ජනපති නීති කඩයි

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ජනපති නීති කඩයි

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂගේ 'තාරුණ්‍යයට හෙටක්' සංවිධානය විසින් දෙසැම්බර් මාසයේදී කොළඹ කොටුව ප‍්‍රදේශයේදී පැවැත්වීමට නියමිත කොළඹ රාත‍්‍රී මෝටර් රථ ධාවන තරග සඳහා අවශ්‍ය මෝටර් රථ ගෙන්වීම වෙනුවෙන් එම වර්ගයේ මෝටර් රථ ගෙන්වීමට අදාළව පැවති බලපත‍්‍රයක් අවශ්‍යයැ’යි යන කොන්දේසිය ජනාධිපතිවරයා විසින් ඉවත් කර ඇත.

    නොවැම්බර් මස 21 වැනි දින අංක 1837/41 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් ජනාධිපතිවරයා මෙම නියෝගය ප‍්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව එම වර්ගයේ වාහන ශ‍්‍රී ලංකාවට ගෙන්වීම සඳහා බලපත‍්‍රයක් අවශ්‍ය බවට 2013 ජූනි මස 5 දින නිකුත් කරන ලද අංක 1813/14 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයේ සඳහන් එම වර්ගයේ වාහනවලට අදාළ බලපත‍්‍ර කොන්දේසිය ඉවත් වනු ඇත.
    :angry:
    ජනාධිපතිවරයාගේ නව නියෝගය අනුව රේගු වර්ගීකරණ අංක කිහිපයක් යටතට ගැනෙන රේසිං කාර්, ස්ටේෂන් වැගන් හා අවුරුදු දෙකකට වඩා පැරණි මෝටර් කාර් රටට ගෙන්වීම සඳහා බලපත‍්‍ර අවශ්‍ය නොවනු ඇත.

    මීට අමතරව අවුරුදු හතරකට වඩා පැරණි මගීන්ට හා භාණ්ඩ සඳහා වෙන වෙනම කුටීර සහිත රියදුරු ඇතුළු පුද්ගලයන් තිදෙනකු යාහැකි වාහනද බලපත‍්‍ර රහිතව ගෙන්වීමට එමගින් අවසර ලබාදී ඇත.

    බලපත‍්‍ර රහිතව වාහන ගෙන්වීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම අවසර නියෝගය ලබාදී ඇත්තේ රේගු වර්ගීකරණ අංක 13ක් යටතට ගැනෙන ඉහත සඳහන් කළ වාහන සඳහා පමණක් වන අතර අනෙකුත් සියලූම වාහන ගෙන්වීම සඳහා බලපත‍්‍රයක් අවශ්‍යයැ’යි යන කොන්දේසිය තවදුරටත් පවතිනු ඇත.

    කොළඹ රාත‍්‍රී මෝටර් රථ තරග සඳහා අවශ්‍ය වැලිකොට්ට මේ වනවිට හමුදා සාමාජිකයෝ කොළඹ ගෝල්ෆේස් ප‍්‍රදේශයේ අතුරමින් සිටිති.

    -රාවය
     
    • Like
    Reactions: Shadow.Walker

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අවුලක් නෑ අපේ ජනාධිපති යුද්දේ ඉවරකරානේ :P

    1470411_10151844325923215_32542884_n.jpg
     
    "කොළඹ රාත‍්‍රී මෝටර් රථ තරග සඳහා අවශ්‍ය වැලිකොට්ට මේ වනවිට හමුදා සාමාජිකයෝ කොළඹ ගෝල්ෆේස් ප‍්‍රදේශයේ අතුරමින් සිටිති."

    තරහා වෙන්න එපා කිව්වට, ප්‍රබාකරන් ඉන්න තැනක ඉදන් පුකෙන් හිනා වෙනවා ඇති..
    2.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    කොළඹ රාත‍්‍රී මෝටර් රථ තරග සඳහා අවශ්‍ය වැලිකොට්ට මේ වනවිට හමුදා සාමාජිකයෝ කොළඹ ගෝල්ෆේස් ප‍්‍රදේශයේ අතුරමින් සිටිති.
    :lol::lol::lol::lol:
    හමුදාව මේ තරම් ඇගයීමට ලක්වුන කාලයකුයි
    බලුවුන කාලයකුයි
    ඉතිහාසයේ කවදාවත් නොතිබෙන්න ඇති .........
     
    :lol::lol::lol::lol:
    හමුදාව මේ තරම් ඇගයීමට ලක්වුන කාලයකුයි
    බලුවුන කාලයකුයි
    ඉතිහාසයේ කවදාවත් නොතිබෙන්න ඇති .........
    දෙකම එකවර උන එකයි දුක.. වැඩේ තියෙන්නේ තාරුන්යට හෙටක් උන්ට නම් ඇයි බන් හමුදාව පක්කලි වැඩ කරන්නේ.. ඔය තාරුන්යයේ උන්ට වැලි කොට්ටයක් උස්සගන්න තරම් පනක් නද්ද? :angry::angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපොයි;15966071 said:
    දෙකම එකවර උන එකයි දුක.. වැඩේ තියෙන්නේ තාරුන්යට හෙටක් උන්ට නම් ඇයි බන් හමුදාව පක්කලි වැඩ කරන්නේ.. ඔය තාරුන්යයේ උන්ට වැලි කොට්ටයක් උස්සගන්න තරම් පනක් නද්ද? :angry::angry:
    :lol::lol::lol:
    තාරුණ්‍යට හෙටක් කිව්වාට ඕක තියෙන්නේ මේ කුරුදුවත්තේ high class තාරුණ්‍යට නේ බන් ,,,
    ඕකුන්ට චන්දය දීපු සුවහසක් ගමේ බයියලා තාරුණ්‍ය කුඩැල්ලෝ කකා ඇට කහ කහ කසිප්පු පෙරනවා.
    ගමෙන් දිවිදී රට රකින්නට ගිය හමුදා සෙබළුන් high class තාරුණ්‍යට වැලිකොට්ට අදිනවා.
    අනේ අපේ දුප්පතුන්ගේ නායකයා කුරහන් සාටකෙත් එක්කම බුදුවෙන්න ඕනි ...
     
    මෙවා නම් මහ හෙන ගහන අපරාද, මේ මිනිස්සු තමගේ ජිවිතේ දෙවෙනියට තියලා රට වෙනුවෙන් ගිය උන්.. කරුනලා, පිල්ලෙයන්ලා, කේ.පී ලා පිනුම් ගහනකොට, මෙයාලට කියලා මේ වැඩ කරවන එක අන්තිම අසාදාරනයි..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අපොයි;15966147 said:
    මෙවා නම් මහ හෙන ගහන අපරාද, මේ මිනිස්සු තමගේ ජිවිතේ දෙවෙනියට තියලා රට වෙනුවෙන් ගිය උන්.. කරුනලා, පිල්ලෙයන්ලා, කේ.පී ලා පිනුම් ගහනකොට, මෙයාලට කියලා මේ වැඩ කරවන එක අන්තිම අසාදාරනයි..

    කමක් නෑ බන් මම නම් කියන්නේ හොද නිසානේ චන්දේ දුන්නේ, අපේ ගම් වල ITN බලන ගොන් හැත්තටත් කෙල වෙලාම යන්න ඕන එතකොට තව කතිරේ ගහයි නේ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කමක් නෑ බන් මම නම් කියන්නේ හොද නිසානේ චන්දේ දුන්නේ, අපේ ගම් වල ITN බලන ගොන් හැත්තටත් කෙල වෙලාම යන්න ඕන එතකොට තව කතිරේ ගහයි නේ.
    :lol::lol::lol::lol::yes:
    අදත් පිටපත මහින්ද අබේසුන්දරගෙන්..
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අපොයි;15966071 said:
    දෙකම එකවර උන එකයි දුක.. වැඩේ තියෙන්නේ තාරුන්යට හෙටක් උන්ට නම් ඇයි බන් හමුදාව පක්කලි වැඩ කරන්නේ.. ඔය තාරුන්යයේ උන්ට වැලි කොට්ටයක් උස්සගන්න තරම් පනක් නද්ද? :angry::angry:

    :D:D:D:D:D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    හසන්ත මහත්තයෝ අපේ රටේ අග්‍රගණ්‍ය නායකයගේ දෙටු පුත්‍ර රත්නය දිහා බලන්න .අන්න අපේ සිංහලයගේ තරුණ කම .අන්න ජවසම්පන්න කම .එදා කාවන්තිස්ස රජතුමා තමන්ගේ වැඩිමහල් පුත්‍රයා වෙච්චි දුටු ගැමුණු මහ රජතුමා වෙනුවෙන් එදා හිටිය අපේ දසමහා යෝධයෝ ගල් කණු හිටන් ඇද්දා නොවෑ .ඉතිං ආං ඒ දස මහ යෝධ පරපුරෙන් පැවත එන සිංහ ලේ ඇති අපේ රටේ රණවිරුවා අපේ මහින්ද රාජපක්ෂ නිරිඳානන්ගේ දෙටුපුත්‍රයා වෙනුවෙන් වැලි කොට්ටයක් ඇද්දාහම මක්කැයි .එකේ ඇති වරද මොකක්ද ? මෙන්න මෙතනට තමා අපි එන්න ඕනේ .මේකට තමා කියන්නේ ඉතිහාසය අළුතෙන් ලියවෙනවා කියලා .මෙක තමයි හසන්ත මහත්තයෝ ආශ්චර්‍ය කියන්නේ .
    :P:P:P:P:P:P
     
    අපේ නිරිදා...