ජනවාරි 30 රාහුකේතු මාරුව ඔබේ ලග්නයට කොහොමද?

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Rahu-Ketu.jpg




    මකර ලග්නය

    ඔබේ කේන්දරයේ 8 වැන්නට හා ධනස්ථානය වූ 2 වැන්නට රාහු හා කේතු පිවිසෙයි. මෙම ග‍්‍රහ ගෝචරය ඔබට එතරම් යහපත් නැත. රැකී - රක්ෂා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවලට බාධා පැමිණෙන අතර ඒවායින් පාඩු

    සිදුවනු ඇත. ණයතුරුස් වීමට පවා සිදුවන දුක්බර කාලයකි. වැඩි විශ්වාසයක් ඇතිව කරන කටයුතුවලින් ජයග‍්‍රහණයට වඩා පාඩු සිදුවෙයි. හවුල් ව්‍යාපාර වැනි මුදල් යොදවා කරනු ලබන ආයෝජනවලින් අලාභ ඇතිවෙයි.

    සිතේ නොසන්සුන් ගතිය වැඩි වෙයි. ගෘහ ජීවිතයේද අසමඟිකම් ඇති විය හැකිය. අනවශ්‍ය හා නොගැළපෙන කතාබහ නිසා පවුලේ සමඟියට බාධා පැමිණේ. සිතට මරණ බියක් දැනෙන්නට වුවද හැකි කාලයකි.

    නිදන් ගත රෝග සෑදෙන අතර රෝහල්ගතව කලක් ප‍්‍රතිකාර ගැනීමටද සිදුවිය හැකිය. ඔබේ සිරුරේ පාදයක ශල්‍ය කර්මයකට ඉඩ ඇත.

    වැරැදි ක‍්‍රියාමාර්ගවලට යොමුවන කාලයක් බැවින් සිහිනුවණින් කටයුතු කළ යුතුය. සොර සතුරු කරදරවලින් පාඩු සිදුවෙයි. ශරීර සැපයට බාධා වන අතර සිරුරට අවශ්‍ය පෝෂණය නිසි පරිදි නොලැබෙන දුක්මුසු කාලයකි.


    සිරුරේ ලෙඩදුක් පහව ගොස් නිරෝගී ජීවිතයක් ගත කිරීමට තරම් ඔබ වසනාවන්තයකු වනු ඇත.

    පාරම්පරික ප‍්‍රවීණ ජ්‍යොතිෂවේදී
    කොටදෙණියාවේ ඞී.ඩග්ලස් නිමලවංශ ගුණවර්ධන
    0776283097

    :(:(:(:(:( කරුමේ ඩබල්...:sorry::sorry::sorry::sorry::sorry:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔබේ කේන්දරයේ 5 වැන්න සහ 11 වැන්නට රාහු හා කේතු පැමිණීම ඉතාම යහපත්ය.??? මේකෙන් අදහස් කරන්නේ මොකක්ද?කේන්දරේ 5 වෙනි කොටුවේ හරි 11 වෙනි කොටුවේ හරි රාහු ඉන්න ඕන කියන එකද?:oo::oo::oo:

    බොට කේන්දර ඇලජික් නේද?මූත් හොරෙන් හොරෙන් බලන්නේ:P
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    පැහැදිලි නෑ බන්... තත්කාල කේන්ද්‍රය කිව්වේ???:oo::oo:
    එ් කියන්නෙ දැන් ග්‍රහයෝ කැරකෙනවනෙ... දැන් රාහු 30 වෙනිදා සිංහ රාශියට එනවා... උබේ ලග්නෙ මේෂ කියමුකො... එතකොට සිංහ කියන්නෙ 5 වැන්න... ඒ කියන්නෙ මෙිෂ ලග්නයේ 5 වැන්නට රාහු එනවා...
     
    • Like
    Reactions: Dilwaale

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එ් කියන්නෙ දැන් ග්‍රහයෝ කැරකෙනවනෙ... දැන් රාහු 30 වෙනිදා සිංහ රාශියට එනවා... උබේ ලග්නෙ මේෂ කියමුකො... එතකොට සිංහ කියන්නෙ 5 වැන්න... ඒ කියන්නෙ මෙිෂ ලග්නයේ 5 වැන්නට රාහු එනවා...

    පැහැදිලි මචං... තැන්ක්ස් කොල්ලෝ...:):):)
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    යකෝ වෙනද වගේම මගේ අන්තිමයි, දැන් උබ කියල තියන එව්වගෙන් අපි බේරෙන්නේ කොමද