ජනපති තායිලන්තයට
නිල සංචාරයක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අලුයම තායිලන්තය බලා පිටත්ව ගියේය.
ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජනාධිපතිතුමා මෙම සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය යින්ලක් ෂිනවත් මහත්මිය හමුවී ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.
මීට අමතරව ජනාධිපතිතුමා, ද්විපාර්ශ්වීය දේශපාලන උපදේශනය පිළිබඳව මෙන්ම සාපරාදි කටයුතුවලට අදාළව තායිලන්ත රාජකීය ආණ්ඩුව සහ මෙරට අතර ඇතිකර ගන්නා නෛතික ආධාර හුවමාරු කර ගැනීමේ ගිවිසුම පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතයි.
ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, දෙරටේ විදේශ අමාත්‍යාංශ අතර මේ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබීමට නියමිත බවයි.
මෙම සංචාරයේදී ජනාධිපතිතුමා තායිලන්ත රජකුමරිය හමුවීමට ද සැලසුම් කර තිබේ.
2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මේ මස 31 වැනිදා පැවැත්වෙන උත්සවයටද ජනාධිපතිතුමා සහභාගි වන බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.
NF