ඒ උනාට ට්‍රම්ප් ට කරන්න පුළුවන් දෙයක් නෑ. ඩීප් ස්ටේට් එක එයාගේ අතපය ගැටගහල තියෙන්නේ. ඒ හින්ද තමයි ඔබාමා වත් රුසියාවට නොදාපු සම්බාධක ට්‍රම්ප් ට දාන්න උනේ.
සවුදි අරාබියට ඕන විදිහට නටන්න දීල තියෙන්නේ ට්‍රම්ප් ට ඕනවට නෙවෙයි. ඩීප් ස්ටේට් එකට ඕනවට. අද ට්‍රම්ප් කියන්නේ නිකම්ම නිකං රූකඩයක් විතරයි. හරියට මෙහෙ හිටං වගේම තමයි.
විකාරද බන්. ඌ ඇමරිකාවේ විධායක ජනාධිපති. අපේ රටේ වගේ නෙවේ ට්‍රම්ප් එනකොටම ඌට කඩේ යන නිලදාරි මන්ඩලයකුත් පත් කරගෙනයි ඌ ආවේ. සෙනට් එකේ එහෙම තව පොඩි පොඩි තැන්වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් එහෙමයි කියලා උබ ඌව රූකඩයකට දානවනම් උබ විධායක ජනාධිපති කමක තියෙන බලය ගැන දන්නේ නෑ. අපේ රටේ විධායක බලය ගැන ජේ ආර් කියපු කතාව දන්නවනෙ.
ප්‍රතිපත්ති කියන්නේ තමන්ගේ වාසිය අවාසිය බලල වෙනස් කරන දෙයක් නෙමෙයි බං. ප්‍රතිපත්තිගරැක එකා මොකා මොන දේ කිව්වුත් කෙරැවත් තමුන්ගේ ප්‍රතිපත්තිය පන වගේ රකිනවා. හැමෝම එකතුවෙන්න කියන්නේ හැමෝගෙන්ම අහලද ඔය වගේ තීරණ ගත්තේ. ජනප්‍රියවෙන්න තීරණ ගන්න හොද නැහැ. තීරණයක් ගන්න කලින් ඒකෙන් එන විපාක ගැන දැනගන්න ඕන. ඔලුවක් කියලා දෙයක් තියෙන්නේ කල්පනා කරලා වැඩ කරන්න තමයි.
ඌට මොකද බන්. රටේ ජනාදිපති ඇස්බැස්ටස් දන්නේ නෑනේ. ඌට රත්තරනින් උනත් දාන්න බැරිකමක් නෑනෙ. ඕක දුප්පත් මිනිහට බලපාන එකක්.
මිනිස්සුන්ගේ සෞඛය ගැන හිතලා අනාගතයේ ඇති වෙන ප්‍රශ්න වලට විසඳුම් විදිහට තහනම් කරාම, රුසියව අපේ රටේ මිනිහගේ එදා වේල කන එකටනෙ බන් ගැහුවෙ. ඉතින් දෙකෙන් එකක් තෝරගන්න වෙනවා.
මහ ලොකුවට කියන්නෙ සමාජවාදය ගැන. උන් තරම් අමානුශික ධනවාදී රටවල් තව තියෙනවද? උන් සෞඛ්‍යට අහිතකර හැමදේම තහනම් කරලා අපි වගේ දුප්පත් රටවල් වලට ඒවා ගන්න බල කරනවා. එපා කියන්න හදනකොට ඔළුවට තුවක්කුව තියනවා. අපේ රටේ මිනිස්සු දෙදහස් පන්සීයක ඉතිහාසය ගැන පම්පෝරි ගහගෙන අරුන්ට ඔළුව නවාගෙන ඉන්නවා.




