ජනපති දෙවැනි පදවි ප්‍රාප්තියේ දෑඅවුරුද්&
ජනපති දෙවැනි පදවි ප්‍රාප්තියේ දෑඅවුරුද්දේ දී සංවර්ධන ගමන් මඟේ දැවැන්ත ප්‍රගතියක්
*224000කට විදුලිය සංචාරකයන් ලක්‍ෂ 8ක්. වාහන ලක්‍ෂ 9යි නිවාස 50,000යි. අධිවේගී මාර්ග කෘෂි අංශ පිබිදීමක්
කෝටි දෙකකට ආසන්න මෙරට ජනතාව අතරින් එක්කෝටි අසූපන් ලක්‍ෂයක ජනතාවක් ජංගම දුරකථන භාවිතා කරති. නිවෙස්වල භාවිතා කරන ස්ථාවර දුරකථන ප්‍රමාණය ලක්‍ෂ පනහකට ආසන්නය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දෙවැනිවරට ජනාධිපති ධුරයට පත්වී අදට (26) වසර දෙකක් පමණවේ.
එම වසර දෙකේදී රටේ ඇතිවී තිබෙන සංවර්ධනය කොපමණදැයි යන්න ඒ ඒ අංශ සංඛ්‍යාත්මකව පරීක්‍ෂා කිරීමේදී පෙන්නුම් කරයි. පසුගිය වසරේ මෙරට ලියාපදිංචි වූ නව වාහන ප්‍රමාණය ලක්‍ෂ පහ ඉක්මවා ගොස් තිබේ. වසර දෙකේම ලක්‍ෂ 9 ඉක්මවා තිබේ.
උතුරු නැඟෙනහිර පළාත් ත්‍රස්තවාදයෙන් නිදහස් වීමෙන් පසු එම පළාත්වල ජනතාව යතුරු පැදි පාපැදි විශාල වශයෙන් ලබාගෙන තිබේ. ඒ අනුව යතුරු පැදි පමණක් පසුගිය වසරේ දෙලක්‍ෂ පනස් දහසකට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත. අලෙවි වී ඇති පාපැදි ප්‍රමාණය ලක්‍ෂ දහයකට ආසන්නය. නිවාස පනස් දහසකට වැඩි ප්‍රමාණයක් නිවාස නොමැති පිරිසට ලබාදී තිබේ.
වාරිමාර්ග සහ මහා මාර්ග පද්ධතියේ අති දැවැන්ත සංවර්ධනයක් මේ වසර දෙකදී සිදු කෙරිණි. දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය විවෘත කෙරිණ. වල් වැසී ගොස් තිබූ වැව් අමුණු දහස් ගණනක් ප්‍රතිසංස්කරණය කෙරිණි. උතුරු නැගෙනහිරද ඇතුළුව කෘෂිකර්මාන්තයෙන් යැපෙන සෑම ප්‍රදේශයකටම ජලය ලබා දී ඇත.
කොළඹ සිට ගාල්ල දක්වා යන අධිවේගී මාර්ගය ඇතුළුව එහි සෙසු කොටස් සියල්ලෙහි වැඩ අවසන් වෙමින් පවතී. සෑම ගමකටම කාපට් කළ හා කොන්ක්‍රීට් කළ මාර්ගයක් ලබාදීමට පියවර ගැනිණි. මේ වන විට දිවයිනේ විදුලිය නොමැති පවුල් දෙලක්‍ෂ විසිහතර දහසකට විදුලිය ලබාදී ඇත. යුද්ධයෙන් අවතැන්වූ ලක්‍ෂ තුනකට ආසන්න පිරිසක් නැවත පදිංචි කෙරිණි. කොටි සාමාජිකයන් දස දහසක් පුනරුත්ථාපනය කර ඔවුන්ට රැකියා ලබාදී තිබේ.
කොටි ත්‍රස්තවාදීන් විසින් උතුරේ වළලා තිබූ බිම් බෝම්බ දහස් ගණනක් ඉවත් කර හමාරය.
උපාධිධාරීන් වෛද්‍යවරු හෙද හෙදියන්, ගුරුවරු, ඇතුළු දහස් ගණනකට පත්වීම් පරිපාලන සේවයේ නියුතු පිරිස්, පොලිසියේ බොහෝ දෙනකුට උසස්වීම්ද ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය දෙවසරදී පියවර ගත්තේය. පොලිසියේ පමණක් හයදහසකට අධික පිරිසකට පසුගිය වසරේ පමණක් උසස් වීම් ලබාදී ඇත.
ත්‍රිවිධ හමුදාව හා පොලිසියේ නිලධාරින් විශාල ප්‍රමාණයකට විදේශීය පුහුණුවක් හයිටි රාජ්‍යයේ රැකියාවලටත් සම්බන්ධ වීමට අවස්ථාව උදාවිය.
උතුරු නැගෙනහිරද ඇතුළු රට පුරා පොලිස් පද්ධතිය සංවර්ධනය කරමින් පොලිසි සංඛ්‍යාව 436 දක්වා වැඩි කර තිබේ.
වසාදමා තිබූ සමූපකාර පද්ධතිය ගොඩනැඟීමද එම දැවැන්ත සංවර්ධනයේ තවත් වටිනා කාර්යයකි. මේ දැවැන්ත සංවර්ධනයත් සමග මෙරටට පැමිණෙන සංචාරකයන් සහ ආයෝජකයන් ගේ ප්‍රමාණය ලක්‍ෂ අට ඉක්මවයි.
රට ආශ්චර්යය කරා යන ගමනේ වැදගත්ම සංවර්ධනය සිදුවූයේ ඉකුත් වසර දෙකේ දීය. ගොවියාට කෘෂිකර්මාන්තයට පොහොර සහනාධාරය නිසා වී අස්වැන්න වැඩිවී ඉතිහාසයේ ප්‍රථම වරට වී මෙට්ට්‍රික් ටොන් දෙලක්‍ෂයකට ආසන්න සංචිතයක් රැස් වූ අතර ඉන් කොටසක් විදේශයට අපනයනය කිරීමට හැකි විණි.