ජනපති වශීබෝලයේ රහස

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ජනපති වශීබෝලයේ රහස=“වටුක යන්ත්‍රය”

    ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිතරම අතේ තබාගෙන සිටිනා වශීකරණ කොන්තය බොහෝ දෙනාගේ අවධානයට ලක්වන්නකි. මේ පිළිබඳව විව්ධාකාර කටකතා තිබුණත්, ඒ ගැන මීට පෙර කිසිදු මාධ්‍යයක වාර්තා නොවූ මේ සුවිශේෂ හෙළිදරව්ව අප ඔබ වෙත ගෙන එන්නේ මාතර පඹුරණ ප්‍රදේශයේ අප හිතවතෙකුගෙන් ලද තොරතුරකට අනුව ය. මෙකී විස්තර අපට ලබාදුන් වයෝවෘද්ධ මිනිසාගේ සැබෑ අනන්‍යතාව සුරකිනු වස් ඔහුව “ගුණසිරි මහතා” ලෙස හඳුන්වමු.

    0111.jpg


    ගුණසිරි මහතාට අනුව ජනපතිතුමා නිතරම සිය අතේ රඳවාගෙන සිටින කොන්තයේ ඇත්තේ “වටුක යන්ත්‍රය”නමින් හඳුන්වනු ලබන ඉපැරණි යන්ත්‍රයකි. ඔහු අපට පවසන ආකාරයට, මෙම යන්ත්‍රය සහ එහි විස්තර අඩංගු පරම්පරා පුස්කොලපොත් ද ඇතුළුව තවත් දෑ අඩංගුව තිබු, නැගෙනහිර පළාතේ නිදන් වදුලක් පිලිබඳ ජනපතිතුමාට දැනගන්නට ලැබී ඇත්තේ පුරාවිද්‍යාවට සම්බන්ධ එක්තරා ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමකගෙනි. ගුණසිරි මහතාට අනුව මේ යන්ත්‍රය මීට පෙර ලංකාවේ කිසිදු දේශපාලකයෙක් පැලඳ නැත. ඊට හේතුව වශයෙන් ඔහු දක්වනුයේ මෙකී යන්ත්‍රය ගැන සියලු විස්තර දන්නා ගුරු පරම්පරාවල් ලංකාවේ නැති තරම් වීමත්, එසේ දැන සිටියත් එය පිළියෙළ කරගැනීමේ බලවත් අපහසුවත් ය.


    ඒ මහතා අපට පවසන පරිදි වටුක යනු කතරගම කඩවර දේව පංතියේ ආරක්ෂක යක්ෂයෙකි. මෙකී යක්ෂ ආකර්ෂණය ලබාගැනීමට නම් මෙම යන්ත්‍රය නිසිපරිදි රත්රන් පත්‍රයක ලියා, තනි රත්තරනෙන් නිමවූ බඹ දෙකක් දිග සිංහාසනයක් මත, තනි ඇත්දළයෙන් නිමවූ කුසලානක නැත්නම් කෝප්පයක තබා, දහස්වර පෙරා පිරිසිදු කළ සඳුන් තෙල් වල ගිල්වා පෝය තිහක් ජපකළ යුතුය. එකවරක් පාවිච්චි කළ ඇත්දළ කෝප්පය දෙවනවර පාවිච්චි කිරීමට හැකියාවක් නැත. ඒ සඳහා අලුත් ඇත්දළ කෝප්පයක් පාවිච්චි කළ යුතුය. එසේනම් මේ සඳහා වැයවන සිතින් සිතාගැනීමටවත් නොහැකි රත්රන් ප්‍රමාණය සහ ඇත්දළ ප්‍රමාණය පිළිබඳව සිතු විට එය මහා ධනවතෙකුට හැර වෙනත් අයෙකුට කිසිදාක කළ නොහැකි බව පැහැදිලි ය. එසේම මේ සඳහා වැයවූ රත්රන් සහ ඇත්දළ කෙසේ ලබාගත්තා ද යන්න අදට ද ප්‍රශ්නයකි.
    vajra.jpg

    මෙම යන්ත්‍රයේ බල බිඳෙන යම් කිල්ලක් සිදු වුවහොත්, යන්ත්‍රයේ ආකර්ෂණ බලය එහෙම පිටින්ම අනෙක් පැත්තට හැරෙන බවයි. එසේ යම් හෙයකින් බල බිඳුණොත්, වහාම අශ්වයකු බිල්ලට දී එයින් නිදහස් විය යුතු අතර, එසේ බිලිදීමට නම් අශ්වයාගේ හිස මඟුල් කඩුවෙන් කපාදැමිය යුතු ය.
    220px-Sword_arm.jpg

    ලංකාවේ දැනට දන්නා තරමින් මගුල් කඩුවක් ලෙස ඉතිරිව තිබුණේ දුටුගැමුණු රජුගේ කඩුව පමණක් වන අතර, එය කෝට්ටේ ප්‍රදේශයේ විහාරයකින් මෑත කාලයේ යම් කිසි කොල්ල කල්ලියක් විසින් පැහැරගෙන ගිය බව ද, එහිදී ජීවිත හානි පවා සිදු වූ බව ද ඔහු සිහිපත් කරයි. (මීට කලකට පෙර ලංකාවට හොරරහසේ අශ්වයන් ගෙන්වීමේ පුවතක් ද වාර්තා විය.)
    swards.jpg


    මෙම යන්ත්‍රයට අධිපති වටුක කෝවිල ඇත්තේ වර්තමානයේ කැබලිත්ත ලෙස හඳුන්වන ප්‍රදේශයේ බවත්, වත්මන් දේශපාලකයන් බොහෝදෙනෙක් අවුරුදු පතා එහි ගොස් කෝවිලට පුදපූජා පවත්වන බවද ඔහු තවදුරටත් පවසා සිටියි. තමන්ට එරෙහිව යමෙකු මෙම කෝවිලට යාවි යන බිය හේතුවෙන්, මේ කෝවිල ද ඇතුළුව මුළු කැබලිත්ත ප්‍රදේශයම සාමාන්‍ය ජනයාට ලඟා විය නොහැකි ලෙස ඉතා දුෂ්කර මාර්ගවලින් ආවරණය කර ඇති බව ද, අද වන විට ගුවනින් හෙලිකොප්ටරයකින් ගොස් බැස්සොත් හැරෙන්නට එම ස්ථානයට ළඟාවීම කළ නොහැක්කක් බව ද ඔහු පැවසීය. මෙම ස්ථානයට ජනපතිතුමා අතිශය බියක් දක්වන බව දැනගත් සරත් ෆොන්සේකා මහතාගේ පවුලේ ඥාතීන් සිය හමුදා සම්බන්ධතා හරහා මෙම ස්ථානයට ගොස් පුද පූජා පැවැත්වූ බව ද, ඉන් අතිශයින් බියට පත් ජනපතිතුමා වහාම සරත් ෆොන්සේකා නිදහස් කළ බවද ඔහු තවදුරටත් අප සමග පැවසීය.
    washi-bola-11.jpg

    මේ අතරම ගුණසිරි මහතා අප සමග තවත් සුවිශේෂ “රහසක්” ද බෙදා ගත්තේ ය. එනම්, යම් හෙයකින් මේ යන්ත්‍රය පළඳින්නා හට මුගටි මස් කැවුනොත් ඔහු එදා සිට අන්ත නීච දුර්වල තත්ත්වයට පත්වෙන බවකි. ඊට හේතුව ලෙස ඔහු පවසන්නේ වටුක යක්ෂයාගේ වාහනය මුගටියා බවකි.
    images

    අදට ද ජනපතිතුමා යම් තැනකින් ආහාර ගන්නේ නම් ඊට පෙර එතනට යන ජනපති ආරක්ෂක අංශය ජනපතිතුමාට වෙනම ආහාර සපයන බව ද, කිසිදාක එසේ බාහිරින් ආහාර පාන නොගන්නා බව ද ඔහු පවසයි. ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් යැයි කීවත් එහි සත්‍ය අරමුණ මේ යම් සතුරු පාර්ශවයක් විසින් මෙවැනි කිල්ලකට හසු කරවීමෙන් වැළක්වීම බවද ඔහු තවදුරටත් පවසයි. පසුගිය දිනෙක පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පළඳින ලක්ෂවර ජීවම් කළ “මහා විශ්වේශ්වරී” නම් යන්ත්‍රයේ බල බිඳිනු පිණිස ඔහුගේ ශරීරයේ ඌරු තෙල් ආලේප කිරීමේ වෑයමක් පැවති බව ද ගුණසිරි මහතා අප සමග පැවසීය.


    washi-bola-18.jpg

    උපුටා ගැනීම

    http://lankatruenews.com/2014/12/16/secret-of-presidents-charm/
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේ කෝවිල ද ඇතුළුව මුළු කැබලිත්ත ප්‍රදේශයම සාමාන්‍ය ජනයාට ලඟා විය නොහැකි ලෙස ඉතා දුෂ්කර මාර්ගවලින් ආවරණය කර ඇති බව ද, අද වන විට ගුවනින් හෙලිකොප්ටරයකින් ගොස් බැස්සොත් හැරෙන්නට එම ස්ථානයට ළඟාවීම කළ නොහැක්කක් බව ද ඔහු පැවසීය.

    ape thaththa me langadith gihin awa bn.meka boru kathawak.off road vaahana tikak set kara gaththa nam ubatath yanna thibba :)

    පසුගිය දිනෙක පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පළඳින ලක්ෂවර ජීවම් කළ “මහා විශ්වේශ්වරී” නම් යන්ත්‍රයේ බල බිඳිනු පිණිස ඔහුගේ ශරීරයේ ඌරු තෙල් ආලේප කිරීමේ වෑයමක් පැවති බව ද ගුණසිරි මහතා අප සමග පැවසීය.

    my3 mewa gena wiswasa karanne,use karanne naha kiyalane toiyo kiyanne :dull:
    meka dakkama unge response eka mona wei da ? :eek:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    lankatruenews :rofl: ගුණදාස අමරසේකර මහත්තයා පරාදයි යකෝ මුන් කතා ලියන්න ගත්තොත්
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    එල්ලාවල හාමුදුරුවො කරපු මෙහෙවර දන්නෙ නැති හැමදේම පාට කණ්නාඩි වලින් බලන පොන්නයෝ තමයි ඔය වගේ කතා වලට උන්වන්සේව ගාව ගන්නෙ.කොහෙද යන දුෂ්කර පලාතක නාකි පොන්නයෙක් අරලිය ගහ මන්දිරේ වෙච්ච දේවල් දන්නවා කිව්වම විශ්වාස කරන ඔටුවොත් ඉන්නවනෙ.නැගෙනහිර පළාතේ නිදන් වදුලුයි කතරගම කැබලිත්තයි ගලපලා යකෝ ඇඩෙනවා :rofl:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ape thaththa me langadith gihin awa bn.meka boru kathawak.off road vaahana tikak set kara gaththa nam ubatath yanna thibba :)

    my3 mewa gena wiswasa karanne,use karanne naha kiyalane toiyo kiyanne :dull:
    meka dakkama unge response eka mona wei da ? :eek:
    :baffled::rofl::rofl:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ape thaththa me langadith gihin awa bn.meka boru kathawak.off road vaahana tikak set kara gaththa nam ubatath yanna thibba :)



    my3 mewa gena wiswasa karanne,use karanne naha kiyalane toiyo kiyanne :dull:
    meka dakkama unge response eka mona wei da ? :eek:


    මේක මගේ කතාවක් නෙවෙයි . උපුටා ගැනීමක් .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ape thaththa me langadith gihin awa bn.meka boru kathawak.off road vaahana tikak set kara gaththa nam ubatath yanna thibba :)



    my3 mewa gena wiswasa karanne,use karanne naha kiyalane toiyo kiyanne :dull:
    meka dakkama unge response eka mona wei da ? :eek:

    ඕනේම දෙයක සීමවක් තියෙනවා. මහින්ද ඒ සීමාව ඉක්මවලා එක එක මිත්‍යාවල එල්ලිලා පිස්සෙක් වගේනේ හැසිරුනේ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ape thaththa me langadith gihin awa bn.meka boru kathawak.off road vaahana tikak set kara gaththa nam ubatath yanna thibba :)

    ඔව් අර mr.perera ගිහින් ඇවිත් ෆොටෝ ත්‍රෙඩ් එකකුත් දැම්මේ........ළඟදිත් ආය යනවා කිව්වා :yes:

    my3 mewa gena wiswasa karanne,use karanne naha kiyalane toiyo kiyanne :dull:
    meka dakkama unge response eka mona wei da ? :eek:

    බයි ටොයි කතා නෑ බං ඕවා කරපින්නගෙන විකාර නටන කාටත් හිනා වෙනවා........මයිත්‍රී කරත් එහෙමයි මහින්ද කරත් එහෙමයි
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඕනේම දෙයක සීමවක් තියෙනවා. මහින්ද ඒ සීමාව ඉක්මවලා එක එක මිත්‍යාවල එල්ලිලා පිස්සෙක් වගේනේ හැසිරුනේ.

    true
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සදුන් කිලෝ 77 වැඩකරලා
    සන්ධානය දින්නත් රනිල් අගමැති විය යුතු බවට ඉන්දියාව සහ බටහිර රටවල් තමා හට නියෝග කර ඇත. මොහු ශ්‍රී ල නි පක්ෂය කඩා දමන්නේ මේ නිසාද?