ජනපති මහින්ද මේ මොහොතේ පැරදවීම සුදුසුද....?

adhithi

Member
Nov 29, 2008
134
0
0
40
in my home
ජනපති මහින්ද මේ මොහොතේ පැරදවීම සුදුසුද....?

ජිනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු
ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක

p24.jpg
මෙම ජනාධිපතිවරණය අපේ රටේ පැවැති හැම ජනාධිපතිවරණයකටම වඩා සුවිශේෂ එකකි. ඒ සන්නද්ධ ත්‍රස්‌තවාදය හා බෙදුම්වාදය පරදවා පවත්වන මුල්ම ජනාධිපතිවරණය නිසාය.

බිහිසුණු ත්‍රස්‌තවාදයෙන් පීඩා විඳි රට සංවර්ධනයේ මාවතට අවතීර්ණ කරන්නට මේ උදාවෙන ජනාධිපතිවරණය නිසැක සාධකයක්‌ බව නොකිවමනාය. ඒ අභියෝගය බාරදිය යුත්තේ කාටද? ජිනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක කරන විග්‍රහයකි මේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාගේ වැඩපිළිවෙළ පිළිබඳ ඔබේ මතය කුමක්‌ද?

ජනාධිපතිවරණයකදී වැඩි අවධානයක්‌ යොමුවන්නේ එයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්‍ෂකයන් වෙතයි. එයට හේතුව ජනාධිපතිවරණයකදී තෝරන්නේ රටේ නායකයා නැතහොත් ජනතාවගේ නායකයා නිසා. රාජ්‍ය පාලකයා තෝරා ගැනීමේදී මේ ප්‍රධාන පුද්ගලයන් දෙදෙනාගේ වැඩපිළිවෙළ දෙස පරීක්‍ෂාකාරීව බැලිය යුතුයි. ඒ විමසීමේදී මට නම් පෙනෙන පැහැදිලි සත්‍යතාව නම් අපේ රටේ ජනාධිපතිවරුන් හතරදෙනකුට ඉටුකරන්නට නොහැකි වූ කාර්යයක්‌ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉටුකර තිබෙන බව. තිස්‌වසරක යුද්ධය ජයග්‍රාහීව අවසන් කරල ප්‍රභාකරන් ප්‍රමුඛ ත්‍රස්‌ත හමුදාව විනාශයට පත් කිරීමයි ඒ.

මෙවැනි දැවැන්ත ඓතිහාසික සේවයක්‌ කළ නායකයෙක්‌ ගෙදර යෑවීම මේ මොහොතේ කිසිම ආකාරයකින් තාර්කික හෝ යුක්‌තියුක්‌ත පියවරක්‌ ලෙස පිළිගන්නට බැහැ. යුද්ධය අවසන් කරන්නට නොහැකි වූ චJද්‍රිකා ජනාධිපතිනියට අපි වාර දෙකක්‌ ජනාධිපති තනතුර දරන්නට අවස්‌ථාව ලබාදුන්නා. ඒ අනුව යුද්ධය වසර හතරක්‌ තුළ ඉතා සාර්ථකව අවසන් කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට දේශපාලන මරණීය දඬුවම දීම අතාර්කිකයි.

ජෙනරාල් සරත් ෆොන්සේකා මේ යුද ජයග්‍රහණයේ නිර්මාතෘවරයා ලෙස ඇතමුන් තර්ක කරනවා නේද?

ඒ තර්කය මට පිළිගන්න බැහැ. මේ යුද්ධය හුදෙක්‌ ගොඩබිම් යුද්ධයක්‌ පමණක්‌ නෙමෙයි. එය ත්‍රිවිධ හමුදාවම විසින් කරනු ලැබූ මහා සංග්‍රාමයක්‌. ජෙනරාල් ෆොන්සේකා ඒ සංග්‍රාමයේ ප්‍රධාන කාර්යභාරයක්‌ කළා. නමුත් සමස්‌ත යුද්ධ ජයග්‍රහණයේ නිර්මාතෘවරයා ඔහු කියල ඇත්ත වශයෙන්ම විශ්ලේෂණාත්මකව පවසන්න බැහැ. නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට නායකත්වය දුන්නේ ජෙනරාල් ෆොන්සේකා නෙමෙයි. ප්‍රධානම දේ කවුරු හමුදාවන්ට නායකත්වය දුන්නත් මේ යුද්ධය ජයග්‍රහණය කළ යුතුයි කියන දේශපාලන අධිෂ්ඨානයෙන් තොරව යුද්ධයක්‌ දිනන්න බැහැ. මේ සිටි රාජ්‍ය නායකයො කළේ එල්. ටී. ටී. ඊ. සංවිධානය දුර්වල කරල සාකච්ඡා මේසයට තල්ලු කිරීම පමණයි. නමුත් පළමු වතාවට එල්. ටී. ටී. ඊ. සංවිධානය මුළුමනින්ම විනාශ කළ යුතුයි කියන අධිෂ්ඨානය අපි දකින්නේ මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ දෙදෙනා තුළයි. මේ රටේ ඉතිහාසයේ වැදගත් ස්‌ථානයක්‌ වන මේ යුද්ධය ජයග්‍රහණයේ නායක කාර්යභාරය කළ රාජ්‍ය නායකයා තව වතාවක්‌ ව්‍යවස්‌ථානුකූලභාවයකට පත් නොකිරීම අකෘතඥ මෙන්ම අතාර්කික පියවරක්‌. එය අපේ සතුරන්ට සහ මිතුරන්ට දෙන වැරැදි සංඥවක්‌. මන්ද ශ්‍රී ලංකා දූපත මත මේ සංග්‍රාමය සාර්ථකව නිමාවූ නමුත් ගෝලීය කොටි ව්‍යාපාරය ඔවුන්ගේ උත්සාහය අත් නොහැර ඇති බව අප කල්පනා කළ යුතුයි.
 

adhithi

Member
Nov 29, 2008
134
0
0
40
in my home
එසේම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ජනතාව ඔහුට පැවරූ ප්‍රධාන කාර්යය සාර්ථකව නිම කළත් රටේ යහපාලනය ඇති කිරීමේ දුර්වලතා, ආර්ථික වශයෙන් ජනතාව මත පැටවී ඇති බර ආදිය සම්බන්ධයෙන් අප කරන්නේ කුමක්‌ද? ඒවා නිසියාකාරව ඉටු නොකිරීම සම්බන්ධයෙන් අප "දඬුවමක්‌" දිය යුතුයි. නමුත් මේ ඊට අවස්‌ථාව නෙමෙයි. ඊට අවස්‌ථාව ලැබෙන්නේ පාර්ලිමේන්තු ඡන්දයෙන්. මා එයින් අදහස්‌ කරන්නේ ජනාධිපති ඡන්දයේදී කළ යුතු දේ ජනාධිපති ඡන්දයේදී කළ යුතු අතර පාර්ලිමේන්තු ඡන්දයේදී කළ යුතු දේ පාර්ලිමේන්තු ඡන්දයේදී කළ යුතු බවයි. පාර්ලිමේන්තු ඡන්දයේදී කළ යුතු දේ ජනාධිපති ඡන්දයේදී කළොත් අපි මහා පඹගාලක පැටලෙනව.

ජෙනරාල් ෆොන්සේකා ඉතාමත් දක්‍ෂ හමුදා නායකයෙක්‌. ඔහු සහමුලින්ම මිලිටරි චරිතයක්‌. මා කියන්නේ එය නරක දෙයක්‌ නෙමෙයි. මේ යුද්ධය ජයග්‍රහණය කරන්නට ප්‍රභාකරන්ට එරෙහිව ඉදිරිපත් කරන්නට හැකි සාර්ථක චරිතය. නමුත් කවුරු හරි යෝජනා කරනව නම් හෙට මහින්ද රාජපක්‍ෂ හමුදාපති කරන්න ඕන කියල ඒක මහ විහිළුවක්‌. ඒ වගේම කිසිම දවසක පාර්ලිමේන්තුවටවත් නොගිය හමුදාපති හෙට ජනාධිපති කරන්න කියනව නම් ඒකත් ඒ වාගෙම විහිළුවක්‌. ලෝකයේ දේශපාලන නායකයන් අතුරෙන් වඩාත්ම ප්‍රඥවන්ත සහ දැන උගත් නායකයා ලෙස බොහෝ දෙනා සලකන ජනාධිපති බරක්‌ ඔබාමාත් අවුරුදු අටක්‌ ඇමරිකාවේ සෙනෙට්‌ සභිකයකු සේ කටයුතු කරලයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ. ඔහු ඇමරිකානු දේශපාලනය පිළිබඳ විශේෂඥ ගුරුවරයෙක්‌ මහාචාර්යවරයෙක්‌. නමුත් ඔහුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ සෙනෙට්‌ සභාවෙන් වසර අටක දේශපාලන පළපුරුද්දක්‌ ලබාගෙනයි. සරත් ෆොන්සේකා අවුරුදු 40 ක්‌ යුද හමුදාවෙයි සේවය කළේ. සිවිල් සමාජ පරිපාලනය සහ දේශපාලනය පිළිබඳ නිපුණත්වයක්‌ ඔහුට නැහැ. මා මෙයින් අදහස්‌ කරන්නේ ජෙනරාල් ෆොන්සේකා මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැරැද්දක්‌ කියන එක නෙමෙයි. ඒ මහතා ඇවිත් මේ රටේ තිබෙන හොරකම් දූෂණ රැසක්‌ හෙළිදරව් කර තිබෙනවා. බොල් ප්‍රතිරූප විනාශ කරල තිබෙනවා. නමුත් රටේ ප්‍රධාන අභියෝගය ජයගත් නායකයකු පලවා හැර එතැනට ජෙනරාල් ෆොන්සේකා පත් කළ යුතුයි කියල එයින් අදහස්‌ වෙන්නේ නැහැ. ජෙනරාල් ෆොන්සේකා පාර්ලිමේන්තුවට ඇවිත් ශක්‌තිමත් පාර්ලිමේන්තු චරිතයක්‌ ලෙස තව අවුරුදු ගණනක්‌ ගතකරන්න ඕන. සාර්ථක රාජ්‍ය නායකයෙක්‌ ලෙස ඉදිරිපත් වන්නට ඔහුට හැකිවන්නේ එවිටයි.

අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය එහි ආරම්භයෙ සිටම නොයෙක්‌ විවේචනයන්ට ලක්‌ වුණා. රටේ සංවර්ධනයට සහ ආරක්‍ෂාවට මේ ක්‍රමය නොගැලපෙනවද?

ගැලපෙනව. නමුත් මේ තිබෙන ක්‍රමයට ගැලපෙන්නෙ නැහැ. ලෝකයේ සාර්ථකම රට වන ඇමරිකා එක්‌සත් ජනපදයේ තියෙන්නෙත් ජනාධිපති ක්‍රමය. අපේ රටෙත් ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යැම හොඳ දෙයක්‌. ඒ නිසා රටේ ශක්‌තිමත් මධ්‍යම ආණ්‌ඩුවක්‌ ගොඩනැඟෙනවා. නමුත් ඇමරිකාවේ ජනාධිපති ක්‍රමයවත් ව්‍යවස්‌ථානුකූලව අපේ රටේ ජනාධිපති ක්‍රමය තරම් බලවත් නෑ. එහි බලතුලනයක්‌ තිබෙනව. අධිකරණය සහ උත්තර මන්ත්‍රී මණ්‌ඩලය ඉතාම ප්‍රබලයි. ඇමරිකාවේ පාර්ලිමේන්තුවට එරට ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. අපේ රටේ එහෙම දෙයක්‌ කරන්න බෑ. එම නිසා අපේ රටේ ජනාධිපති ක්‍රමය සංශෝධනයකට ලක්‌ කොට පවත්වාගෙන යා යුතුයි.
 

adhithi

Member
Nov 29, 2008
134
0
0
40
in my home
හිටපු හමුදාපතිවරයාගේ දේශපාලන ආගමනය විදේශ බලවේගවල කුමන්ත්‍රණයක්‌ යන මතය පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

ඒක බොළඳ තර්කයක්‌. නමුත් මෙතන යම් විදේශ සාධකයක්‌ තිබෙන්න පුළුවන්. ඒ විදේශ සාධකය ඇති වුණේ කොහොමද කියන කාරණය පිළිබඳ කල්පනා කර බලන්න ඕන. ලක්‍ෂමන් කදීර්ගාමර් මහත්මය විදේශ ඇමැති හැටියට අදත් ජීවතුන් අතර හිටිය නම් මෙවැනි විදේශ කුමන්ත්‍රණයක්‌ ගැන අපි කතා කරන එකක්‌ නැහැ. මම නම් දකින්නෙ මෙවැනි විදේශ කුමන්ත්‍රණ ඇතිවන්නේ විදේශ සම්බන්ධතා වල අර්බුදයක්‌ ඇති වී තිබෙන විටයි. අද අපේ විදේශ සබඳතාවල ඕජස්‌ ගලන තුවාල ඇතිවෙලා තියෙනවා. විදේශ රටවල් අපට දෙන සංඥ තේරුම් ගන්න පුළුවන් විදේශ ඇමැතිවරයෙක්‌ අවශ්‍යයි. ඒ වගේම අපේ රටේ ඕනෑ එපාකම් විදේශ රටවලට පහදා දෙන්න පුළුවන් විදේශ ඇමැතිවරයෙක්‌ ඉන්න ඕන. එවැනි විදේශ ඇමැතිවරයෙක්‌ රටේ නොමැති විට විදේශ සාධකය අර්බුදයක්‌ වන ආකාරයට හැසිරෙන්න පටන් ගන්නව. අද මේ තිබෙන දේශපාලන අර්බුදය එක්‌තරා ආකාරයකට ඇමරිකාව සමග අපේ ඇති සබඳතා නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීමට නොහැකි වීම නිසා ඇති වූ තත්ත්වයක්‌.

එල්. ටී. ටී. ඊ. ය සමග පැවැති යුද්ධයේ තීරණාත්මක අවස්‌ථාවේදී එය සූක්‍ෂම ආකාරයෙන් නතර කරන්න ඇමරිකා එක්‌සත් ජනපදයේ යම්කිසි කොටසක්‌ උත්සාහ දැරුවා. ඒ උත්සාහය ව්‍යර්ථ කළේ ජෙනරාල් ෆොන්සේක නෙමෙයි. මහින්ද රාජපක්‍ෂයි. බැරිවෙලාවත් ජනාධිපති කිව්ව නම් මේ යුද්දෙ මට නතර කරන්න පුළුවන්. ඒත් හමුදාපතිගෙන් කරදරයක්‌ වෙයිද කියල ඇමරිකන් හමුදාව විතරක්‌ නෙමෙයි ලෝකෙ බලවත් රටවල් ඔක්‌කොම හමුදාවල් අර අසූ අටේ වගේ ජනාධිපතිවරයාවත් ආරක්‍ෂා කරගෙන හමුදාපතිවරයාවත් ගාල්කරල එතකොට යුද අපරාධ පිළිබඳ දේශපාලන නායකත්වයට ප්‍රශ්නයකුත් නැතුව ප්‍රභාකරන්ටත් පලා යන්න අවස්‌ථාවක්‌ ලබාදීල යුද්දෙ ඉවර කරන්න තිබුණ. ඒකට ඉඩ නොදුන්නෙ මහින්ද රාජපක්‍ෂයි. නමුත් ඇමරිකානු සම්බන්ධකම් ඒ පැත්තට පෙරළෙන්ඩ ඉඩ නොදෙන එක විදේශ ඇමැතිවරයගෙ වගකීමයි. අද අපේ රටේ තිබෙන ඇතැම් බරපතල දේශපාලන ගැටුම්වලට තුඩුදෙන පසුබිම ඇතිවෙලා තිබෙන්නේ අපේ විදේශ කළමනාකරණයේ තිබෙන මහා පරිමාණ අර්බුද නිසයි.

ද්‍රවිඩ සංධානය ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් දෙදෙනාට වෙනම ඉල්ලීම් ගණනාවක්‌ ඉදිරිපත් කර තිබෙනවා. උතුර නැගෙනහිර සඳහා ස්‌වයං පාලනය සහිත දේශපාලන විසඳුමක්‌ එයින් එක ඉල්ලීමක්‌. යළිත් සන්නද්ධ අරගලයක්‌ ඇති නොවීම සඳහා ඉදිරිපත් කළ යුතු දේශපාලන විසඳුමට මේ ඉල්ලීම් මාලාවෙන් කවර බලපෑමක්‌ ඇති කරයිද?

සන්නද්ධ ත්‍රස්‌තවාදයේ සහ සන්නද්ධ බෙදුම්වාදයේ තර්ජනය බොහෝ දුරට හමාරයි. ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක ඇතුළු හැමෝම දායකත්වය දුන්නා. නමුත් සන්නද්ධ නොවන බෙදුම්වාදයේ උවදුර තවම අවසන්වෙලා නැහැ. සන්නද්ධ නොවන බෙදුම්වාදයට තුවක්‌කු අතේ නැති විශාල සේනාවක්‌ ඉන්නව. මේ යුද්ධයේ අවසාන මාස කිහිපය තුළ ලෝකය පුරා තිබුණු දමිළ ඊළාම්වාදී පෙළපාලිවලින් ඒ සේනාවේ තරම අපි දැක්‌කා. ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහ කොටි ධජය අතැතිව ලන්ඩන් නුවර පමණක්‌ ලක්‍ෂ දෙකක්‌ පෙළපාලි ගියා. ශ්‍රී ලංකාව දෙකට බෙදල ඊළාමයක්‌ පිහිටුවීමේ ව්‍යාපෘතියේ එක කොටසක්‌ ටී. එන්. ඒ. සංවිධානයත් නියෝජනය කරනව. අපේ මේ ජනාධිපති අපේක්‍ෂකයො දෙන්නා ටී. එන්. ඒ. සංවිධානයෙන් ඇහුවොත් ප්‍රභාකරන් මිය යැම හොඳ ද නරක ද කියල ඇත්තවශයෙන්ම ඒ අය කියාවි ඒක නරකයි කියල. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම හොඳ ද නරක ද කියල ඇහුවොත් ඔවුන්ගේ උත්තරය අනිවාර්යයෙන්ම නරකයි කියල. වෙනම ස්‌වාධීන රාජ්‍යයක්‌ පිහිටුවීමේ වඩුක්‌කොඩෙයි සමුළු යෝජනාව අත්හැරල තියෙනවද නැද්ද කියන ප්‍රශ්නෙට මොකක්‌ද ඔවුන්ගේ උත්තරය? ඔවුන් තවමත් දමිළ ඊළාම් සටන් පාඨය අතහැරල නෑ. ඒකීය රටක්‌ තුළ විසඳුමකට කැමති නැති මේ පිරිස සමග අපේ ජනාධිපති අපේක්‍ෂකයන්ට පුළුවන්ද සහයෝගයෙන් වැඩ කරන්න. කොටි සංවිධානය ගැන විවේචනයක්‌ නොකරන දමිළ ඊළම පිළිගත්ත මේ පිරිස අද ප්‍රභාකරන් පරාජය කළ මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්න ඉදිරිපත්වෙලා ඉන්නෙ තමුන් ලත් පරාජය එක්‌තරා දුරකට හෝ යටපත් කරගන්නයි. ටී. එන්. ඒ. සංවිධානය මේ හදන්නේ. ජනාධිපතිවරයාගෙන් ප්‍රභාකරන් මැරූ පලිය ගන්නයි. යුද්ධමය වශයෙන් නොව දේශපාලනමය වශයෙන් කරන්න හදන දේ ගැන ජෙනරාල් ෆොන්සේකාට කිසිම අත්දැකීමක්‌ නැහැ. මේ යුද්ධයේදී ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් කළ කාර්යභාරය ඔහු අවතක්‌සේරු කරන්නේ ඒ නිසයි. දේශපාලන සාධකය අවතක්‌සේරු කරන පුද්ගලයෙක්‌ දේශපාලන තනතුර ඉල්ලීම විහිළුවක්‌. ජාත්‍යන්තර දමිළ ඊළාම් ව්‍යාපාරය ටී. එන්. ඒ. සංවිධානය ඉදිරියට දමල මේ කරන්න හදන දෙයට අපේ රටේ ජනතාව සහයෝගය දෙනව නම් එය තමන්ගේ ගෙල සියතින්ම කපාගැනීමක්‌ හා සමානයි.

ටී. එන්. ඒ. සංවිධානය මේ පොදු අපේක්‍ෂක ව්‍යාපාරය ට්‍රොaජන් අස්‌පයෙක්‌ විදිහට යොදාගෙන තියෙනවා. ඒ සඳහා ටී. එන්. ඒ. සංවිධානය මෙහෙයවන්නේ ජාත්‍යන්තර කොටි ව්‍යාපාරයයි. ට්‍රොaජන් අස්‌පය තුළට දැන් ටී. එන්. ඒ. සංවිධානය රිංගල ඉවරයි. ට්‍රොaජන් අස්‌පයට රාජ්‍ය බලය ලැබුණොත් ටී. එන්. ඒ. සංවිධානයත්, රනිල් වික්‍රමසිංහ මහත්තයත් යුද්ධයෙන් ඔවුන්ට ලබා දෙන්නට නොහැකි වූ දේ ලබාදෙන්නට කටයුතු කරාවි.:growl:
 
Last edited:

kmcsb

Member
Jun 15, 2007
140
4
0
u ar right!

u r defintly right.. ape rate minisu hithane ada gane witharai.

ape ayata badata kamai athata mobile ekai thibba okka hari..kawadawath heta gana hitanne naa...

L.t.t.e ekata weapon eken karanna bari una dee SF ge udaw athiwa un politics walin karaganie..

Ane mehamth modayo tikak...:nerd:

I have flown many countries and met so many foreigners and from there words i really understood that they ar being kept on eye to our srilanka very much..beacuse this is a treasure of island

Ape un hithanne api gane witharai..degree ekak dagena rata paninawa..eta passe ratata hena gahuwath kamak naa...

i know there maybe faults on both sides..but in this scenario we hav to protect our srilanka then the others....

finally i remember one thing,,,
SINHALAYA MODAYAA KAWUM KANNA YODAYAA
 

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    u r defintly right.. ape rate minisu hithane ada gane witharai.

    ape ayata badata kamai athata mobile ekai thibba okka hari..kawadawath heta gana hitanne naa...

    L.t.t.e ekata weapon eken karanna bari una dee SF ge udaw athiwa un politics walin karaganie..

    Ane mehamth modayo tikak...:nerd:

    I have flown many countries and met so many foreigners and from there words i really understood that they ar being kept on eye to our srilanka very much..beacuse this is a treasure of island

    Ape un hithanne api gane witharai..degree ekak dagena rata paninawa..eta passe ratata hena gahuwath kamak naa...

    i know there maybe faults on both sides..but in this scenario we hav to protect our srilanka then the others....

    finally i remember one thing,,,
    SINHALAYA MODAYAA KAWUM KANNA YODAYAA
    :lol::lol:
     

    adhithi

    Member
    Nov 29, 2008
    134
    0
    0
    40
    in my home
    kmcsb
    oya 100% hari.samaharunta mewa therum ganna bah.samaharunta therunath notheruna wage innawa.kapuwath kola nisa.kotiyek UNP eken chande illuwath chande dei.godak balawath ratawal ape rata sura kanna rata asthawara karanna uthsaha karanawa kiyala mey ayata therenne nah....LTTE yata sambanda ayatath ona karala thiyenne MR gen paliganna.mokada deshapalana nayakathwaya nathuwa uddayk patan ganna theeranaya karanna hamudawata bari nisa.....
    oya kiyana widiyata sinhala modaya kaum kanna surayek thamai.....
    a wagema prabakaran kiyala thiyena widiyatama sinhalayata hama dema mathaka thiyenne sathi dekai.....
     
    Last edited:

    adhithi

    Member
    Nov 29, 2008
    134
    0
    0
    40
    in my home
    uba oya dayan jaya thilaka gena danna tharama thamai hoyala balapan uge ithihase EPDP akan chande illala unp & podu peramunata kade gilla den oya nikanama neme thanapathi kamak hambu wela thiaynna ubala okunge ithihase dannawanam oya wage gon talk danna oya yakku thamai lankawa demala minissunata suwan palanayak denna ona kiyala kegehuwe dakunen eleuwahama EPDP akan chande illuwa ath paradai okunge ithihase kiuwath ballo bath kanna :baffled:

    a kathawa piligannawa.athakota oyala mokada kiyanne LTTE ye deshapalana pakshaya wana TNA 1 th samaga athi karagath ekaga thawaya gana.uthuru nagenahira wen kireema;hamuda kandauru iwath kara ganeema wage dewal gana....:frown:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    @ SF supporters : මහින්ද පැරදිලා ඉවරයි; 27වැනිදා එය නිලවශයෙන් ප්‍රකාශවෙනවා විතරයි. මේවාට රෙස්පොන්ඩ් කර මේ ත්‍රෙඩ් වල ආයුශ දික් නොකරමු.
     

    asankanp

    Member
    Mar 11, 2009
    1,566
    45
    0
    LALITH ATHULATHMUDALIGE AVAMAGUL UTHSAWAYEDI BORALLE KANATHTHE KALISAMA GALAWA GATHTHE OYA YAKA THAMAI.............DAN MOO HADANAWA APIWA ANDANNA.............