![]()
මකර ලග්නය
ඔබේ කේන්දරයේ 8 වැන්නට හා ධනස්ථානය වූ 2 වැන්නට රාහු හා කේතු පිවිසෙයි. මෙම ග්‍රහ ගෝචරය ඔබට එතරම් යහපත් නැත. රැකී - රක්ෂා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවලට බාධා පැමිණෙන අතර ඒවායින් පාඩු
සිදුවනු ඇත. ණයතුරුස් වීමට පවා සිදුවන දුක්බර කාලයකි. වැඩි විශ්වාසයක් ඇතිව කරන කටයුතුවලින් ජයග්‍රහණයට වඩා පාඩු සිදුවෙයි. හවුල් ව්‍යාපාර වැනි මුදල් යොදවා කරනු ලබන ආයෝජනවලින් අලාභ ඇතිවෙයි.
සිතේ නොසන්සුන් ගතිය වැඩි වෙයි. ගෘහ ජීවිතයේද අසමඟිකම් ඇති විය හැකිය. අනවශ්‍ය හා නොගැළපෙන කතාබහ නිසා පවුලේ සමඟියට බාධා පැමිණේ. සිතට මරණ බියක් දැනෙන්නට වුවද හැකි කාලයකි.
නිදන් ගත රෝග සෑදෙන අතර රෝහල්ගතව කලක් ප්‍රතිකාර ගැනීමටද සිදුවිය හැකිය. ඔබේ සිරුරේ පාදයක ශල්‍ය කර්මයකට ඉඩ ඇත.
වැරැදි ක්‍රියාමාර්ගවලට යොමුවන කාලයක් බැවින් සිහිනුවණින් කටයුතු කළ යුතුය. සොර සතුරු කරදරවලින් පාඩු සිදුවෙයි. ශරීර සැපයට බාධා වන අතර සිරුරට අවශ්‍ය පෝෂණය නිසි පරිදි නොලැබෙන දුක්මුසු කාලයකි.
සිරුරේ ලෙඩදුක් පහව ගොස් නිරෝගී ජීවිතයක් ගත කිරීමට තරම් ඔබ වසනාවන්තයකු වනු ඇත.
පාරම්පරික ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
කොටදෙණියාවේ ඞී.ඩග්ලස් නිමලවංශ ගුණවර්ධන
0776283097




කරුමේ ඩබල්...



අපිට හැමදාම උනේ කෙල වෙන එක තමා.....!! 



