ජන්බුද්වීපය හෙළබිමයි

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජන්බුද්වීපය හෙළබිමයි

    බුදුන් උපන් ජන්බුද්වීපය අප උපන් මේ හෙළබිමයි

    විමසන්න. සත්‍යය හමු වන තුරුම නුවණින් විමසා බලන්න.

    මේ අපිට අහිමි කළ අපේ ඉතිහාසයත් උරුමයත් සොයා යාමකි.

    1934579_1343442365681904_4349982004336846721_n.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    උඹ ඉතින් මීවනපලානේ වැදි බණ ඇහුවට කමක්නෑ.
    ජම්බුද්වීපය හෙළ දිවයි කියල අද පෝය දවසෙ බුදුන්ටත් අපහාස කරන්න එපා පරයා...
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අපට අහිමි කල අපේ උරුමය
    ****************************

    "සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා!!! "එදා සුද්දා සිංහල අපිට නිගරු කලේ, "සිංහලයා මෝඩයා" ලෙස ආමන්ත්‍රනය කිරීමෙනි. සිංහලයාගේ සිංහල දීපයේ වටිනාකම සිංහලයා සතු, අන් කිසිඳු ජාතියක දක්නට නොලැබෙන අසම සම හැකියාවන් දැක ගත් සුද්දා සිංහලයා නිවට නිවාලු අතවැසියෙකුව සිටින තාක්කල් තමන්ට යහපත් බව දු‍ටු තැන, සිංහලයා නිහඬ කිරීමට යෙදූ කූට උපක්‍රම වලින් තවත් එක් වෑයමකි. සිංහලයාගේ වටිනාකම සිංහලයා හැර මුලුලෝකයම දැන සිටින්නට ඇත. එම නිසාම ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස සිංහල දීපය හඳුන්වා දුන්නා මිස, අද බොහෝ විද්වතුන් පවසන අන්දමින්, හා පාසල් විශය මාලාවේ උගන්වන අන්දමින්, ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක පිහිටි නිසා, මුතු ඇටය කීවා වන්නට බැරිය. "මුතු" වනාහී ඉතා වටිනා දුර්ලබ දෙයකි. එලෙසින්ම සිංහල දීපය තරම් වටිනා පිංබිමක් මේ පෘථිවි තලය මත නොමැතිබව අප කවුරුත් සිත්හී තබා ගතයුතු වේ. මෙකී වටිනාකම නිසාම සිංහලයාගේ රට හොඳින් හෝ නරකින් හෝ තමා සතු කරගැනීමට දතකෑවේ එකෙකු දෙන්නෙකු නොවේ. ආසන්නයේම පිහිටි ඉන්දියාවෙ සිට ලෝකයේ දසත විසිරී තිබූ බොහෝ රාජයයන් සිරිලංකාව තමන් සතු කරගන්නට ඉමහත් වැයමක නියැලුනෝය. මේ සඳහා කෙටි කාලීන මෙන්ම දිගු කාලීනද සැල්සුම් පිඹුරුපත් සකස් කලෝ බොහෝ වෙති.

    ක්‍රි.ව. 412 දී මහාවිහාරය මූලික කොටගෙන සිංහල පාලකයින්ට හිතෛශී ගති දක්වමින් සිංහලයන්ගේ ඉතිහාසය වෙනස් කිරීමේලා පළමු පියවර ගත්තේ, දකුණු ඉන්දියානු සම්භවයක් ඇති මහානාම හිමියන්ය. මේ කාලය වනවිට උතුරු ඉන්දියාවේ අධිරාජ්‍ය පදවියට පත් පළමුවන කුමාරගුප්ත රජතෙමේ, පසුකාලීනව යාගහෝමයේ නිරතවුවත් මුල් යුගයේ දී දැහැමි බෞද්ධ පාලකයෙක් විය. මෙතුමාගේ මූලිකත්වයෙන් එ කාලය වනවිට ලෝකයේ ශ්‍රේෂඨ ශිෂ්ටාචාර පැවති රටවල පතපොත සංස්කෘත භාශාවට පෙරළීම ආරම්භ වූයේය. මේ අනුව, හෙළ අ‍ටුවා සංස්කෘත භාශාවට පෙරළීම සඳහා, මහාවිහාරයට එක් ‍රැස් කරන ලද්දේ එවකට සිංහලයේ රාජ්‍යපාලකයා වූ මහානාම රජුගේ විධානය පරිදිය.

    එදා උතුරු ඉන්දියාවේ වූ මහා සංස්කෘත පඬිවරයෙකු වූ ධර්මපාල භික්ශූන් ඇතුළු සංස්කෘත පඬිවරුන් ආශියක් මෙරටට පැමිනියහ. තමාගේ කූට උපක්‍රම ක්‍රියාත්මක කිරීමට මෙය කදිම අවස්ථාවක් බව දු‍ටු මහානාම හිමි , මේ බව දකුණු ඉන්දියාවට දන්වන ලදී. මෙහි ප්‍රථිඵලයක් ලෙස , දකුණු ඉන්දියානූ පාලකයන්ගේ අණුදැනුම ඇතිව, ඝෝශ ඇතුලු ද්‍රවිඩ සොලී භික්ශූන් දහස් ගණනක් මෙරටට පැමිනෙන්නේ, හෙළ අ‍ටුවා පාලියට පෙරළීමේ අරමුණු ඇතිවය. මෙසේ පැමිණි භික්ශූන් අතර සිටි වැඩි දෙනා ආක්‍රමික චීවරධාරීන් වූහ. මහාවිහාරයේ එක් පැත්තක හෙළ අ‍ටුවා සංස්කෘත භාශාවට හැරවෙන අතර තවත් පැත්තක හෙළ අ‍ටුවා පාලියට හැරවෙමින් තිබුනි. හෙළ අ‍ටුවා සංස්කෘත භාශාවට පෙරළීමෙන් ඉනික්බිති උතුරු ඉන්දියානූ භික්ශූන් නැවත සිය රට බලා වැඩම කරවූ අතර දකුණු ඉන්දියානුවන් තවදුරටත් මෙහී ‍රැඳී සිටින්නට වූහ. සිංහල පාලකවරුන් සහ සිංහල භික්ශූන් අභිරහස් ලෙස ඝාතනය වන්නට පටන් ගන්නේ මේ වකවානුවේදීය. මහානාම රජු ඝාතනයට ලක් වීමෙන් පසු රජ වූ සොත්තිසේන කුමාරයා ද ඝාතනය කිරීමෙන් අනතුරුව රාජ්‍ය පාලනය ලබා ගත්තේ ඡත්තග්‍රාහක නම් ද්‍රවිඩ රජකෙනෙකි. ඔවුන්ගෙන් ඇරඹි ද්‍රවිඩ පාලනය, මිත්‍රසේන, පඬි, පාරින්ද, කුඩාපාරින්ද, දිඨීය, පිඨීය ආදී ද්‍රවිඩ රජවරුන් යටතේ අවුරුදු විසිනවයක් පුරා පැවතිණි. දකුණු ඉදියාවෙන් පැමිණි ඝෝශ ඇතුලු ද්‍රවිඩ භික්ශූන් විසින් හෙළ අ‍ටුවා පාලියට හැරවීමෙන් අනතුරුව, ගොඩ ගැසීමෙන් පසු ඇතුන් හත් දෙනෙකුගේ උසට වඩා වැඩි ප්‍රමානයක්ව තිබූ හෙළ අ‍ටුවා ගිනිබත් කලේ මෙකී ද්‍රවිඩ පාලනය පැවති අවුරුදු විසිනවය තුලදීය. හෙළ අ‍ටුවා ගිනි තැබුවා පමණක් නොව, සිංහල රාජ්‍ය නාමාවලි පටලවමින්, අත්භූත අභව්‍ය සිද්ධීන් ඇතුළත් කරමින්, සිංහලයාගේ උරුමය දකුණු ඉන්දියානු ද්‍රවිඩයා අතට පත්වෙන අයුරින් ඉතා සූක්ශම ලෙස පාලි වංශකතා ලියනු ලැබුවේද මෙකී ද්‍රවිඩ පාලන කාලය තුළදීය.

    එදා දකුණු ඉන්දියානුවන් විසින් ලියැවුනු පාලි රචනාවන් ගුරු තැන්හීලා සලකන අපේ උගත් වියත් ගිහි පැවිදි සියල්ලෝම මේ සිදුකරන්නේ, සිංහලයාගේ උරුමය ද්‍රවිඩයා අතට පත්වෙන තැනට කටයුතු කිරීම බව අකමැත්තෙන් වුවද කිවයුතු වේ. ලෝකයේ මුල් ජනාවාස බිහිකලෝ සිංහලයෝ බව විදුලොවෙන් පිළිගත්තද, සිංහල ඉතිහාසය අවුරුදු 2500ට සීමාකලේ ඉන්දියානුවන් විසින්ය. සිංහල අපිද කිසිඳු වග විභාගයකින් තොරව මෙකී ව්‍යාජ ඉතිහාසය මහ ඉහළින් කරපින්නාගෙන සිංහලයා ශිෂට සම්පන්න කිරීමේ ගෞරවයද අශිෂ්ඨ ඉන්දියානුවන්ට බාර දෙති. ඉන්දියානූ ඉතිහාසයෙන් සොයාගන්නට බැරි සුද්ධෝදනලා, අමි‍තෝධනලා, බිම්බා දේවීන් බලෙන්ම ඉන්දියාවට පටවා, ඉන්දියාවෙන් පන්නා දැමූ දාමරික හොර තක්කඩි විජය ඇතුළු හොරු ‍රැල "අපේ විජය රජ්ජුරුවෝ" යැයි මහත් හරසරින් භාරගනිති. එදා ඉන්දියානු ද්‍රවිඩයන් විසින් ගිනි තබා අළු කලේ අපේ හෙළ ඉතිහාසය සහ පිරිසිඳු බුදු දහම බව අප සියල්ලන්ටම අද අමතකව ගොස් ඇත. ද්‍රවිඩයන් විසින් ගිනි තැබූ අපේ හෙල අ‍ටුවා, ශක්‍රයා විසින් අන්තරස්ධාන කළ බවට, ශක්‍රයා අත වරද පටවා, ඇඟ බේරා ගත් ඝෝශට "බුද්ධ" යන ගෞරව නාමයද පුදන්නට තරම අපේ සිංහලයෝ නිර්ලෝභී වූහ. දාඨිය මරා ධාතුසේන කුමරා හෙළ අභිශේකය ලබනවාත් සමගම මහානාම හිමිද දකුණු ඉන්දියාවට පලා ගියේය. 1912 දී කොඩ්‍රින්ටන් නැවත සිංහලයාට ඉතිහාසය ලියා දෙන්නට කටයුතු කලේය. මේ සඳහා ඔහු මූලාශ්‍ර ලබා ගත්තේ ද ද්‍රවිඩ භික්ශූන් විසින් රචිත පාලි රචනාවන් ය. හෙළ ඉතිහාසය තවදුරටත් පැටළවූ හෙතෙම අපිට ඉතිරි වී තිබූ අනෙකුත් සියලු උරුමයන්ද ඉන්දියානුවන්ටම සින්නක්කරම පවරා දීමට කටයුතු කලේය. අපේ පැරණි මුතුන් මිත්තන් පමණක් නොව, අපේ පැරණි ගම් නගර, ගංගා ඇල දොළ, පමණක් නොව සකල ලෝක සත්වයාගේම පිනට පහල වන හෙල බුදු පුතුන් සියල්ලෝම ඉන්දියාවට පිටමං කලේද ඔහුමය.

    අද වන විට අවුරුදු සියයකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ ව්‍යාජ ඉතිහාසය ඔලුවල පැලපදියම් කරගත් අපේ එවුන්ට ද සැබෑ හෙළ ඉතිහාසය මේ යැයි කී විට මාරාවේශයෙන් ඇඟට කඩා පනින්නේ සැබෑ ඉතිහාසය කිසිඳු වග විභාගයකින් තොරව පසෙක ලමින්මය. ලංකාව ආර්ය ජනාවස බිහි වූයේ ඉන්දියාවෙන් පන්නා දැමූ විජයගෙන් බවද, ඔහු මෙහි එනවිට ‍රැගෙන ආ යකඩ හා ලී තාක්ශණයක් පිළිබඳව අපෙ උගතුන් වියතුන් කතා කරන විට , ක්‍රි.පූ. 1000 - 2000 ඈත අතීතයකට දිවයන මොසපෙතේමියානු, රෝම, බැබිලෝනියානූ ශිෂ්ටාචාර වංශකතාවල හෙළයන්ගෙන් ලබා ගත් ඥානයන්, හෙළ දීපයෙන් ගෙන්වූ යකඩ මෙවලම්, තාම්බ්‍රපන්නී දිවයිනෙන් පැමිනි නැව්, සහ ගුවනින් පැමිණි හෙලයන් විසින් කරවන් ලදී යනුවෙන් සඳහන් ව තිබෙන්නේ, තවමත් අපේ සිහලුන්ගේ ශ්‍රී විභූතිය නොනැසෙන බව ලොවටම කියා පාමිණි. සිංහලුන්ට වැව් තනන්න ඉගැන්වූවෝ ඉන්දියානුවෝයි කියන්නෝ ද වෙති. එසේ නම් "ලොව වැව් බැඳි රාජ්‍යය" විරුදාවලිය ලැබිය යුත්තේ අපිට නොව ඉන්දියානුවන්ටය. කුඩා දූපතක් වන අපිට වඩා වැව් වල අවශ්‍යතාවය බෙහෙවින්ම ඇත්තේ, ඉන්දියානුවන්ටය. 1815 දී බදුලු උප ඒජන්තව සිටි බේලි, වාරිකර්මාන්තය පිළිබඳ වාර්තාවක් සපයමින් මෙසේ සඳහන් කරයි, " පෙරකල කරන ලද අති විශාල වැව් කර්මාන්තය ලක්දිව තරම් ලොව අන්කිසි රටක දක්නට නොලැබෙන්නේය. මෙතරම් කුඩාවූ රටක මෙතරම් පැරණි වූද විශාල වූද වැව් අමුණු තවත් රටක ඇතැයි සිතිය නොහේ".

    ඉතින් තවත් අ‍ටුවා, ටීකා, ටිප්පනි කුමටද? අපිට වැරදී ඇත. ඒ අපි පිට‍රැටියන් විසින් ලියා දුන් ඉතිහාසයක් පිළිගත්ත නිසාවෙනි. අපේ ඉතිහාසය සොයා යා යුත්තේ අපිම විසින්ය. අනුන් ලියා දුන්නු ඒවායින් අපිට පලක් නැත. තමාගේ ජීවිතයේ, අවසාන භාගයේදී සිරි දේවමිත්ත දම්පල් හිමි (ගිහි කල අනගාරික ධර්මපාලතුමා) කියා සිටියේ, සිංහලුන්ට වැරදී ඇත. සිහලුනි නොපමාව තමන්ගේ නිවැරදි ඉතිහාසය සොයා යව් යන්නයි. එතුමා අද සිටියා නම් කියන්නේ, "සිංහලයෙනි අවදිවව්, හෙළ දීපය, බුද්ධ භූමිය බේරා ගනිව්" යන්න බව නො අනුමානය.
    අද බොහෝ දෙනා, ද්‍රවිඩ ඊළමට, ද්‍රවිඩ ඩයස්පෝරාවට එරෙහිව හඬ නගති. නමුත් ඔවුනට නොපෙනෙන සත්‍ය නම්, ද්‍රවිඩ ඊළමේ, ද්‍රවිඩ නිජ බිම් සංකල්පයේ මුල් බීජ වැපිරුවේ ක්‍රි.ව. 434 කාලයේ, දකුණු ඉන්දියානුවන් විසින් හෙළ මහාවශය සහ හෙළ අ‍ටුවා පාලියට පෙරළීමෙන් බවයි. අද එය මහා අතු පතර විහිදී ගිය මහා රූස්ස ගසක් වී මුළු සින්හලයම වසා පැතිර ඇත. නුඹලා අපෙන් ජනාවාස වූ, අපෙන් ශිෂ්ඨ වූ ජාතියක් ලෙස ඉන්දියානුවන් පුන පුනා පෙන්වා දෙන්නේ, සිංහලයාගේ බලය බිඳ රාජ්‍ය බලය ඉන්දියානුවන් සතු කර ගැනීමට ඇති ලේසිම සහ පහසුම මග එය නිසාවෙනි. අද සිංහල රට පත්ව ඇති තත්වයට වග කිව යුත්තෝ දකුණු ඉන්දියානු ද්‍රවිඩයෝ මෙන්ම, උන් සහ සුද්දන් විසින් ලියා දුන් බොරුව වපුරන සහ ඉස මුදුනින් පිළිගන්නා නිවට නිවාලු සිංහලයන් බව කවුරුත් පිළිගත යුතුය.
    සටහන නිමා කිරීමට පෙර සාහිත්‍ය ශූරී අරිසෙන් අහුබුදු ශූරීන් විසින් රචිත කවියක් උපුටා දක්වමි.

    හෙළ ඉතිහාසය ලොවට වසන් කළ කරුමෙ ම යි මෙ......... පලදෙන්නේ
    සුළු ජාතිය බොරු ඔප්පු හදාගෙන සිංහළ උරුමේ............... ඉල්ලන්නේ
    ඔබගේ ඉඩමේ ඔප්පුව නැත්නම් කොහොමද උරුමේ.......... දක්වන්නේ
    ඉතිහාසය සැඟවූ ජාතියකට කෙ දිනද ඉර හඳ..................... පායන්නේ

    (තොරතුරු සහ විස්තර - අතීත සිංහල දීපය සහ පුරාණ ලෝකය, පී. එස්. ටී චූලවංශ)
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ලංකාවේ තිබෙනවා කියන ඓතිහාසික ස්ථාන ගැන සාක්ෂි (සෙල්ලිපි, නටඹුන්, වංශ කතා, ජන කතා..... ) සහ ඉන්දියාවේ ඒ නමින් තියෙන තැන් ගැන සාක්ෂිවල side by side comparison එකක් තියෙනවද? අධ්‍යාත්මිකව ලබාගත් දැනුම තිබේ නම් ඒවා ඉදිරිපත් කරන එක හරිම ලේසි දෙයක් වෙන්න ඕනේ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සිදුහත් කුමරු උපන් ලුම්බිණිය​

    අශෝක මහරජතුමා විසින් සිදුහත් උපත සනිටුහන් කරන්නට එදා තෝරා ගත්තේ ඉන්දියාවේ ඈත කෙළවරක පිහිටි කඳු සහිත ස්ථානයකි. මේ ස්ථානය අද “රුමින්දායි” නමැති ගම්මානයකි. එය අද නේපාලයට අයත් ගමකි. මේ ගමට කිසිම දවසක අතීතයේ දී ලුම්බිනිය යැයි නමක් ව්‍යවහාර කර නැත. නමුත් අපේම සමහරුන් මේ ස්ථානයට අද ලුම්බිනිය යන නම ලබා දී ඇත. මේ ස්ථානයේ අශෝක රජ විසින් ස්ථාපනය කරන ලද අශෝක ස්ථම්භයක් පිහිටුවා ඇත. එහි සටහන් වන කරුණු අනුව බුදුන්ගේ පරිනිර්වාණයෙන් වසර 300කට පමණ පසුව පිහිටුවා ඇති මෙම ලිපිය බුද්ධ උත්පත්තිය සිහිපත් කරණු සඳහා සිහිවටනයක් ලෙසින් පිහිටුවන ලද බව සඳහන්ය. නමුත් එහි ඇති අකුරු අනූ හතරෙන් කිසිම තැනක මේ ස්ථානයේ දී සිදුහත් උපත සිදු වූ බවක් නම් ලියා තබා නැත.

    අශෝකාවදානය නමැති සංස්කෘත භාෂාවෙන් ඊට කාලයකට පසුව ලියූ පොතක ද ඉන්දීය ගත්කතුවරයෙකු මේ ස්ථානය පිළිබඳව ලියා ඇති විස්තරයෙහි ද සිදුහත් කුමරු මෙම රුමින්දායි ගමෙහිදී උපන් බවක් හෝ ලුම්බිනිය යන නම මේ ස්ථානයට භාවිතා කළ බවක් හෝ සඳහන් කර නැත. එහි ලියා ඇත්තේ අශෝක රජ විසින් තම රාජ්‍යයේ කරන ලද ආගමික සංචාරවලදී මෙම ස්ථානයත් වන්දනා කර ගත් බවයි. එසේ වන්දනා කර ගන්නට පැමිණි අවස්ථාවේ ගම්වරක් පුදා එය තහවුරු කිරීමට මෙම අශෝක ලිපිය එහි ස්ථාපිත කළ බවත් පැහැදිළිය. එදා ඉන්දියාවේ හින්දු රජවරුන් තීර්ථ ස්ථාන වන්දනා කළ බවත්, තීර්ථ යනු පව්‍ සෝදා හරින තොටුපළවල් බවත් අශෝකාවදානයේ ම සඳහන් කර ඇත. මෙවැන් තීර්ථ ස්ථාන අටක් අශෝක රජතුමා මෙන්ම ශිලාදිත්‍යය රජතුමා වන්දනා කළ බව ඉන්දීය ඉතිහාසයෙහි ම දක්වා ඇත. (ලලිත විස්තරය) අශෝක රජතුමා ද තමා ගොඩ නැඟූ ධර්ම රාජ්‍යය තුළ සියළු ආගම්වලට සමතැන් දී ගොඩනැගිලි ඉදි කළ බවත් ඉතාම පැහැදිළිය. මේ අනුව අශෝක මහ රජතුමා විසින් තම රාජ්‍යය තුළ එවකටත් වැඳුම් පිදුම් කළ එක් තීර්ථායතනයක් මේ නමින් හඳුන්වා ගොඩනැගිලි අළුතින් ඉදි කර එය බුදුන්ගේ උපත සිදු වූ ස්ථානය සිහිපත් කිරීමට ඉදි කළ බව ද ලියා තැබූ බව පැහැදිළිය. ඒ මිස ඒ ලිපියෙහි සිදුහත් උපතක් ගැන නම් කිසිවක් ම සටහන් කර නැත. මේ බව බෂාම් නැමැති ඉතිහාසඥයා ද තහවුරු කරයි. පසු කාලවලදී ඉන්දීය හින්දු රජවරු ද මේ ස්ථානය වන්දනා කිරීමට ගිය බවත්, ශීලාදිත්‍ය රජු ද මේ ස්ථානය වැදගත් බවත්, චීන ජාතික හියුං සාං ද මේ ස්ථානයට ගොස් වැඳ පුදා ගත් බවත් ඉතිහාසයේ සඳහන් වේ.

    අශෝක මහරජතුමාගේ පුරෝහිතයන්ට බුද්ධොත්පත්තියක් මිස සිදුහත් කුමාරොත්පත්තියක් ගැන අසන්නට හෝ දැන ගන්නට හෝ නොලැබුණු නිසාදෝ ඉන්දියාවේ වෙහෙර විහාර ගොඩනැඟීමේ දී මෙම රුමින්දායි නමැති ස්ථානයේ පිහිටු වූ අශෝක ලිපියේ ලියා තැබුයේ බුද්ධොත්පත්තිය සිහිපත් කිරීම සඳහා මෙම ශිලා ලිපිය ලියා තබන බවයි. සිදුහත් කුමරු පිළිබඳව ඔවුන් දැන සිටියේ නැත. නමුත් නියම නිවැරදි සිදුහත් උපත සිදු වූයේ මේ හෙළදිව දේවහෙළයට අයත් ජන්බුද්වීපයේ ශාක්‍ය ජනපදයක් වූ දෙව්දහ නුවරට ආසන්න සල් වනයකදීය. අද මේ ස්ථානය තෙල්දෙණිය අසල පිහිටි බඹරගල බව හඳුනාගෙන ඇත. එදා දෙව්දහ නුවර පිහිටියේ අද කුණ්ඩසාලය හා ගන්නොරුව පිහිටි ප්‍රදේශයේය. එදා දෙව්දහ නුවර පිහිටිශාක්‍ය ජනපදයට අද උඩරට ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව පිහිටි බොහෝ ප්‍රදේශ අයත් විය. ගෞතම බුදුන් බුද්ධත්වයට පත් වීමෙන් වසර කිහිපයකට පසුව මෙම තෙල්දෙණියේ තමන් උපත ලැබූ සල්වනය අසල වූ ඉන්දසාල නම් ගුහාවේ එක් වසක් බුදු පියාණන් ගත කළ බව ත්‍රිපිටකයේ ම සක්ක පඤ්හ සූත්‍රයේ සඳහන් කර ඇත. එදා සල් උයන පසුව සල් වත්ත වී අද තල්වත්ත නමින වෙනස් වී ඇත. මේ ඉන්දසාල ගුහාව ද අද බඹරගල යනුවෙන් හැඳින්වෙයි. බඹරගලින් හමු වී ඇති සෙල් ලිපියක ද ගෞතම බුදුන් එහි වැඩ සිටි බව සඳහන් කර ඇත. පණිත සූත්‍රය යැයි සූත්‍රයක් ද මෙහිදී දේශනා කර ඇතත් අද මේ පණිත සූත්‍රය ද යම් කිසි ‍හේතුවක් නිසා ත්‍රිපිටකයෙන් ද හැලී ගොස් ඇත. ගෞතම බුදු පියාණන් එක් වසක් මෙහි ගත කළ බව මහාචාර්ය පරණවිතාන මහතා ද පිළිගෙන ඇත. (INSCRIPTION OF CEYLON- VOL 1.P.63:103 )

    මෙම ලේඛනවල පැහැදිළිව ම ලියා දක්වා ඇති පරිදි ක්‍රි. පූර්ව 560 තරම් ඈත යුගයේ දී, එනම්, බුද්ධෝත්පත්තිය සිදු වූ යුගයේ දී ලියා තැබූ සෙල්ලිපි :

    1. දෙකුන්දරා සෙල්ලිපිය
    2. කොටා දැවු හෙළ සෙල්ලිපිය
    3. කොරවක්ගල සෙල්ලිපිය

    නමින් නම් කර ඇති ශිලා ලේඛන රාශියකම සඳහන් කර ඇත. ඒ වන විටත් සිතුල්පව්ව (“චිත්තල පබ්බත”) විහාරයේ මහ රහතන් වහන්සේලා දොළොස් දහසක් විසූ බව සඳහන් වේ. (Inscription of Ceylon Volume 1 No.1035,1103,1104)

    මහානාම හිමියන් ලියූ පාලි මහාවංශ අටුවාවෙහි ද මේ පුවතම සඳහන් වෙයි. (පාලි මහා වංශ පරිච්ඡේද 24,8,9 ගාථාවල මෙය සඳහන් වේ.)

    “සඞඝං සන්නිපාතයි භූපති, ද්වාදසෙත්ථ සහස්සාති භික්ඛු චිත්තල පබ්බතා. තතෝ තතෝ ද්වාදහස්සේව සහස්සාති සමාගමුං” ද්වාදසෙත්ථ සහස්සාති යනු 12000 ක් යන්නයි. චිත්තල පබ්බත යනු සිතුල්පව්වයි. මේ යුගය ගෞතම බුදුන් ජීවමානව වැඩ සිටි යුගයයි. මේ පුවත සඳහන් වන්නේ රුහුණේ දී හෝ රජගහනුවරදී හෝ ලියූ මුල්ම හෙළ මහා වංශයේ ය.

    ඉහත සඳහන් දෙකුන්දරා ලිපිය ඇතුළු සෙල්ලිපි 30කම “ගෞතම ශ්‍රමන” යන නම පැහැදිළිවම සටහන් වීමෙන් ගල්ලෙන් තනවා ගෞතම ශ්‍රමණයානන් වහන්සේට ඒවා පූජා කළ බව පැහැදිළිවම ඔප්පු වෙයි.

    එදා සුද්ධෝදන රජතුමා රජ කළේ ජන්බුද්වීපයේ කපිලවස්තු පුරයේය. හෙළදිව කපිලවස්තු පුරය එදා පිහිටා තිබුණේ අද දිඹුලාගලට පහළින් මාදුරු ඔයේ ජලයෙන් කෙත්වතු අස්වැද්දූ සරුසාර ප්‍රදේශයකටය. සුද්ධෝදන රජු එදා රජ කළ ශාක්‍ය ජනපදය එදා පැතිර පැවතිණි. මාදුරු ඔය ජනපදයේ සිට මාවිල්ආරු සේරුවිල අල්ල ජනපදය ආදී විශාල ප්‍රදේශයක් දක්වා ම මේ ශාක්‍ය ජනපදය එදා පැතිර පැවතුණි. මහවැලි ග‍ඟේ අනික් ඉවුරේ අද සෝමවාතිය, පොළොන්නරුව කන්තලේ පිහිටි ප්‍රදේශයේ එදා පිහිටා තිබුණේ කෝලිය ජනපදයයි. ශාක්‍ය හා කෝලිය ජනපද දෙක අතර එදා රෝහිණී නදියේ ජලයට යුද්ධයක් ඇති විය. මේ යුද්ධය ඇති වූයේ මෑතක දී වාගේම මාවිල්ආරු ප්‍රදේශයේ දී ය. ග‍ඟේ ජලය ප්‍රශ්ණයට මුල් විය. මේ ශාක්‍ය කෝලිය යුද්ධයේ පුනරාගමනයක් ලෙස මෑතදීත් මාවිල්ආරු ජල ප්‍රශ්ණය ඇති වූ බව සිහිපත් කළ හැකි ය. මේවා ඉතිහාසය නැවත නැවතත් සිදු වන විශේෂ සිදු වීම්ය. පුනරාගමන්ය.

    එදා මහාමායා දේවිය ගැබ් පෙළහර පෑම සඳහා කපිලවස්තුපුර සිට දෙව්දහ නුවරට ගමන් කළබව සඳහන්ය. දිඹුලාගල සිට මහවැලි ගඟ දිගේ දෙව්දහ නුවරට ගමන් කළ බව සඳහන්ය. දිඹුලාගල සිට මහවැලි ගඟ දිගේ දෙව්දහ නුවරට යන මාර්ගයක් එදා පිහිටා තිබිණි. මේ මඟ ඔස්සේ කි. මීටර් 40ක් පමණ දුර ගිය විට තෙල්දෙණියට ළඟා විය හැකි ය. එය දරුවකු ලැබෙන්නට ආසන්න මවු කෙනෙකුට පයින් පවා යා හැකි දුරකි. නමුත් අද ඉන්දියාවේ කපිලවස්තුපුර යැයි ලකුණු කර ඇති තැන සිට නේපාලය ලුම්බිනිය යැයි ලකුණු කළ ස්ථානයට කි. මීටර් 300 පමණ දුරක් දැයි සාධාරණව කාටත් කල්පනා කර බැලිය හැකි කරුණකි.

    ගැබ් පෙළහර පෑම එදා මේ හෙළදිව පැවති සිරිතකි. ඒ දරුවකු ලැබෙන්නට ආසන්න මවු කෙනෙකු තම දෙමාපියන් කරා යෑමයි. මේ සිරිත මේ සිරිත අදටත් මේ ලංකාවේ පවතී. නමුත් ඉන්දියාවේ මෙවැනි සිරිතක් නැත. මේ අනුව ලංකාවේ එදා “ජන්බුද්වීපයේ” සිදුහත් කුමාරොත්පත්තිය සිදු වූ බවත් මෙම ස්ථානය අද තෙල්දෙණිය – කුණ්ඩසාලේ අසල ස්ථානයක් බවත් අද එය යටපත්ව ගොස් ඇති බවත් පෙන්වා දිය යුතු ය. බඹරගල රජමහා විහාරය නමින් අද නම්කර ඇත්තේ ලුම්බිනිය යි.සිදුහත් කුමාරයා උපත ලැබූ බඹරගල රජමහා විහාරයට යන ගමන් මාර්ගය මහනුවර සිට මහියංගණයට යන පාරේ කිලෝමීටර 10ක් පමණ ගිය පසු දිගන හන්දිය හමු වෙයි. පරණ තෙල්දෙණියට යන පාරේ වික්ටෝරියා බැම්ම දෙසට කි. මීටර් 2ක් පමණ ගමන් ගන්නා විට වැවගම බඹරගල රජමහා විහාරයට යන පාර හමු වෙයි. එදා කපිල වස්තුපුරයේ සිට දෙව්දහ නුවරට යන මාවත රජ මාවත ලෙසින් හැඳින්වීය. අද බඹරගල රජමහා විහාරය පිහිටියේ මෙම රජ මාවත ආසන්නයේය. බඹරගල රජමහා විහාර භූමියේ දී අදටත් දැක ගත හැකි පරිදි වසර දහස් ගණනක් පැරණි සල්ගස් පිහිටා ඇත. මෙම ස්ථානයේ සදුහත් කුමාරොත්පත්තිය සදු විය. මෙම විහාරස්ථාන භූමියේම ගෞතම බුදු පියාණන් 6 වැනි වස වැඩ සිටි ගල් ගුහාවක් ඉන්දසාල ගුහාව ලෙසින් එම ලෙනෙහිම මාගධී ප්‍රාකෘත අකුරෙන් කොටා ඇත.

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "පරම පවිත්‍ර බුද්ධ ධර්මය ම මතුකර පෙන්වා දී ලෝකයාට, දේශනා කරමින් ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයින් පිරිසක් ද බිහි කරමින් එවන් පිරිසකට මඟපල ලබා නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන පරිදි අවංක අදහසින් ම මෙම උතුම් ස්ථානයන් ද නිවැරදිව ම සොයා දැන ඒවා ලෝකයාට ප්‍රකාශ කිරීම ද කළ යුතු යුග මෙහෙවරකි. මෙසේ සත්‍යය හෙළි කරන්නේ කාගේවත් හිත රිදවීමට හෝ කාටවත් ලැබෙන ලාභ සත්කාර අප වෙත ලබා ගැනීමට හෝ කිසියම්ම ආකාරයක ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් හෝ නොවන බවත් අවංකව ම ප්‍රකාශ කළ යුතු ය. මෙහිදී යම් යම් විරුද්ධතා මතු විය හැකි බව ද පැහැදිලිව ම පෙනෙන්ට ඇතත් මේ සත්‍යය කවදා හෝ නොබියව ම හෙළි පෙහෙළි කළ යුතු ම ය. භය යනු පෘතග්ජන සිතක පහළවන ගතියකි. අද වන විට පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අවංකව ම අනුගමනය කරන විශාල ජන සමූහයක් මේ හෙළ දිවයින තුළම බිහිවී ඇති නිසා එවැනි අයට නිසි මඟ පෙන්වා දීමට මේ පරම සත්‍යය මෙසේ හෙළිදක්වමි. මෙහිදී කිසිම ආකරයක ප්‍රසිද්ධියක්, ප්‍රචාරයක්, ප්‍රණාමයක් හෝ ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවන බවද පෙන්වා දිය යුතුය.

    මේ උතුම් බුද්ධ ශක්තිය ගැබ්වී පවතින ස්ථාන හතරම පසුගිය වසර 1500 ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ ම ධර්මතාවයෙන් ම වැසී යටපත් වී ගොස් තිබිණි. මේ ස්ථානයන් සියල්ල ම කාලයාගේ වැලි තලාවෙන් වැසී යටපත් වී යෑමත් සමග ම බොහෝ මිනිසුන්ට නිවන් දැක ගන්නට තිබූ උතුම් අවස්ථාව ද වැසී යටපත් වී අහිමි වී ගිය බවත් ප්‍රකාශ කළ යුතුම ය. මේ ප්‍රධාන ස්ථානයන් හතර පමණක් නොව බුදුපියාණන් වසර විස්සක් පමණ ම වැඩ සිටි දෙව් රම් වෙහෙර, රජගහ නුවර, වේලුවනය මෙන් ම බුද්ධ ස්පර්ශය ලැබූ තවත් වැදගත් සිද්ධස්ථාන රාශියක් ම මෙසේ යටපත්ව ගියේ උතුම් බුද්ධ ධර්මය විකෘති වී යටපත් වී යෑමත් සමගම බවද පෙන්වා දිය යුතුය. පරම පවිත්‍ර බුද්ධ ධර්මය යටපත් වී, බුද්ධාගමක් බවට පත් වීමත් ආගම් ඇදහිල්ලක් බවට පත් වීමත් සමග ම ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයෝ ද දුලබ වී ගියහ. භක්තියෙන් ආගම් අදහන, ඇදහිලි වලට මුල් තැන දුන් පෘතග්ජන අය ම බහුල වූහ. මේ නිසා මේ උතුම් ස්ථාන ධර්මතාවයෙන් ම යටපත් වී ඒ වෙනුවට වෙනත් ආකෘති ස්ථාන සම්මත කර ගැනීම ද සිදු වූ බව පෙනේ. එය ධර්මතාවයයි. සද්ධස්ස කුලපුත්‍රයින් නැති කාලයකදී මේ උතුම් ස්ථානයන්ද ධර්මතාවයෙන්ම යටපත් වී අභාවයට පත් වීම ධර්මතාවයකි.............."

    .............'පරම සත්‍යය පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවනීය ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' තෙරුණ් වහන්සේ'..............

    මෙම උතුම් ධර්ම පුස්තකය කියවීම සදහා.....>>>>>>>

    https://drive.google.com/file/d/0B6WB__tM2BfZN2EwN2Q0OGItNzZiZi00NjgwLTg3ZGItYzlkMTkyOTc1ODk3/view
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87

    සුන්දර යනු සුන් දර යැයි දෙසනා ඒ බාල තුමා
    අරහත් යැයි සමහර අය අන් අයවත් කරයි මුළා
    කියන්න ලැජ්ජයි පින්වත මෙහෙමද බස තෝරන්නේ
    මෙවන් මෝඩයින් කොහොමද ගැඹුරු දහම් දැන ගන්නේ

    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=20460231
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21627045

    Skylark
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    Budu hamuduruwo epaduna thena hoyana welawe, budu hamuduruwo kiwa widihata jiwath unanm narakada
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Budu hamuduruwo epaduna thena hoyana welawe, budu hamuduruwo kiwa widihata jiwath unanm narakada

    ඉපදුන තැන වැදගත් නැත්නම් ඔය ලක්ශ ගනන් වියදම් කරගෙන ලක්ශ ගානක් මිනිස්සු ඉන්දියාවෙ යන්නෙ මොකටද ?
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අපට අහිමි කල අපේ උරුමය
    ****************************

    "සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා!!! "එදා සුද්දා සිංහල අපිට නිගරු කලේ, "සිංහලයා මෝඩයා" ලෙස ආමන්ත්‍රනය කිරීමෙනි. සිංහලයාගේ සිංහල දීපයේ වටිනාකම සිංහලයා සතු, අන් කිසිඳු ජාතියක දක්නට නොලැබෙන අසම සම හැකියාවන් දැක ගත් සුද්දා සිංහලයා නිවට නිවාලු අතවැසියෙකුව සිටින තාක්කල් තමන්ට යහපත් බව දු‍ටු තැන, සිංහලයා නිහඬ කිරීමට යෙදූ කූට උපක්‍රම වලින් තවත් එක් වෑයමකි. සිංහලයාගේ වටිනාකම සිංහලයා හැර මුලුලෝකයම දැන සිටින්නට ඇත. එම නිසාම ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස සිංහල දීපය හඳුන්වා දුන්නා මිස, අද බොහෝ විද්වතුන් පවසන අන්දමින්, හා පාසල් විශය මාලාවේ උගන්වන අන්දමින්, ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක පිහිටි නිසා, මුතු ඇටය කීවා වන්නට බැරිය. "මුතු" වනාහී ඉතා වටිනා දුර්ලබ දෙයකි. එලෙසින්ම සිංහල දීපය තරම් වටිනා පිංබිමක් මේ පෘථිවි තලය මත නොමැතිබව අප කවුරුත් සිත්හී තබා ගතයුතු වේ. මෙකී වටිනාකම නිසාම සිංහලයාගේ රට හොඳින් හෝ නරකින් හෝ තමා සතු කරගැනීමට දතකෑවේ එකෙකු දෙන්නෙකු නොවේ. ආසන්නයේම පිහිටි ඉන්දියාවෙ සිට ලෝකයේ දසත විසිරී තිබූ බොහෝ රාජයයන් සිරිලංකාව තමන් සතු කරගන්නට ඉමහත් වැයමක නියැලුනෝය. මේ සඳහා කෙටි කාලීන මෙන්ම දිගු කාලීනද සැල්සුම් පිඹුරුපත් සකස් කලෝ බොහෝ වෙති.

    ක්‍රි.ව. 412 දී මහාවිහාරය මූලික කොටගෙන සිංහල පාලකයින්ට හිතෛශී ගති දක්වමින් සිංහලයන්ගේ ඉතිහාසය වෙනස් කිරීමේලා පළමු පියවර ගත්තේ, දකුණු ඉන්දියානු සම්භවයක් ඇති මහානාම හිමියන්ය. මේ කාලය වනවිට උතුරු ඉන්දියාවේ අධිරාජ්‍ය පදවියට පත් පළමුවන කුමාරගුප්ත රජතෙමේ, පසුකාලීනව යාගහෝමයේ නිරතවුවත් මුල් යුගයේ දී දැහැමි බෞද්ධ පාලකයෙක් විය. මෙතුමාගේ මූලිකත්වයෙන් එ කාලය වනවිට ලෝකයේ ශ්‍රේෂඨ ශිෂ්ටාචාර පැවති රටවල පතපොත සංස්කෘත භාශාවට පෙරළීම ආරම්භ වූයේය. මේ අනුව, හෙළ අ‍ටුවා සංස්කෘත භාශාවට පෙරළීම සඳහා, මහාවිහාරයට එක් ‍රැස් කරන ලද්දේ එවකට සිංහලයේ රාජ්‍යපාලකයා වූ මහානාම රජුගේ විධානය පරිදිය.

    එදා උතුරු ඉන්දියාවේ වූ මහා සංස්කෘත පඬිවරයෙකු වූ ධර්මපාල භික්ශූන් ඇතුළු සංස්කෘත පඬිවරුන් ආශියක් මෙරටට පැමිනියහ. තමාගේ කූට උපක්‍රම ක්‍රියාත්මක කිරීමට මෙය කදිම අවස්ථාවක් බව දු‍ටු මහානාම හිමි , මේ බව දකුණු ඉන්දියාවට දන්වන ලදී. මෙහි ප්‍රථිඵලයක් ලෙස , දකුණු ඉන්දියානූ පාලකයන්ගේ අණුදැනුම ඇතිව, ඝෝශ ඇතුලු ද්‍රවිඩ සොලී භික්ශූන් දහස් ගණනක් මෙරටට පැමිනෙන්නේ, හෙළ අ‍ටුවා පාලියට පෙරළීමේ අරමුණු ඇතිවය. මෙසේ පැමිණි භික්ශූන් අතර සිටි වැඩි දෙනා ආක්‍රමික චීවරධාරීන් වූහ. මහාවිහාරයේ එක් පැත්තක හෙළ අ‍ටුවා සංස්කෘත භාශාවට හැරවෙන අතර තවත් පැත්තක හෙළ අ‍ටුවා පාලියට හැරවෙමින් තිබුනි. හෙළ අ‍ටුවා සංස්කෘත භාශාවට පෙරළීමෙන් ඉනික්බිති උතුරු ඉන්දියානූ භික්ශූන් නැවත සිය රට බලා වැඩම කරවූ අතර දකුණු ඉන්දියානුවන් තවදුරටත් මෙහී ‍රැඳී සිටින්නට වූහ. සිංහල පාලකවරුන් සහ සිංහල භික්ශූන් අභිරහස් ලෙස ඝාතනය වන්නට පටන් ගන්නේ මේ වකවානුවේදීය. මහානාම රජු ඝාතනයට ලක් වීමෙන් පසු රජ වූ සොත්තිසේන කුමාරයා ද ඝාතනය කිරීමෙන් අනතුරුව රාජ්‍ය පාලනය ලබා ගත්තේ ඡත්තග්‍රාහක නම් ද්‍රවිඩ රජකෙනෙකි. ඔවුන්ගෙන් ඇරඹි ද්‍රවිඩ පාලනය, මිත්‍රසේන, පඬි, පාරින්ද, කුඩාපාරින්ද, දිඨීය, පිඨීය ආදී ද්‍රවිඩ රජවරුන් යටතේ අවුරුදු විසිනවයක් පුරා පැවතිණි. දකුණු ඉදියාවෙන් පැමිණි ඝෝශ ඇතුලු ද්‍රවිඩ භික්ශූන් විසින් හෙළ අ‍ටුවා පාලියට හැරවීමෙන් අනතුරුව, ගොඩ ගැසීමෙන් පසු ඇතුන් හත් දෙනෙකුගේ උසට වඩා වැඩි ප්‍රමානයක්ව තිබූ හෙළ අ‍ටුවා ගිනිබත් කලේ මෙකී ද්‍රවිඩ පාලනය පැවති අවුරුදු විසිනවය තුලදීය. හෙළ අ‍ටුවා ගිනි තැබුවා පමණක් නොව, සිංහල රාජ්‍ය නාමාවලි පටලවමින්, අත්භූත අභව්‍ය සිද්ධීන් ඇතුළත් කරමින්, සිංහලයාගේ උරුමය දකුණු ඉන්දියානු ද්‍රවිඩයා අතට පත්වෙන අයුරින් ඉතා සූක්ශම ලෙස පාලි වංශකතා ලියනු ලැබුවේද මෙකී ද්‍රවිඩ පාලන කාලය තුළදීය.

    එදා දකුණු ඉන්දියානුවන් විසින් ලියැවුනු පාලි රචනාවන් ගුරු තැන්හීලා සලකන අපේ උගත් වියත් ගිහි පැවිදි සියල්ලෝම මේ සිදුකරන්නේ, සිංහලයාගේ උරුමය ද්‍රවිඩයා අතට පත්වෙන තැනට කටයුතු කිරීම බව අකමැත්තෙන් වුවද කිවයුතු වේ. ලෝකයේ මුල් ජනාවාස බිහිකලෝ සිංහලයෝ බව විදුලොවෙන් පිළිගත්තද, සිංහල ඉතිහාසය අවුරුදු 2500ට සීමාකලේ ඉන්දියානුවන් විසින්ය. සිංහල අපිද කිසිඳු වග විභාගයකින් තොරව මෙකී ව්‍යාජ ඉතිහාසය මහ ඉහළින් කරපින්නාගෙන සිංහලයා ශිෂට සම්පන්න කිරීමේ ගෞරවයද අශිෂ්ඨ ඉන්දියානුවන්ට බාර දෙති. ඉන්දියානූ ඉතිහාසයෙන් සොයාගන්නට බැරි සුද්ධෝදනලා, අමි‍තෝධනලා, බිම්බා දේවීන් බලෙන්ම ඉන්දියාවට පටවා, ඉන්දියාවෙන් පන්නා දැමූ දාමරික හොර තක්කඩි විජය ඇතුළු හොරු ‍රැල "අපේ විජය රජ්ජුරුවෝ" යැයි මහත් හරසරින් භාරගනිති. එදා ඉන්දියානු ද්‍රවිඩයන් විසින් ගිනි තබා අළු කලේ අපේ හෙළ ඉතිහාසය සහ පිරිසිඳු බුදු දහම බව අප සියල්ලන්ටම අද අමතකව ගොස් ඇත. ද්‍රවිඩයන් විසින් ගිනි තැබූ අපේ හෙල අ‍ටුවා, ශක්‍රයා විසින් අන්තරස්ධාන කළ බවට, ශක්‍රයා අත වරද පටවා, ඇඟ බේරා ගත් ඝෝශට "බුද්ධ" යන ගෞරව නාමයද පුදන්නට තරම අපේ සිංහලයෝ නිර්ලෝභී වූහ. දාඨිය මරා ධාතුසේන කුමරා හෙළ අභිශේකය ලබනවාත් සමගම මහානාම හිමිද දකුණු ඉන්දියාවට පලා ගියේය. 1912 දී කොඩ්‍රින්ටන් නැවත සිංහලයාට ඉතිහාසය ලියා දෙන්නට කටයුතු කලේය. මේ සඳහා ඔහු මූලාශ්‍ර ලබා ගත්තේ ද ද්‍රවිඩ භික්ශූන් විසින් රචිත පාලි රචනාවන් ය. හෙළ ඉතිහාසය තවදුරටත් පැටළවූ හෙතෙම අපිට ඉතිරි වී තිබූ අනෙකුත් සියලු උරුමයන්ද ඉන්දියානුවන්ටම සින්නක්කරම පවරා දීමට කටයුතු කලේය. අපේ පැරණි මුතුන් මිත්තන් පමණක් නොව, අපේ පැරණි ගම් නගර, ගංගා ඇල දොළ, පමණක් නොව සකල ලෝක සත්වයාගේම පිනට පහල වන හෙල බුදු පුතුන් සියල්ලෝම ඉන්දියාවට පිටමං කලේද ඔහුමය.

    අද වන විට අවුරුදු සියයකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ ව්‍යාජ ඉතිහාසය ඔලුවල පැලපදියම් කරගත් අපේ එවුන්ට ද සැබෑ හෙළ ඉතිහාසය මේ යැයි කී විට මාරාවේශයෙන් ඇඟට කඩා පනින්නේ සැබෑ ඉතිහාසය කිසිඳු වග විභාගයකින් තොරව පසෙක ලමින්මය. ලංකාව ආර්ය ජනාවස බිහි වූයේ ඉන්දියාවෙන් පන්නා දැමූ විජයගෙන් බවද, ඔහු මෙහි එනවිට ‍රැගෙන ආ යකඩ හා ලී තාක්ශණයක් පිළිබඳව අපෙ උගතුන් වියතුන් කතා කරන විට , ක්‍රි.පූ. 1000 - 2000 ඈත අතීතයකට දිවයන මොසපෙතේමියානු, රෝම, බැබිලෝනියානූ ශිෂ්ටාචාර වංශකතාවල හෙළයන්ගෙන් ලබා ගත් ඥානයන්, හෙළ දීපයෙන් ගෙන්වූ යකඩ මෙවලම්, තාම්බ්‍රපන්නී දිවයිනෙන් පැමිනි නැව්, සහ ගුවනින් පැමිණි හෙලයන් විසින් කරවන් ලදී යනුවෙන් සඳහන් ව තිබෙන්නේ, තවමත් අපේ සිහලුන්ගේ ශ්‍රී විභූතිය නොනැසෙන බව ලොවටම කියා පාමිණි. සිංහලුන්ට වැව් තනන්න ඉගැන්වූවෝ ඉන්දියානුවෝයි කියන්නෝ ද වෙති. එසේ නම් "ලොව වැව් බැඳි රාජ්‍යය" විරුදාවලිය ලැබිය යුත්තේ අපිට නොව ඉන්දියානුවන්ටය. කුඩා දූපතක් වන අපිට වඩා වැව් වල අවශ්‍යතාවය බෙහෙවින්ම ඇත්තේ, ඉන්දියානුවන්ටය. 1815 දී බදුලු උප ඒජන්තව සිටි බේලි, වාරිකර්මාන්තය පිළිබඳ වාර්තාවක් සපයමින් මෙසේ සඳහන් කරයි, " පෙරකල කරන ලද අති විශාල වැව් කර්මාන්තය ලක්දිව තරම් ලොව අන්කිසි රටක දක්නට නොලැබෙන්නේය. මෙතරම් කුඩාවූ රටක මෙතරම් පැරණි වූද විශාල වූද වැව් අමුණු තවත් රටක ඇතැයි සිතිය නොහේ".

    ඉතින් තවත් අ‍ටුවා, ටීකා, ටිප්පනි කුමටද? අපිට වැරදී ඇත. ඒ අපි පිට‍රැටියන් විසින් ලියා දුන් ඉතිහාසයක් පිළිගත්ත නිසාවෙනි. අපේ ඉතිහාසය සොයා යා යුත්තේ අපිම විසින්ය. අනුන් ලියා දුන්නු ඒවායින් අපිට පලක් නැත. තමාගේ ජීවිතයේ, අවසාන භාගයේදී සිරි දේවමිත්ත දම්පල් හිමි (ගිහි කල අනගාරික ධර්මපාලතුමා) කියා සිටියේ, සිංහලුන්ට වැරදී ඇත. සිහලුනි නොපමාව තමන්ගේ නිවැරදි ඉතිහාසය සොයා යව් යන්නයි. එතුමා අද සිටියා නම් කියන්නේ, "සිංහලයෙනි අවදිවව්, හෙළ දීපය, බුද්ධ භූමිය බේරා ගනිව්" යන්න බව නො අනුමානය.
    අද බොහෝ දෙනා, ද්‍රවිඩ ඊළමට, ද්‍රවිඩ ඩයස්පෝරාවට එරෙහිව හඬ නගති. නමුත් ඔවුනට නොපෙනෙන සත්‍ය නම්, ද්‍රවිඩ ඊළමේ, ද්‍රවිඩ නිජ බිම් සංකල්පයේ මුල් බීජ වැපිරුවේ ක්‍රි.ව. 434 කාලයේ, දකුණු ඉන්දියානුවන් විසින් හෙළ මහාවශය සහ හෙළ අ‍ටුවා පාලියට පෙරළීමෙන් බවයි. අද එය මහා අතු පතර විහිදී ගිය මහා රූස්ස ගසක් වී මුළු සින්හලයම වසා පැතිර ඇත. නුඹලා අපෙන් ජනාවාස වූ, අපෙන් ශිෂ්ඨ වූ ජාතියක් ලෙස ඉන්දියානුවන් පුන පුනා පෙන්වා දෙන්නේ, සිංහලයාගේ බලය බිඳ රාජ්‍ය බලය ඉන්දියානුවන් සතු කර ගැනීමට ඇති ලේසිම සහ පහසුම මග එය නිසාවෙනි. අද සිංහල රට පත්ව ඇති තත්වයට වග කිව යුත්තෝ දකුණු ඉන්දියානු ද්‍රවිඩයෝ මෙන්ම, උන් සහ සුද්දන් විසින් ලියා දුන් බොරුව වපුරන සහ ඉස මුදුනින් පිළිගන්නා නිවට නිවාලු සිංහලයන් බව කවුරුත් පිළිගත යුතුය.
    සටහන නිමා කිරීමට පෙර සාහිත්‍ය ශූරී අරිසෙන් අහුබුදු ශූරීන් විසින් රචිත කවියක් උපුටා දක්වමි.

    හෙළ ඉතිහාසය ලොවට වසන් කළ කරුමෙ ම යි මෙ......... පලදෙන්නේ
    සුළු ජාතිය බොරු ඔප්පු හදාගෙන සිංහළ උරුමේ............... ඉල්ලන්නේ
    ඔබගේ ඉඩමේ ඔප්පුව නැත්නම් කොහොමද උරුමේ.......... දක්වන්නේ
    ඉතිහාසය සැඟවූ ජාතියකට කෙ දිනද ඉර හඳ..................... පායන්නේ

    (තොරතුරු සහ විස්තර - අතීත සිංහල දීපය සහ පුරාණ ලෝකය, පී. එස්. ටී චූලවංශ)

    ලාමක බව පහත් වේ ලු
    එනමුත් කුණු වදන් කී ලු
    සිල් වෙස් ගත් දුසිල්වතෙක්
    ධර්ම ප්‍රචාරයේ යා ලු

    * ඉඟිය 1: http://www.elakiri.com/forum/showthread.php?p=21634205
    * ඉඟිය 2: http://www.elakiri.lk/forum/showthread.php?p=20513582
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21638715

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671