ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ට වැඩිපුර නිවාඩු

deltamoon

Active member
  • Mar 6, 2007
    246
    155
    43
    ලබන වසරේ ජනවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සතියකට දින හතරහාමාරක (4.5) වැඩ සතියක ක්‍රමවේදයට මාරුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය කර තිබෙනවා.
    ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලු රාජ්‍ය ආයතන නව රාජකාරී ක්‍රමවේදයට අනුගත වෙන බවයි එරට රජය අද නිවේදනය කර සිටියේ.
    මෙම පියවරත් සමඟ ගෝලීය දින පහේ සතියට වඩා "කෙටි ජාතික වැඩ කිරීමේ සතියක්" හඳුන්වා දුන් ලොව පළමු රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත්වනු ඇත. වැඩ කරන සතිය සඳුදා ආරම්භ වන අතර සිකුරාදා සවස් වන විට අවසන් වේ.
    රාජ්‍ය සේවකයින් සඳහා වැඩ කරන වේලාවන් උදෑසන 7.30 සිට සවස 3.30 දක්වා, දිනකට වැඩ කරන පැය 8.5 ක් ලෙස සකසා ඇත. සිකුරාදා දිනය පමණක් සේවකයින් පැය 4.5 ක් වැඩ කරනු ඇත.
    සිකුරාදා දිනවල, නම්‍යශීලී වැඩ හෝ නිවසේ සිට වැඩ කිරීමේ විකල්ප තෝරා ගැනීමට සේවකයින්ට අවසර දෙනු ලැබේ.
    දිගු සති අන්තයේ අරමුණ වන්නේ සේවක සේවිකාවන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීම සහ ඔවුන්ගේ රැකියාව සමග එදිනෙදා කටයුතු සමතුලිතතාවයෙන් යුක්තව පවත්වාගෙන යෑම වැඩිදියුණු කිරීම බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය නිවේදනය කර සිටින්නේ.

    Source : http://nethnews.lk/article/91343
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Aulak na. Lankawe ithin sathiye dawas 5ma niwadu wagene inne kattiya office wala 😁
    Gedarata wada niwadu paduwe inne office awama..
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    ඕක බන් මෙහේ Government එකට විතරයි.... ප්‍රයිවෙට් ඒවට මොකක් වෙයිද කියන්න දන්නේ නෑ තාම.... :yes:
    කොහොමත් ඇරබියො වැඩට ආවත් නිවාඩු වගේනෙ ඉන්නෙ 😂
     
    • Haha
    Reactions: chirantha19890821

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    Mehe untath wenasak naha, kohomath owage gedara wage inne...
    Ice witharai aparade magata yana kalayai, salli.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කොහොමත් ඇරබියො වැඩට ආවත් නිවාඩු වගේනෙ ඉන්නෙ 😂
    ආපෝ ඒව නං කියලා වැඩක් නෑ බං... රෙද්ද... අපි වැඩ කරන විදියට උංට පැය 2ක් වගේ තිබ්බා නං ඇති හොඳටම....
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    ඉතින් බන් සිකුරාදට උන් කොහොමත් වරුවනේ...
    අපේ රජයේ සේවය 815- 415 නේද? පැය 8 නේ