්ක. ඒ නිසා මිඩියා වල ජනප්‍රියත්වයේ ඉන්නවා. අනා ගත්තේ නැහැ. එහෙම වෙන්න ගියත් ගොඩ දාලා දෙන්න පුළුවන් සෙට් එකක් හිටියා.

    මම හිතෙන්නේ ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) එකෙත් ස්වර්ණම යුගය 2005-2015. ඇත්තම කිව්වොත් ජනාධිපති උනාම එයා තව ප්‍රසිද්ධ උනා. චරිතේ ගොඩ නැගුනා. මම එහෙම කියන්නේ මොකද ජනාධිපතිවෙන්න කලින් හොද ප්‍රතිරූපයක් තිබ්බ, වැඩ කරපු අය ඊට පස්සේ එතරම් සාර්ථක නොවුන නිසා.

    හොදම උදාහරණය ආර් ප්‍රේමදාස මහතා. ජේආර් ජනාධිපතිවරයා යටතේ, අගමැති විදියට ප්‍රේමදාස පට්ට ෆේමස්. ගම්උදාව, උදාගම්, ඇඟලුම්.. ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සාර්ථක උනා. ජනාධිපති ලෙස එයා ඒ තරම් සාර්ථක නැහැ. =හැබැයි මහින්ද එහෙම නෙමෙයි. ජනාධිපති උනාම තමයි දැවැන්ත ප්‍රතිරූපය හැදුනේ. ඒකට PMD එක බලපෑවා.

    ඊට පස්සේ මයිත්‍රී ජනාධිපති උනාම එයාට එයාගේ පිරිසක් හිටියේ නැහැ. මහින්දට වගේ මිඩියා හැන්ඩල් කරන්න අය කොහොමත් නැහැ. ඒ නිසා අරහෙන් මෙහෙන් ඇහින්දාස් සෙට් එකක් තමයි ඔකේ හිටියේ. පොළොන්නරුවේ අයයි, සිරස ටීවී එකේ කට්ටියයි, එවකට මන්ත්‍රී, ඇමතිවරුන් අදුරන අයයි ඔතන හිටියේ. එකමුතු කමක් නැහැ.

    ඉතිං ඔය අස්සේ පොහොට්ටුවේ කැම්පේන් එක පටන් ගත්තා, එකවකට යහපාලන ආණ්ඩුවට එරෙහිව. එයාලා කෙලින්ම ගැහුවේ, ජෝක් කරේ රටේ ජනාධිපතිව. ඊට කලින් කෝටි රජයකදී වත් රටේ ජනාධිපති එහෙම ජෝක් කරේ නැහැ. මහින්දගේ කාලේ උනත් විවිද දේවල් වලදී ජෝක් උනේ ඇමතිවරු. මර්වින් සිල්වා වගේ අය ඒවාට හිටියා.

    හැබැයි සිරිසේන ජනාධිපතිගේ කාලේ ඕක වෙනස් වේලා ජනාධිපති විහිලුවක් කරා. එකෙන් උනේ ජනාධිපති තනතුරම හෑල්ලුවට ලක්වීම. එයාගේ කියන දේවල් ඔක්කොම ජෝක් වෙලාම ගියා. ඇමරිකාවේ ට්‍රම්ප්ටත් මේකමයි කරේ. මිනිහාගේ හැම දේම විහිලුවට ගත්තා.CNN එකේ එහෙම ට්‍රම්ප් ගැන මොකක් හරි කියද්දී එකේ නිවේදකයෝ උපහාසයෙන් කට කොනින් සිනහා වෙන ගමන් එක කිව්වේ.

    කොහොම හරි සිරිසේන ජනාධිපතිගේ වෙලේ පොහොට්ටුව කරපු දේ, දැන් ආපස්සට එයාලගේ ජනාධිපතිට ඊට වඩා දරුණු මට්ටමකින් දැන් මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේක හසුරුවන්න පිරිසක් වත්මන් ජනාධිපතිගේ PMD එකෙත් නැහැ, මොකද මෙයටත් එයාගේ පිරිසක් නැහැ.

    තව කෙනෙක් ජනාධිපතිඋනත් මේ වගේ ජෝක් වෙන්න තියෙන ඉඩ මීට වඩා වැඩියි ඊලග වටයේදී. මොකද දැන් රටේ ජනාධිපතිව ජෝක් කරන්නේ කොහේ හරි එක තැනකින් පටන් ගත්තු මාධ්‍ය මෙහෙයුමකින් නෙමෙයි. රටේ මිනිස්සු ස්වාධීනව. එතකොට ඒක නවත්තන්න විදියක් ඇත්තේ නැහැ. නිශ්චිත කෙනෙක් නෙමෙයි. ඔය නිසාම තමයි ලෝකේ ඕනිම පවතින රජයක් ස්වාධීන ජන නැගටීම් වලට බය. මොකද විපක්ෂයක් හරි, දේශපාලන පක්ෂයක් හරි එහෙම විරුද්ධව නැගිටිනවා නං ඒකට ගන්න ඕනි පියවර, කාට එරෙහිවද ඒක කරන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඒත් එකිනෙකට සම්බන්ධ නැති ස්වාධීන මිනිස්සු නැගිට්ටොත් ඒක පාලනය කරන්න බැහැ, කොහෙන් කෙළවර වෙයිද කියලා කියන්නත් නැහැ.

    කොහොම හරි අපේ රටේ නං මේක ඉතිං මහා අපරාධයක්. විධායක ජනපති ජෝක් වීම. මොකද මේ හැම දෙයින්ම වෙන්නේ රටේ කිසිදෙයක් හරියට ක්‍රියාත්මක කරන්න හැකියාවක් නොලැබී රට අවුරුදු පහෙන් පහට ආපස්සට යන එක තමයි. නිලධාරීන් උනත් මේ වගේ වෙලාවට ශේප් වෙලා ඉන්නවා මිසක් දෙන අණක් පිළිපදින්නේ නැහැ හරියට.

    ත්‍රෙඩ් එක නං දිග වැඩි ඇති. කියවන්න කම්මැලි නං කමක් නැහැ. මම මේ නිකං ඉන්න ගමන් අත්දැකීම් ඇසුරෙන් කල්පනා වෙන දේවල් දැම්මේ. හිතට එන දෙයක් කොහේ හරි ලියලා තිබ්බට කමක් නැහැ කියලා හිතුන නිසා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,496
    14,631
    113
    Mahindage set eka gota ta support karanne nathi wenna baha neh.
    Methana thiyenne gota wa selectively thani karala wage.
    Good leader kenek wunama ena prashna tackle karanna ona hariyata a welawata. Nathuwa wate unta benala hari yanne naha mokada wate unwa path karanneth president ma nisa.
    Mama nam hithanne mekai. Army eke officerslath daagena Gota gemak gahanna haduwa. Ekata erala damma mahindage set eka. Mahinda okata atha daanne naha mokada Namal eddi udaw ganna ona oya Gota ta arina set ekenma thama.
    Mahinda ekama pathuma Namal wa secure karana eka. Ekata me inna horu tika ona wenawa. So Gota malli wunath karanna deyak naha. Wate un malliwa ganan ganne nathi wunata unta benala puthage future eka nathi karanna baha neh.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කතාව තනිකර වැරදියි, සිරිසේනට උනේ අල්ල්පු වත්තයි පය ගහපු වත්තයි දෙකම නැති උන එක..අපිව දාල ගිය නා අපි ඌව බල්ලට ගනන් ගත්තෙ නැ, ඒ වගේම උබලගෙ රනිලට බලේ නොදුන්න නිසා උබලට ඌව පේන්ඩ බැරි උනා, උබලගෙ වද රනිල් දෙයිය කියල හිතාගෙන උබලත් සිරිසේනට ගහන්ඩ ගත්ත...ඌට බල්ලෙක්වත් ඉතුරු උනේ නැ... ඒක තමයි ඇත්ත කතාව..

    වර්තමාන ජනාධිපතිතුමාට උබ ඔය කියන සිරාට උන දේ වෙලා නැ ඔහු වෙනුවෙන් අපි ඉන්නව ඕන වෙලාවක, උබලට ඇල්ජඉක් උනාට අපි බල්ලට ගනන් ගන්නෙ නැනෙ අපිට හොදයි..
     
    උබ පිළිගත්තේ නැති උනාට මට කමක් නැහැ. ඒ උනාට මෙන්න ඊයේ කතාවට ජනපතිගේ පේජ් එකේ රිඇක්ට්.

    Capture.jpg
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ඔය කතාව තනිකර වැරදියි, සිරිසේනට උනේ අල්ල්පු වත්තයි පය ගහපු වත්තයි දෙකම නැති උන එක..අපිව දාල ගිය නා අපි ඌව බල්ලට ගනන් ගත්තෙ නැ, ඒ වගේම උබලගෙ රනිලට බලේ නොදුන්න නිසා උබලට ඌව පේන්ඩ බැරි උනා, උබලගෙ වද රනිල් දෙයිය කියල හිතාගෙන උබලත් සිරිසේනට ගහන්ඩ ගත්ත...ඌට බල්ලෙක්වත් ඉතුරු උනේ නැ... ඒක තමයි ඇත්ත කතාව..

    වර්තමාන ජනාධිපතිතුමාට උබ ඔය කියන සිරාට උන දේ වෙලා නැ ඔහු වෙනුවෙන් අපි ඉන්නව ඕන වෙලාවක, උබලට ඇල්ජඉක් උනාට අපි බල්ලට ගනන් ගන්නෙ නැනෙ අපිට හොදයි..
    උබ හිටියට බලපං ඕන්නං මිනිස්සුන්ගෙ තියෙන ආකල්පය දැන්.
     
    • Like
    Reactions: Champ HB

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ පිළිගත්තේ නැති උනාට මට කමක් නැහැ. ඒ උනාට මෙන්න ඊයේ කතාවට ජනපතිගේ පේජ් එකේ රිඇක්ට්.

    Capture.jpg
    ඔය රැල්ලට දාන ඒවනෙ, ඔව චන්දෙකට ගියාma :ROFLMAO: :ROFLMAO: වදින්නෙ උබලගෙ මෝඩ විපක්ශ නායකයට

    උබ හිටියට බලපං ඕන්නං මිනිස්සුන්ගෙ තියෙන ආකල්පය දැන්.
    බලාපියකො කිරියෙ තිබ්බ අලුත් මත විමසුම්, විපක්ශෙට තිබ්බෙ කුණු කානුව .. 🤭🤭
    ------ Post added on Jun 26, 2021 at 8:09 PM
     
    • Dislike
    Reactions: yapa100

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Mahindage set eka gota ta support karanne nathi wenna baha neh.
    Methana thiyenne gota wa selectively thani karala wage.
    Good leader kenek wunama ena prashna tackle karanna ona hariyata a welawata. Nathuwa wate unta benala hari yanne naha mokada wate unwa path karanneth president ma nisa.
    Mama nam hithanne mekai. Army eke officerslath daagena Gota gemak gahanna haduwa. Ekata erala damma mahindage set eka. Mahinda okata atha daanne naha mokada Namal eddi udaw ganna ona oya Gota ta arina set ekenma thama.
    Mahinda ekama pathuma Namal wa secure karana eka. Ekata me inna horu tika ona wenawa. So Gota malli wunath karanna deyak naha. Wate un malliwa ganan ganne nathi wunata unta benala puthage future eka nathi karanna baha neh.
    මහින්දගේ අය වෙනම යන්නේ. මොනවා උනත් මේ වගේ වෙන එකට මගේ කැමැත්තක් නැහැ. රට ආපස්සට යන එකයි වෙන්නේ මේකෙන්. මහා අපරාධයක් මේක.
     
    • Like
    Reactions: planner123

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උබ හිටියට බලපං ඕන්නං මිනිස්සුන්ගෙ තියෙන ආකල්පය දැන්.
    උබ පිළිගත්තේ නැති උනාට මට කමක් නැහැ. ඒ උනාට මෙන්න ඊයේ කතාවට ජනපතිගේ පේජ් එකේ රිඇක්ට්.

    Capture.jpg
    අඩේ.. ඉරෝසන්ගේ ඔය කමෙන්ට් එක මට පේන්නේ නෑනේ 🤔
     
    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    ඔය කතාව තනිකර වැරදියි, සිරිසේනට උනේ අල්ල්පු වත්තයි පය ගහපු වත්තයි දෙකම නැති උන එක..අපිව දාල ගිය නා අපි ඌව බල්ලට ගනන් ගත්තෙ නැ, ඒ වගේම උබලගෙ රනිලට බලේ නොදුන්න නිසා උබලට ඌව පේන්ඩ බැරි උනා, උබලගෙ වද රනිල් දෙයිය කියල හිතාගෙන උබලත් සිරිසේනට ගහන්ඩ ගත්ත...ඌට බල්ලෙක්වත් ඉතුරු උනේ නැ... ඒක තමයි ඇත්ත කතාව..

    වර්තමාන ජනාධිපතිතුමාට උබ ඔය කියන සිරාට උන දේ වෙලා නැ ඔහු වෙනුවෙන් අපි ඉන්නව ඕන වෙලාවක, උබලට ඇල්ජඉක් උනාට අපි බල්ලට ගනන් ගන්නෙ නැනෙ අපිට හොදයි..
    Lol කුඩ්ඩොන්ට කඩේ යන උන්ගෙ දේශන 😅😅😅
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,930
    113
    ලංකාවේ.. ලංකාවේ
    අනේ බන් දැන් උබලා දුමින්ද ගැන කතා නෑ නේ... ❓❓❓
    පැය 24ක් යන්නට මත්තෙන් දුමියා අමතක උනා නේ.... 😜😜😜
    ආන්න බලන්න නයනී සතියක් වත් ආදායම් වාර්තා බිදලමින් යන්න තිබ්බ කතාව පැය 24 කට කොටු කල ලස්සන.... 8-)8-)8-)8-)
    දේශපාලන කතා වලට මම, උබලා පොඩි වැඩියි තාම... 😢😢

    මම මේකම දැම්ම මේකෙත්....
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Mahindage set eka gota ta support karanne nathi wenna baha neh.
    Methana thiyenne gota wa selectively thani karala wage.
    Good leader kenek wunama ena prashna tackle karanna ona hariyata a welawata. Nathuwa wate unta benala hari yanne naha mokada wate unwa path karanneth president ma nisa.
    Mama nam hithanne mekai. Army eke officerslath daagena Gota gemak gahanna haduwa. Ekata erala damma mahindage set eka. Mahinda okata atha daanne naha mokada Namal eddi udaw ganna ona oya Gota ta arina set ekenma thama.
    Mahinda ekama pathuma Namal wa secure karana eka. Ekata me inna horu tika ona wenawa. So Gota malli wunath karanna deyak naha. Wate un malliwa ganan ganne nathi wunata unta benala puthage future eka nathi karanna baha neh.

    This makes sense.

    He needs to fire PMD crew and recruit new people. Yesterday's speech was okay but the production quality was horrible. Framing, colour grading, white balance, audio everything was totally off
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔය රැල්ලට දාන ඒවනෙ, ඔව චන්දෙකට ගියාma :ROFLMAO: :ROFLMAO: වදින්නෙ උබලගෙ මෝඩ විපක්ශ නායකයට

    බලාපියකො කිරියෙ තිබ්බ අලුත් මත විමසුම්, විපක්ශෙට තිබ්බෙ කුණු කානුව .. 🤭🤭
    ------ Post added on Jun 26, 2021 at 8:09 PM
    දැන් පේනවා. මේ..... රනිලුත් ඡන්දෙට කලින් ඔහොම තමයිලු හිතාන් හිටියේ
     
    • Like
    Reactions: Solo Rider

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනේ බන් දැන් උබලා දුමින්ද ගැන කතා නෑ නේ... ❓❓❓
    පැය 24ක් යන්නට මත්තෙන් දුමියා අමතක උනා නේ.... 😜😜😜
    ආන්න බලන්න නයනී සතියක් වත් ආදායම් වාර්තා බිදලමින් යන්න තිබ්බ කතාව පැය 24 කට කොටු කල ලස්සන.... 8-)8-)8-)8-)
    දේශපාලන කතා වලට මම, උබලා පොඩි වැඩියි තාම... 😢😢

    මම මේකම දැම්ම මේකෙත්....

    Duminda should've been released much earlier. when those Ranjan + Shani + Padmini Ranawaka audio recordings came out.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අනේ බන් දැන් උබලා දුමින්ද ගැන කතා නෑ නේ... ❓❓❓
    පැය 24ක් යන්නට මත්තෙන් දුමියා අමතක උනා නේ.... 😜😜😜
    ආන්න බලන්න නයනී සතියක් වත් ආදායම් වාර්තා බිදලමින් යන්න තිබ්බ කතාව පැය 24 කට කොටු කල ලස්සන.... 8-)8-)8-)8-)
    දේශපාලන කතා වලට මම, උබලා පොඩි වැඩියි තාම... 😢😢

    මම මේකම දැම්ම මේකෙත්....
    ඔව් මම දැක්ක ඕක කොහෙද ඉස්සෙල්ල. උත්තර දෙන්න තරං දෙයක් නෙමෙයි නිසා මම ගණන් ගත්තේ නැහැ.
     
    • Like
    Reactions: Solo Rider

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,930
    113
    ලංකාවේ.. ලංකාවේ
    Duminda should've been released much earlier. when those Ranjan + Shani + Padmini Ranawaka audio recordings came out.
    ඔය ලැස්තිය 2024-2025 චන්දෙට...... ඊලග මාතෘකා 2-3ක් අවාම ඔය ඔක්කොම අමතකයි.... දැන් අපිට පාස්කුව මතකත් නෑ. මහා බැංකුව මතකත් නෑ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය ලැස්තිය 2024-2025 චන්දෙට...... ඊලග මාතෘකා 2-3ක් අවාම ඔය ඔක්කොම අමතකයි.... දැන් අපිට පාස්කුව මතකත් නෑ. මහා බැංකුව මතකත් නෑ.
    මතක නැත්තං ඔය මතක් උනේ පාස්කුව ගැනයි, මහා බැංකුව ගැනයි :confused: