ජනබල ආතල් ඉවරයි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,629
    13,327
    113
    ජනබල ආතල් ඉවරයි

    ගෝඨාභයගේ නඩුව විශේෂ මහාධිකරණයට

    (නිමන්ති රණසිංහ)


    තංගල්ල වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකුට එරෙහි සිද්ධියේ මුල් නඩු වාර්තාව විශේෂ මහාධිකරණය වෙත යවා ඇති බැවින් මෙම අධිකරණයේ නඩු කටයුතු අවසන් කරන බව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා දැනුම් දුන්නේය.

    නිතිපතිවරයා විසින් මෙම සිද්ධියට අදාළව චූදිතයින් හත් දෙනෙකුට එරෙහිව කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බැවින් මෙම අධිකරණයේ පවතින නඩුව අවසන් කරන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී ගමඇති රාළලාගේ භද්‍රා උදුලාවතී කමලාදාස, සුසම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර අබ‍්‍රහම් ගලප්පත්ති, මාරුක්කු දේවගේ මහින්ද සාලිය සහ මාදම්පෙරුම ආරච්චිලාගේ මල්ලිකා යන අයටය.



    ජනබල ආතල් ඉවරයි දැන් හෙට දවස ගානේ උසාවි බඩගාන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නඩු අහන එක කොච්චර දෙයක්ද ,ඒ නඩුව ඉවර උනාම ,පොන්න රනිලගෙ මහ බැකු හොරකමට සම්බන්ධ නඩුව ගන්නවනම් තවත් හොදයි..:):)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ හොඳයි ඉක්මනට අහල ඉවරකරලා කරන දෙයක් කරොත් හොඳා හැමදාම හොරා හොරා කියනවා දැන් එපාවෙලා තියෙන්නේ :no:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,443
    113
    නිරායුධ මිනිස්සුන්ව ගහන්න , මරන්න , උස්සන්න නියෝග දීපු "චන්ඩියා ", මිනිහෙක් photo එකක් ගන්න ආවහම බයේ දඟලන හැටි බලපන්කො :lol:

    40855306_2221423397885860_2223900917311209472_n.jpg

    41067545_2221423254552541_8193786973488414720_n.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    නිරායුධ මිනිස්සුන්ව ගහන්න , මරන්න , උස්සන්න නියෝග දීපු "චන්ඩියා ", මිනිහෙක් photo එකක් ගන්න ආවහම බයේ දඟලන හැටි බලපන්කො :lol:

    40855306_2221423397885860_2223900917311209472_n.jpg

    41067545_2221423254552541_8193786973488414720_n.jpg

    කෝ බයේ ගැහෙනවා පේන්නේ නැහැනේ..