"ටාජ් සමුද්‍ර" හෝටලයේ නැවතී සිටි මහින්ද සිය ඔත්තු සේවා හරහා මේ සියල්ල නිරීක්ෂණය කරමින් සිට සවස 4.00 ට පමණ උද්ඝෝෂණයට සහභාගි වූයේ පුපුරා හැලෙන කෝපයෙනි. මඳ දුරක් පයින් ඇවිදගෙන යද්දී ලැබුණු වෛද්‍ය උපදෙස් මත වාහනයට නැඟී, ලේක්හවුස් වටරවුමේ උද්ඝෝෂණය අසල ගත කළ පැයක පමණ කාලයේදී ඒකාබද්දේ නායක කාරකාදීන්ට හොඳහැටි දෙහි කැපූ මහින්ද නැවත "ටාජ් සමුද්‍ර" හෝටලය බලාපිටත් විය. හෝටලයට ගිය මහින්දගෙන් අම්මා මෝ නැතිව පළමුවෙන්ම අසා ගත්තේ ආරක්ෂක උපදෙස් නොතකා මහින්දගේ වාහනයේ එල්ලී ගිය පෞද්ගලික ලේකම් උදිත ලොකු බණ්ඩාරය.
ඒ අතරේ මැඩම් ගෙන් කෝල් එකක් කියා සේවකයා දුන් මොබයිලය අතට ගත් මහින්ද ආරම්භ කලේ "පට්ට ..." යන වාක්‍යයෙනි. "මම තොපිට කිව්වා පට්ට හු... පොඩ්ඩක් ඉවසන්න බැරිවුනා. දැන් ඉතින් ඔක්කොම කෙළවුනා. මම ඔක්කොම වේසිගේ පුතාලට කෙළවලා තමයි පස්ස බලන්නේ" යි කියමින් මඳ වෙලාවක් කුණු හරුප වැලක් කියූ මහින්ද මොබයිල් ෆෝනය සැටියට විසිකොට අසල තිබූ දොස්තරවරුන් තහනම් කර ඇති බෝතලයෙන් වත්කරගත් මත්පැන් වීදුරුව එක්වරම කටට හලා ගත්තේය. සේවකයෝ භයින් භීතව අහුමුලුවලට වී සිටිමින් වහාම මේ තත්වය නාමල්ට දැනුම් දුන්නේය.
මේ ලෙස මතු වී තිබු අරාජිකත්වය නිසා උද්ඝෝෂණයට පැමිණි පිරිස් රාත්‍රී හත අට වෙද්දී නිවෙස් බලා කොළඹින් පිටත් වෙමින් සිටියෝය. උද්ගතවී ඇති තත්වයේ භයානක කම පිලිබඳව සාකච්චා කළ ඩලස් හා නාමල් මහින්ද කැඳවා කතාවක් පවත්වා උද්ඝෝෂණය අවසන් කිරීමට තීන්දු කළේය. ඒ අනුව ගිය මහින්දානන්ද සහ ඩලස් වියරුවෙන් සිටි මහින්දට කරුණු කරනා පැහැදිලි කර දී, නාමල්ද දුරකතනයෙන් සම්බන්ධකර ගනිමින් ලේක්හවුස් වට රවුමට ඔහුව ගෙන ඒමට එකඟකර ගත්තේය. රාත්‍රී 8.30 ට පමන පැමිණි මහින්ද අගමුල මාරුකරගනිමින් ඉතා කෙටි කතාවක් කරද්දී, මූණත් තහඩුව දමා ගැනීමට වෙනදා පොරකන ඒකාබද්දේ නායකයෝ කිසිවෙක් අහලටවත් නො ආවේ තැන නොතැන නොබලා මහින්දගෙන් ලැබෙන සබ්බුව ගැන හොඳින්ම දන්නා නිසාය. මහින්දානන්ද අසලම සිටි අතර විමල්ද සිටියේ මඳක් පිටු පසිනි.