ජනපති නීති කඩයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ 'තාරුණ්‍යයට හෙටක්' සංවිධානය විසින් දෙසැම්බර් මාසයේදී කොළඹ කොටුව ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත කොළඹ රාත්‍රී මෝටර් රථ ධාවන තරග සඳහා අවශ්‍ය මෝටර් රථ ගෙන්වීම වෙනුවෙන් එම වර්ගයේ මෝටර් රථ ගෙන්වීමට අදාළව පැවති බලපත්‍රයක් අවශ්‍යයැ’යි යන කොන්දේසිය ජනාධිපතිවරයා විසින් ඉවත් කර ඇත.
නොවැම්බර් මස 21 වැනි දින අංක 1837/41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපතිවරයා මෙම නියෝගය ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව එම වර්ගයේ වාහන ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා බලපත්‍රයක් අවශ්‍ය බවට 2013 ජූනි මස 5 දින නිකුත් කරන ලද අංක 1813/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් එම වර්ගයේ වාහනවලට අදාළ බලපත්‍ර කොන්දේසිය ඉවත් වනු ඇත.

ජනාධිපතිවරයාගේ නව නියෝගය අනුව රේගු වර්ගීකරණ අංක කිහිපයක් යටතට ගැනෙන රේසිං කාර්, ස්ටේෂන් වැගන් හා අවුරුදු දෙකකට වඩා පැරණි මෝටර් කාර් රටට ගෙන්වීම සඳහා බලපත්‍ර අවශ්‍ය නොවනු ඇත.
මීට අමතරව අවුරුදු හතරකට වඩා පැරණි මගීන්ට හා භාණ්ඩ සඳහා වෙන වෙනම කුටීර සහිත රියදුරු ඇතුළු පුද්ගලයන් තිදෙනකු යාහැකි වාහනද බලපත්‍ර රහිතව ගෙන්වීමට එමගින් අවසර ලබාදී ඇත.
බලපත්‍ර රහිතව වාහන ගෙන්වීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම අවසර නියෝගය ලබාදී ඇත්තේ රේගු වර්ගීකරණ අංක 13ක් යටතට ගැනෙන ඉහත සඳහන් කළ වාහන සඳහා පමණක් වන අතර අනෙකුත් සියලූම වාහන ගෙන්වීම සඳහා බලපත්‍රයක් අවශ්‍යයැ’යි යන කොන්දේසිය තවදුරටත් පවතිනු ඇත.
කොළඹ රාත්‍රී මෝටර් රථ තරග සඳහා අවශ්‍ය වැලිකොට්ට මේ වනවිට හමුදා සාමාජිකයෝ කොළඹ ගෝල්ෆේස් ප්‍රදේශයේ අතුරමින් සිටිති.
-රාවය