ජනවාරි ඉපදුන ළමයි ඇයි අවුරුද්දකට කලින් පාසල් යන්නෙ?

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    ජනවාරි ඉපදුන ළමයි අවුරුද්දකට කලින් පාසල් යනවනේ. ඒ කියන්නෙ 2001 ජනවාරි ඉපදුන අය, 2000 අය එක්කනෙ ඉගෙනගන්නෙ. ඒකට හේතුව ඇයි? පිළිගත හැකි දත්ත තියෙනවද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,181
    113
    Mother Earth
    හිතපන් ළමයෙක් 2000 ජනවාරි 1 ඉපදුනා. ආයේ තව ළමයෙක් 2000 දෙසැම්බර් 1 ඉපදුනා. අවුරුදු 3ක්‌ ගියහම ජනවාරි ඉපදුන එකා අවුරුද්දක් මොන්ටිසෝරි යන්න ඕන. දෙසැම්බර් ඉපදුන එකා මාසයයි මොන්ටිසෝරි යන්න ඕන. 😩
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඒක වෙන්නේ ඉස්කෝල වලට ඉල්ලුම්පත්‍ර දානකොට ඉස්කෝලෙන් ඉල්ලන්නේ ඉල්ලුම් පත්‍ර බාරගන්න අන්තිම දිනේ වෙනකොට වයස සම්පුර්න ලමයි.
    ඒක නිසා ගොඩක් වෙලාවට ජනවාරි ලමයි වයස සම්පුර්න නිසා එයාලා කලින් ඉස්කෝලෙට ඇතුලත් වෙනවා
    මම හිතන විදිහට නම්!!!
     
    • Like
    Reactions: Yastysan

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    වෙන රට වල ඕන නම් ප්‍රථමික කලින් යන්න පුළුවන් . එහෙම උනාම අවුරුදු 8 දී ප්‍රථමික complete
    එහෙම ඇවිත් අවුරුද දෙකක් කලින් ලංකවේ ඉස්කෝල වල(රජයේ ) 6 වසරට එන්න පුළුවන් එහෙම කරපු උන් ඕන තරම් ඉන්නවා .
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    mamath jan, supiri.... nakiyo ekka hitiye
    හැබැයි මම දැකලා තියෙනවා ජනවාරි ඉපදුන එවුන්ට පොඩිම කාලේ ටිකක් ඉගෙන ගන්න අපහසු වෙනවා. අත් අකුරු ලියන්න මාංශ පේශි හැදෙන්න සමහර පොඩි ළමයින්ගේ කල් යනවා. එතකොට ජනවාරි එකෙක්ට එහෙම සෙට් උනොත් ඔය වැඩේ වෙනවා ඇති මොකද ඌ අරුන්ට සාපේක්ෂව බාලයිනේ.
    තව මම දැකලා තියෙනවා එකම පන්තියේ එවුන් උන්ට ලොකු කම දානවා ආ මල්ලි අපි කියන විදියට ඉදපන් කියලා.
     
    • Haha
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,907
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    හැබැයි මම දැකලා තියෙනවා ජනවාරි ඉපදුන එවුන්ට පොඩිම කාලේ ටිකක් ඉගෙන ගන්න අපහසු වෙනවා. අත් අකුරු ලියන්න මාංශ පේශි හැදෙන්න සමහර පොඩි ළමයින්ගේ කල් යනවා. එතකොට ජනවාරි එකෙක්ට එහෙම සෙට් උනොත් ඔය වැඩේ වෙනවා ඇති මොකද ඌ අරුන්ට සාපේක්ෂව බාලයිනේ.
    තව මම දැකලා තියෙනවා එකම පන්තියේ එවුන් උන්ට ලොකු කම දානවා ආ මල්ලි අපි කියන විදියට ඉදපන් කියලා.
    mata adu mase eka kiyala keewe 😅 AL un.
     
    • Sad
    Reactions: aneasarayana

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    හැබැයි මම දැකලා තියෙනවා ජනවාරි ඉපදුන එවුන්ට පොඩිම කාලේ ටිකක් ඉගෙන ගන්න අපහසු වෙනවා. අත් අකුරු ලියන්න මාංශ පේශි හැදෙන්න සමහර පොඩි ළමයින්ගේ කල් යනවා. එතකොට ජනවාරි එකෙක්ට එහෙම සෙට් උනොත් ඔය වැඩේ වෙනවා ඇති මොකද ඌ අරුන්ට සාපේක්ෂව බාලයිනේ.
    තව මම දැකලා තියෙනවා එකම පන්තියේ එවුන් උන්ට ලොකු කම දානවා ආ මල්ලි අපි කියන විදියට ඉදපන් කියලා.
    ලොකුම අවුල කෑල්ලක් සෙට් කරගන්න බැරිවෙන එක , ඔක්කොම ඉන්නේ අක්කලා නේ

    අපේ @Heshan Daminda ට උනෙත් ඕකම තමයි
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    ඒක වෙන්නේ ඉස්කෝල වලට ඉල්ලුම්පත්‍ර දානකොට ඉස්කෝලෙන් ඉල්ලන්නේ ඉල්ලුම් පත්‍ර බාරගන්න අන්තිම දිනේ වෙනකොට වයස සම්පුර්න ලමයි.
    ඒක නිසා ගොඩක් වෙලාවට ජනවාරි ලමයි වයස සම්පුර්න නිසා එයාලා කලින් ඉස්කෝලෙට ඇතුලත් වෙනවා
    මම හිතන විදිහට නම්!!!
    ඒකන්ම් තේරුනේ නෑනෙ. කවද වගේද සාමාන්‍යයෙන් ඉල්ලුම්පත්‍ර බාරගන්න අන්තිම දවස?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    මම දන්න 3න් දෙනෙක් ඉන්නවා.
    පට්ට සෙල්ෆිස් පොරවල්. වලිබර නැහැ. මොනවා හරි එකකින් උන්ගේ ටාගට් වලට යනවා. අවුරුද්දක බෝනස් එකක් තියෙන නිසා රිස්ක් ගන්නවා ඇති. පෙනුම නම් නාකි පාට. මිනිස්සුත් උන්ට වැඩිය කැමති නැහැ.
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    ජනවාරි ඉපදුන ළමයි අවුරුද්දකට කලින් පාසල් යනවනේ. ඒ කියන්නෙ 2001 ජනවාරි ඉපදුන අය, 2000 අය එක්කනෙ ඉගෙනගන්නෙ. ඒකට හේතුව ඇයි? පිළිගත හැකි දත්ත තියෙනවද?
    Onema lamayek aurudu 5 sampurna wenna one school yanna. ita kalin school grade 1 danna ba. ekai.
    Oya dema cambridge / Edexcel karana untath wenava. Eyalage September walata aurudu 5 sampurna wenna one danna vidiyata.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ලංකාවෙ ඇත්ත හේතුව නං මං හරියට දන්නෙ නැහැ මම ජනවාරි ඉපදිලා අවුරුද්දකට කලින් ඉස්කෝලෙ ගියා. මේකෙ තව වාසි තියනවා A/L සෙකන්ඩ් ශයි කරලා වගේ කැම්පස් ගියත් තමන්ගෙ වයසෙ එවුන් එක්ක කැම්පස් එකේ ඉන්න පුලුවන්

    ඕකට අදාල නැහැ නමුත් ඔය වගේ සීන් ගැන සමහර රිසර්ච් කෙරිලා තියනවා
    මේ වගේ දේවල් හොයාගෙන තියනවා
    දැන් හිතපන් 2022 පෙබරවාරි පලවෙනිද ඉපදුන එකෙකුයි 2023 ජනවාරි 31 ඉපදුනු එකෙකුයි එකම ක්ලාස් එකේ ඉන්නවා. නමුත් උන් දෙන්නගෙ වයස හරියටම අවුරුද්දකින් වෙනස්. නමුත් පොඩි කාලෙ(වයස 14-15 ට කලින් වගේ සහ විශේශයෙන්ම පොඩිම පන්ති වල 2,3,4...) වැඩිමල් එවුන්ට අවුරුද්දක වෙනස පට්ටම වාසියක් කරගන්න පුලුවන්
    පොඩි කාලෙ අවුරුද්දක වෙනස නිසා ඉගෙනගන්න පන්තියෙ පලවෙනියා වෙන්න එහෙම හරි ලේසියි මොකද ඌ කම්පීට් කරන්නෙ ඌට වඩා වයසින් අඩු මැචුරිටි එකක් තියන එවුන් එක්ක
    ඒ වයසෙන් වැඩි එවුන් ඇත්තටම ඇවරේජ් ස්කිල් තියන එවුන් උනත් අර වයසෙ වාසිය නිසා ලේසියෙන් තේරුම් ගන්න දේවල් තේරුම් අරං අර අනෙක් සෙට් එකට වඩා හොඳට ඉගෙන ගන්නවා කල් යද්දි ඔය වයසෙ ගැප් එක අදාල නැති වෙනවා නමුත් ඒ වෙද්දි අර වයස වැඩි ඇවරේජ් එවුන්ට පොඩි කාලෙ හම්බුනු එජ් එක නිසා දිගටම හොඳට ඉගෙන ගෙන අර අවුරුද්කට වඩා අඩු ඇත්තටම සිරාම ඩයල් වෙන එවුන්ව පහු කරනවා

    ස්පෝට් වලදි එහම මේක පට්ටෙටම වෙනවලු. ඒක නිසා සමහර රටවල පොඩි කාලෙ ස්පෝට් වලට තෝරගන්නෙ මාස 6න් 6ට එතකොට උපරිම වයසෙ ගැප් එක එන්න පුලුවන් මාස 6යි. අවුරුද්දක ගැප් එක තියෙන්න සිලෙක්ශන් කරාම 90%ක් වතිරම අර සිලෙක්ශන් පීරියඩ් එකේ මුල් මාස 4 වගේ ඉපදිලා තියන එවුන් සිලෙක්ට් වෙනවා වයසෙ ඇඩ්වාන්ටේජ් එක නිසා
    සිලෙක්ශන් පීරියඩ් එකේ අන්තිම ටිකේ ඉපදිලා තියන එවුන් රියල් ස්කිල් තියන එවුන් හිටියත් වයසෙ අවාසිය නිසා සිලෙක්ශන් වලදිම කැපිලා යනවා. සිලෙක්ශන් පීරියඩ් එකේ අන්තිමට ඉපදිලා තියන එවුන් අහුවෙන්නෙ නැති තරම් කියලා කියන්නෙ

    ඔය ටික මේ පොතේ තිබුනෙ Outliers Malcolm Gladwell
    Amazon product ASIN 0316017930
    පොඩි උන් එහෙම ඉන්නවා නං අනිවා කියවන එක වටිනවා අපිට උනත් හරියට වටිනවා. දැනට කියවපු පොත් වලින් සිරාම පොතක්. මේ පොතේ කියන්නෙ කොහොමද outliers හැදෙන්නෙ කියලා. outlier කෙනෙක් වෙන්න නං මොනවද අපිට කරන්න පුලුවන් කියලා


    ඕක හොඳට තේරෙනව ලමයි ඉන්නවා නං
    අවුරුදු 2ක විතර ලමයෙක්ට කතා කරනෙ බොහොම පොඩි වචන ටිකක් හරි අමාරුවෙන්
    නමුත් අවුරුදු 3ක එකෙක්ට හොඳටම වගේ කතා කරන්න පුලුවන්. එතකොට හිතපන් කෝ මේ වගේ වෙනසක් තියන දෙන්නෙක් එක පන්තියෙ කම්පීට් කරද්දි කොහොමද කියලා
    ඔය අපිට පේන ඒව ඔය වගේම තමයි තේරුම් ගැනීමේ හැකියාව වගේ දේවල්නුත්

    මේ විදියට පන්තියෙ වයසින් වැඩි ලමයෙක් තමන්ට ඉන්නවා නං ඌට පොඩ්ඩක් හෙල්ප් කරොත් ගේමන් නැතුව ඌ ඇකඩමික් ගොඩ දානවා. මුල් ටිකේ පුශ් කරාම ඇති පහු වෙද්දි පොරට මුල් ටිකේ හම්බුනු එජ් එක නිසා තනියම ගොඩදානවා

    ඒ වගේම වයසෙ අඩුවෙන් ජනවාරි මාසෙ වගේ ඉපදිලා ඉන්න ලමයෙක් ඉන්නවා නං ඌට හෙල්ප් කරපන් මොකද ඌ කම්පීට් කරන්නෙ ඌට වඩා අවුරුද්දක් වැඩි එවුන් එක්ක වෙන්න පුලුවන් ඒක නිසා
     
    Last edited: