ජනපති_රාජිතට දෙහි කපයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ජනපති_රාජිතට දෙහි කපයි

    ත‍්‍රස්තවාදියා සහ රණවිරුවාගේ වෙනස හදුනන්නේ නැහැ- ජනපති

    2bbf65607d5324668180dfab8742592e_XL__1526740943_58.153.204.229.jpg

    ත‍්‍රස්තවාදියා සහ රණවිරුවාගේ වෙනස හදුනාගැනීමට නොහැකි පිරිස් ගැන තමන් කණගාටුවන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා. පාර්ලිමේන්තු ක‍්‍රිඩාංගනය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස අද (19) පස්වරුවේ පැවති ජාතික රණවිරු සැමරුම් උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

    රණවිරුවා කවුද ත්‍රස්තවාදියා කවුද කියා තේරුම් ගැනීමේ නොහැකියාව වර්තමාන රජයේ සිටින ඇතැම් දේශපාලකයින්ටද, විපක්ෂයේ දේශපාලකයින්ට සහ මුදල් උපයා ගැනීමේ අභිප්‍රායෙන් සිටිනරාජ්‍ය නොවන සංවිධානවල පුද්ගලයින්ට අද නොහැකිවී තිබෙන බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

    ශ‍්‍රි ලංකා හමුදාවන්ට මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබද කිසිදු චෝදනාවක් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
    අද අපි අවි ඔසවාගෙන නැහැ. එහෙත් අන්තවාදය ඔසවා ගත් පිරිස් උතුරේදී මෙන්ම දකුණේ රජයට එරෙහිව සිටිනවා. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා තුළ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී නොමැති බවට තමා සහතික වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියා.

    වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමට එවකට පැවති රජයට හැකිවූ බවත් රටින් පිට හිදිමින් ඊලාම් සිහිනය වෙනුවෙන් සටන් වදින ත‍්‍රස්තවාදීන්ගේ සිහින ඉටුවීමට රජයක් ලෙස කිසිසේත් ඉඩනොතබන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

    රණවිරුසේවා අධිකාරිය සංවිධාන කළ මෙම සැමරුම් උත්සවයට කතානායක කරූ ජයසූරිය, ෆීල්ඞ් මාර්ශල් අමාත්‍ය සරත් ෆොන්සේකා ඇතුලූ මැති ඇමතිවරුන්, රාජ්‍ය නිළධාරීන්, ත‍්‍රිවිධ හමුදා සහ පොලිස් ප‍්‍රධානීන් මෙන්ම රටවෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ගේ මව්පියන්, බිරින්දෑවරුන්, ¥ දරුවන් ඇතුලූ ඥාතීන් විශාල පිරිසක් එක්ව සිටියා. සර්ව ආගමික වතාවත් පවත්වා මියගිය අණ විරුවන් වෙනුවෙන් පිං පැමිණවීම සිදු කෙරුණු අතර රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමක්ද එහිදී සිදුකෙරුණා.

    නෙත් නිව්ස්

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොර දියේ මාලු බානවා කියල කියන්නේ ඔය වගේ සින් වලට නේද? :baffled:
     
    • Like
    Reactions: sithija.h

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    නිව්ස් වල දායි.ඇයි සැකද අපේ ජනපතිතුමා ගැන?:rolleyes: http://nethnews.lk/article/54388

    ඔය වගේ දෙයක් ලංකාවේ බිහිවෙන කිසිම ජනාධිපති කෙනෙක් නොකියන බවත් ශුවර්. නෙත් එකත් විශ්වාස කරන්න පුළුවන් සෝස් එකක් නිසා ඒකත් ශුවර්. ඒත් ඉතින් ඔය ඉතින් වෙන කෙනෙක් ලියපු දෙයක්නෙ බන්. අදහස් විකෘති වෙන්න පුළුවන්. කිව්ව දේවල් හැලෙන්න පුළුවන්. නොකියපු දේවල් එකතු වෙලා තියෙන්න පුළුවන්. ඇහැට කනට දකිනවා අහනවා වගේ නෙවේනේ. ඒකයි ඇහුවෙ.
     
    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    ඔය වගේ දෙයක් ලංකාවේ බිහිවෙන කිසිම ජනාධිපති කෙනෙක් නොකියන බවත් ශුවර්. නෙත් එකත් විශ්වාස කරන්න පුළුවන් සෝස් එකක් නිසා ඒකත් ශුවර්. ඒත් ඉතින් ඔය ඉතින් වෙන කෙනෙක් ලියපු දෙයක්නෙ බන්. අදහස් විකෘති වෙන්න පුළුවන්. කිව්ව දේවල් හැලෙන්න පුළුවන්. නොකියපු දේවල් එකතු වෙලා තියෙන්න පුළුවන්. ඇහැට කනට දකිනවා අහනවා වගේ නෙවේනේ. ඒකයි ඇහුවෙ.

    ඔන්න වීඩියෝ එක දැම්මා
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    ඔය නිව්ස් එක මමත් බැලුවා. අපේ හිටං ඇත්තටම ඔහොම කිව්වා.
    ඕක තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි බන්. ඌට ඇත්තටම පිට කොන්දක් තියෙනවා නම් කෙලින්ම කානු කටා ගෙ නම කියලා කියපන්කො. නැත්නම් ලැට් කටා ට කැබිනට් එකේ ඔය කතාවට බැනපන් කෝ. නැත්තං ලැට් කටා ට කියපන්කො කියපු ප්‍රකාශ ඉල්ලා අස් කරගෙන රණවිරුවන් ගෙන් සමාව ගන්න කියලා.
    අර කසුනයා කියල තියෙනව වගේ මේක තවත් බොරදියේ මාළු බෑම ක් විතරයි බං
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔය නිව්ස් එක මමත් බැලුවා. අපේ හිටං ඇත්තටම ඔහොම කිව්වා.
    ඕක තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි බන්. ඌට ඇත්තටම පිට කොන්දක් තියෙනවා නම් කෙලින්ම කානු කටා ගෙ නම කියලා කියපන්කො. නැත්නම් ලැට් කටා ට කැබිනට් එකේ ඔය කතාවට බැනපන් කෝ. නැත්තං ලැට් කටා ට කියපන්කො කියපු ප්‍රකාශ ඉල්ලා අස් කරගෙන රණවිරුවන් ගෙන් සමාව ගන්න කියලා.
    අර කසුනයා කියල තියෙනව වගේ මේක තවත් බොරදියේ මාළු බෑම ක් විතරයි බං

    :D
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය නිව්ස් එක මමත් බැලුවා. අපේ හිටං ඇත්තටම ඔහොම කිව්වා.
    ඕක තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි බන්. ඌට ඇත්තටම පිට කොන්දක් තියෙනවා නම් කෙලින්ම කානු කටා ගෙ නම කියලා කියපන්කො. නැත්නම් ලැට් කටා ට කැබිනට් එකේ ඔය කතාවට බැනපන් කෝ. නැත්තං ලැට් කටා ට කියපන්කො කියපු ප්‍රකාශ ඉල්ලා අස් කරගෙන රණවිරුවන් ගෙන් සමාව ගන්න කියලා.
    අර කසුනයා කියල තියෙනව වගේ මේක තවත් බොරදියේ මාළු බෑම ක් විතරයි බං

    :yes::yes::yes:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඔය නිව්ස් එක මමත් බැලුවා. අපේ හිටං ඇත්තටම ඔහොම කිව්වා.
    ඕක තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි බන්. ඌට ඇත්තටම පිට කොන්දක් තියෙනවා නම් කෙලින්ම කානු කටා ගෙ නම කියලා කියපන්කො. නැත්නම් ලැට් කටා ට කැබිනට් එකේ ඔය කතාවට බැනපන් කෝ. නැත්තං ලැට් කටා ට කියපන්කො කියපු ප්‍රකාශ ඉල්ලා අස් කරගෙන රණවිරුවන් ගෙන් සමාව ගන්න කියලා.
    අර කසුනයා කියල තියෙනව වගේ මේක තවත් බොරදියේ මාළු බෑම ක් විතරයි බං
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කටින් බතල , කියෝල වැඩක් නැ නිවට සිරෝ, රාජිතයගෙ ඇමතිකම ගලෝපිය..ක්‍රියාවෙන් ඔප්පු කරපිය..:angry::angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :yes::angry: