ජනපති හා රිය අනතුර

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ජනපති හා රිය අනතුර
    ===================
    ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා රටක ගැමි පරිසරයට හා සොබාදහමට ඇල්මක් දක්වන සරළ ජනපතිවරයෙක් විය. ඔහු රටේ ස්වභාව සෞන්දර්යෙන් අනූන පැතිවල සංචාරය කිරීමට කැමැත්තක් දැක්වුවද ආරක්ෂකයින් පිරිවරාගෙන එම ගමන් යෑමට ඔහුගේ කැමැත්තක් නොවීය. ඔහු ඒ සඳහා උපායක් කල්පනා කළේය. ඉන්පසු ඔහුගේ රියදුරු අමතා පරණ වාහනයක් සොයාගන්නා ලෙස පැවසුවේය. සුඛෝපභෝගී වාහන මුහුදට දමන එම රටේ පරණ වාහනයක් සොයා ගැනීමට අපහසු වුවද ජනපති අණ නිසා රියදුරා බලවත් පරිශ්‍රමයක් දරා පරණ වාහනයක් සොයාගෙන ජනපතිට දැන්වූයේ ය. ජනපති රවුම් තොප්පියක් දමා, ටීෂර්ටයක් හා ඩෙනිමක් හැඳ කාටවත් නොදන්වා රියදුරු සමග රටේ ලස්සන ගැමි ප්‍රදේශවල සංචාරය කිරීම ඇරඹුවේ ය.
    පැය කීපයක ගමනකින් පසු ජනපති ගමන්ගත් රථය වෙල් යායවල්, රූස්ස ගස්, කුඩා දිය පහරවල් පසු කරමින් ඉදිරියට ඇදෙන්නට විය. ජනාධිපතිවරයා සිටියේ ඉමහත් සැහැල්ලුවකිනි..කවුළුව හැර වටපිට බලමින්, සිහිල් සුලං විඳ ගනිමින්, පරණ ආගිය කතා කියමින් ගමන රස වින්දේය. ජනපතිගෙන් වෙනදා නොඇසෙන කතා ඇසූ රියදුරා ද සිටියේ හරිම සැහැල්ලුවකිනි.
    රථය විශාල වෙල්යායක් පසුකර පටු පාරක් දිගේ ඉදිරියට ඇදෙන විට කඹය කඩාගත් හරකෙක් හදිසියේම පාර හරහා පැන්නේය. හදිසියේම පැන්න හරකා නිසා කලබලයට පත් රියදුරුට තිරිංග තද කිරීමට හෝ කාලයක් නොතබා "දඩාස්" හඩ නංවමින් රථය හරකාගේ ඇඟේ වැදුණි. හරකා අඩි කීපයක් ඉදිරියට ගොස් ලේ පෙරාගෙන බිම වැටුණි. විනාඩි කීපයකින් හරකා මිය ගිය අතර ජනපති රියදුරාට දොස් පවරන්නට විය.
    " තමුසෙට තිබුණනේ කල්පනාවෙන් එලවන්න...මෙච්චර වෙලා හොඳට ආවා.. අහිංසක සතා..කවුරු හරි දැක්කොත් දෙන්නටම හොඳ නෑ...හරකා අර ඈත පේන මැටි ගෙදර එකෙක් වෙන්න ඕන. තමුසේ ගිහිල්ලා මෙන්න මේ සල්ලි ටික දීලා කියනවා ඒ හරකා තමුසේ අතින් මැරුණා කියලා..එතකොට හරි".
    ජනපති අණ පිළිගත් රියදුරු මැටි ගෙදර බලා ඇදෙන්නට විය. රියදුරු නිවසට ඇතුළු වෙනු දුටු ජනපතිවරයා තත්වය දරුණු වුවහොත් මැදිහත් වීමට තීරණය කළේය. එහෙත් මැටි ගෙදරින් කිසිදු ශබ්දයක් හෝ ඇසුණේ නැත. රියදුරු ආපසු පැමිණියේද නැත. පැයක් ද ගත විය...රියදුරු තාමත් නැත. ජනපතිට දිගු හුස්මක් ද පිටවිය...තවත් පැය භාගයකට පමණ පසු ජනපතිවරයා දුටුවේ එක් අතකින් කෙසෙල් කැනක් හා අනෙක් අතින් කිරි හට්ටි කීපයක් රැගෙන සිනාමුසු මුහුණින් එන රියදුරාය. වාහනය අසලට පැමිණි රියදුරුගෙන් " තමුසේ මොකද මෙච්චර වෙලා කරේ" යැයි ඇසුවේය.
    "සර්....කිව්වට විශ්වාස කරන්නේ නෑ..ඒ ගෙදර මිනිස්සු මට පුදුම විදියට සැලකුවේ...මගෙන් සල්ලි ගත්තෙත් නෑ...පොඩි අඩියකුත් ගහලා කන්නත් දීලා ඒ මදිවට මේ කෙහෙල් කැනැයි කිරි හට්ටි ටිකයිත් අරගෙන යන්න කිවුවා..ඒ විතරක් නම් මදැයි සර්... ගෙදර දෝණි ඇන්දා මාව බදාගෙන හාද්දකුත් දුන්නා...හම්මේ.. පුසුඹ"
    ජනපතිවරයාට මේ කිසිවක් තේරුම් ගත නොහැකි විය. ඔහු මදක් කල්පනා කොට
    " තමුසේ මොකක්ද ඒ ගෙදර මිනිස්සුන්ට කිව්වේ ?" ඇසුවේය.
    " සර් මං වැඩි දෙයක් කිව්වේ නෑ.."
    "කියනවා අයිසේ තමුසේ මොකක්ද ඒ ගෙදර මිනිසුන්ට කිව්වේ? "
    .
    .
    .
    "මං ජනාධිපතිගේ ඩ්‍රයිවර්...ඒ හරකා මගේ අතින් මැරුණා කියලා"
    =====================================
    සොනාල ගුණවර්ධන ගෙන් උපුටා ගැනීමකි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    150968926_4983308845072810_1826186496150345001_n.jpg