නාට්‍යයේ කථාපුවත සදහා ඓතිහාසික සිදුවීම් නිරූපණය කිරීමේදී සුවිශේෂී කලා අවසරයක් ලබාගෙන ඇත. මෙහි සැලකිය යුතු කරුණක් වන්නේ ජින්ප්යොං රජුගේ රාජ්‍ය කාලය දශක දෙකක කාලයක් අක්වා කෙටි කොට තිබීමයි. එසේම මෙහි සොංදොක් රැජින උපත ලබන්නේ රජුගේ සිංහාසනාරූඪත්වයෙන් වසරක් තුළයි. (ඇගේ සැබෑ උපන්දිනය නොදනී) එසේම මෙහි පෙර සිටි ජින්හ්යුං රජුගේ රාජ්‍ය කාලයද ඒ හා සමාන කාලයක් දීර්ඝව දක්වා ඇති අතර ඔහු මරණයට පත්වන විට බොහෝ වියපත්ව දක්වා ඇත. මේ නිසා ජින්හියුං රජ සමයේ සහ රැජින රාජකීය කුමරියකව සිටි සමයේ මීෂිල් සහ තව.ත් ප්‍රමුඛ චරිත වඩාත් ඉස්මතු වී පෙනේ. එසේම මෙහි කුමරිය කිම් යූෂින් සහ බිදාම් සමවයසේ සිටින බව දක්වා ඇතත් එය ඓතිහාසිකව සනාථ නොවූවකි. එසේම මෙහි කථාපුවතේ ඇති තවත් වෙනසක් නම් ඇගේ මරණය සිදු වූ දිනයයි. සොංදොක් රැජිනගේ මරණයෙන් දින දහයකට පසු ජින්දොක් රැජින විසින් බිදාම්ට පනවන ලද දඩුවම සහ කිම් අල්චොන්ගේ පත් කිරීම මෙහි නිරූපණය කොට නැත. එසේම මෙම නාට්‍යය තුළ ජින්දොක් රැජින පිළිබදව ද සදහන් නොවී තිබීම පුදුමයකි. එසේම තවත් වැදගත් කරුණක් නම් සැබවින්ම සොන්දොක් රැජින කිසිදින සිල්ලා රාජ්‍යය හැරගොස් නොමැති වීමයි. (ඇයගේ ළමා කාලය මාලිගයේ ගත කළ බවට කථාන්තර ඇත) එසේම ඇය ලතින් බස දැන සිටියේ ද නැත.
Source :
https://si.wikipedia.org/wiki/...
See Also :
Silla
Queen Jindeok
General Kim Yusin
King Muyeol (Kim Chun-chu)