ජනපති රනිල් චීනයේ BYD සමාගම සහ තවත් සමාගම් කීපයක් සමඟ සාකාච්ඡා කරයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජනපති සහ ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක නියෝජිතයන් අතර සාකච්ඡා

    චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) චීන සන්නිවේදන ඉදිකිරීම් සංස්ථාව, සිනොපෙක් සමාගම, BYD සමාගම ඇතුළු ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.

    ශ්‍රි ලංකාවේ අනාගත ආයෝජන අවස්ථා සහ අවකාශයන් පිළිබඳව මෙම සාකච්ඡාවලදි පුර්ණ අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

    වරාය නගරය අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, වරාය නගර පරිශ්‍රය උදෙසා නව මුල්‍ය නීති රීති සම්පාදනය, වරාය නගර පරිශ්‍රයට සීමා වූ අධිකරණ සහ බේරුම්කාරක ක්‍රමවේදයන් සැකසීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

    එසේම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධති විදුලියෙන් ක්‍රියාත්මක කිරිමේ අවකාශ, විදුලි වාහන එකළස් කිරීම, විදුලි දුම්රිය සේවා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රවර්ධනය උදෙසා හැකි උපරිමයෙන් සහාය ලබා දෙන අතර ශ්‍රි ලංකාවේ ආයෝජන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා බව සමාගම් නියෝජිතයන් මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළා.

    Dasatha Lanka News
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    BYD එකට හෙන රැල්ලක් තියනවා මේ දවස් වල යුරෝප් වල උනත්. දැන් BYD seal ඒක සන්සන්දනය කරන්නෙ ටෙස්ලා මොඩල් 3 ත් එක්ක. BYD yangwang U8 කියලාSUV එකක් ලබන මාසෙද කොහෙද එලියට දාන්න යනවා. ඒකෙ මරු මරු ගැජමැටික්ස් තියනවා. හදිස්සියකදි මිනිත්තු 30 වෙනකල් වතුරෙ පාවෙන්න පුලුහන්. 0-100 තත්පර 4 ට අඩුයි. එක ඉන්ධන +බැටරි රිෆිල් එකකින් කිලෝ මීටර් 1000+. ටෑන්ක් ටර්න් කියල ඔප්ශන් එකක් තියනවා. එක තැන 360 ගහන්න පුලුහන්

     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    එකලස් කිරීම කෙසේවෙතත්, ගෙන්නයි චීන ඉන්දියන් ඒවා..
    ඒරටවල හොද ඒවා ගනන් අන්තිමට කසිකබල් බැටරි මගුල් මේ දූපත පුරවයිද?
     
    • Like
    Reactions: NRTG and eksudda

    Similar threads