ජනපති වැඩකරන්නේ සිංහලයන් වෙනුවෙනුයි–TNA
දෙමළ සන්ධානය හා ආණ්ඩුව අතර සාකච්චා සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන්ගේ මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශ සිංහල ජනයාගේ හොඳ නම ගැනීම සඳහා කර ඇති ප්‍රකාශයන් බවත් විසඳුමක් සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට තමන්ගේ නියෝජිතයන් ඉදිරිපත් නොකරන බවත් දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කරයි.
දෙමල ජාතික සන්ධානය එල්.ටී.ටී.ය මෙන් වෙනම රාජ්‍යයක් නොඉල්ලන බවත් එක්සත් රාජ්‍යයක් තුල විසඳුමක් බලාපොරොත්තු වන බවත්, එනම් සිංහල ජනයා භුක්ති විඳින ඉඩම් හා පොලිස් බලතල ලබාදීමට සූදානම් නැති ආණ්ඩුව බලහත්කාරයෙන් විසඳුමක් ලබාදීමට උත්සාහ කරන බවත් මන්ත්‍රීවරයා කියා සිටී.
දෙමළ ජනතාව තමන්ට ඡුන්දය දී ඇත්තේ ආණ්ඩුව ලබාදෙන බලහත්කාරී විසඳුමකට නොවන බවත්, දෙමළ සන්ධානය කිසිවිටෙක සාකච්චා මඟ නොහැරිය බවත් මේ වන විටත් ආණ්ඩුව සමඟ සාකච්චා වාර 18ක් පවත්වා ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටී.