ජනපති මහින්ද මේ මොහොතේ පැරදවීම සුදුසුද....?
ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු
ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක
මෙම ජනාධිපතිවරණය අපේ රටේ පැවැති හැම ජනාධිපතිවරණයකටම වඩා සුවිශේෂ එකකි. ඒ සන්නද්ධ ත්‍රස්තවාදය හා බෙදුම්වාදය පරදවා පවත්වන මුල්ම ජනාධිපතිවරණය නිසාය.
බිහිසුණු ත්‍රස්තවාදයෙන් පීඩා විඳි රට සංවර්ධනයේ මාවතට අවතීර්ණ කරන්නට මේ උදාවෙන ජනාධිපතිවරණය නිසැක සාධකයක් බව නොකිවමනාය. ඒ අභියෝගය බාරදිය යුත්තේ කාටද? ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක කරන විග්රහයකි මේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ වැඩපිළිවෙළ පිළිබඳ ඔබේ මතය කුමක්ද?
ජනාධිපතිවරණයකදී වැඩි අවධානයක් යොමුවන්නේ එයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් වෙතයි. එයට හේතුව ජනාධිපතිවරණයකදී තෝරන්නේ රටේ නායකයා නැතහොත් ජනතාවගේ නායකයා නිසා. රාජ්‍ය පාලකයා තෝරා ගැනීමේදී මේ ප්‍රධාන පුද්ගලයන් දෙදෙනාගේ වැඩපිළිවෙළ දෙස පරීක්ෂාකාරීව බැලිය යුතුයි. ඒ විමසීමේදී මට නම් පෙනෙන පැහැදිලි සත්‍යතාව නම් අපේ රටේ ජනාධිපතිවරුන් හතරදෙනකුට ඉටුකරන්නට නොහැකි වූ කාර්යයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉටුකර තිබෙන බව. තිස්වසරක යුද්ධය ජයග්‍රාහීව අවසන් කරල ප්රභාකරන් ප්රමුඛ ත්‍රස්ත හමුදාව විනාශයට පත් කිරීමයි ඒ.
මෙවැනි දැවැන්ත ඓතිහාසික සේවයක් කළ නායකයෙක් ගෙදර යෑවීම මේ මොහොතේ කිසිම ආකාරයකින් තාර්කික හෝ යුක්තියුක්ත පියවරක් ලෙස පිළිගන්නට බැහැ. යුද්ධය අවසන් කරන්නට නොහැකි වූ චJද්‍රිකා ජනාධිපතිනියට අපි වාර දෙකක් ජනාධිපති තනතුර දරන්නට අවස්ථාව ලබාදුන්නා. ඒ අනුව යුද්ධය වසර හතරක් තුළ ඉතා සාර්ථකව අවසන් කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දේශපාලන මරණීය දඬුවම දීම අතාර්කිකයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මේ යුද ජයග්‍රහණයේ නිර්මාතෘවරයා ලෙස ඇතමුන් තර්ක කරනවා නේද?
ඒ තර්කය මට පිළිගන්න බැහැ. මේ යුද්ධය හුදෙක් ගොඩබිම් යුද්ධයක් පමණක් නෙමෙයි. එය ත්‍රිවිධ හමුදාවම විසින් කරනු ලැබූ මහා සංග්‍රාමයක්. ජෙනරාල් ෆොන්සේකා ඒ සංග්‍රාමයේ ප්‍රධාන කාර්යභාරයක් කළා. නමුත් සමස්ත යුද්ධ ජයග්‍රහණයේ නිර්මාතෘවරයා ඔහු කියල ඇත්ත වශයෙන්ම විශ්ලේෂණාත්මකව පවසන්න බැහැ. නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට නායකත්වය දුන්නේ ජෙනරාල් ෆොන්සේකා නෙමෙයි. ප්‍රධානම දේ කවුරු හමුදාවන්ට නායකත්වය දුන්නත් මේ යුද්ධය ජයග්‍රහණය කළ යුතුයි කියන දේශපාලන අධිෂ්ඨානයෙන් තොරව යුද්ධයක් දිනන්න බැහැ. මේ සිටි රාජ්‍ය නායකයො කළේ එල්. ටී. ටී. ඊ. සංවිධානය දුර්වල කරල සාකච්ඡා මේසයට තල්ලු කිරීම පමණයි. නමුත් පළමු වතාවට එල්. ටී. ටී. ඊ. සංවිධානය මුළුමනින්ම විනාශ කළ යුතුයි කියන අධිෂ්ඨානය අපි දකින්නේ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ දෙදෙනා තුළයි. මේ රටේ ඉතිහාසයේ වැදගත් ස්ථානයක් වන මේ යුද්ධය ජයග්‍රහණයේ නායක කාර්යභාරය කළ රාජ්‍ය නායකයා තව වතාවක් ව්යවස්ථානුකූලභාවයකට පත් නොකිරීම අකෘතඥ මෙන්ම අතාර්කික පියවරක්. එය අපේ සතුරන්ට සහ මිතුරන්ට දෙන වැරැදි සංඥවක්. මන්ද ශ්‍රී ලංකා දූපත මත මේ සංග්‍රාමය සාර්ථකව නිමාවූ නමුත් ගෝලීය කොටි ව්‍යාපාරය ඔවුන්ගේ උත්සාහය අත් නොහැර ඇති බව අප කල්පනා කළ යුතුයි.