ජනපති මහින්ද-උතුරෙන් නැගෙනහිරින් හමුදාව
උතුර හා නැගෙනහිර ප්‍රදේශවලින් හමුදා කඳවුරු සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස ඉන්දීය රජය කල ඉල්ලීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි විපක්ෂ නායිකා සුෂ් මා ස්වරාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් විපක්ෂ පාර්ලිමේන්තු නියෝජිත පිරිස විසින් සිදු කරන ලද එම ඉල්ලීම ඉටු කල නොහැකි බව ඔවුන්ට සෘජුව දැන්වූ බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ බන්දුල ජයසේකර මහතා පවසයි.
ඔහු මේ අදහස් පලකලේ බීබීසී සේවය සමග සාකච්චාවකට එක්වෙමිනි.තවදුරටත් අදහස් දක්වන ඔහු ” ලංකාව තුල හමුදාකරණයක් සිදුවී නැහැ.හමුදාව උතුරු නැගෙනහිර පමණක් නොවේ.ලංකාව පුරාම සිටිනව.ආරක්ෂක අවශ්‍යතා වලට අනූකූලවයි හමුදාව ස්ථාපිත කර ඇත්තේ. උතුරුරෙන් හා නැගෙනහිරින් පමණක් හමුදාව ඉවත් කිරීමට කරන යෝජනාව ඉටු කල හැක්කක් නොවේ” යැයිද පැවසීය.
මීට ඉහතද ඉන්දීය රජය සහ විදෙස් නියෝජිතයන් රැසක් මෙන්ම මෙරට සිට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන සහ ජනතා විමුතිති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පෙරමුණ ඇතුළු පාර්ෂව කිහිපයක් විසින්ම උතුරෙන් හා නැගෙනහිරින් හමුදාව ඉවත් කරන ලෙස ඉල්ලා තිබිණ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කිහිපවරක්ම එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කලේය.
*** මේවට තමයි කියන්නේ කොන්ද කෙලින් තියාගෙන දේශපාලනය කරනව කියල, දේශපාලනය කරන්නෙ රට වෙනුවෙන්, ඒක මේකෙන් බොහොම හොදට පැහැදිලි වෙනව.