ජනාධිපතිගේ 'කැම්පේන් එක' අතේ පුපුරයි

May 5, 2014
42
5
0
ජනාධිපතිගේ 'කැම්පේන් එක' අතේ පුපුරයි

ජනාධිපතිගේ 'කැම්පේන් එක' අතේ පුපුරයි


Published on Monday, 11 August 2014 17:47

Mahinda_410px_14_08_11.jpg





මහින්ද රාජපක්ෂ මහතාට තෙවැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි යයි හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා කල ප්‍රකාශයක් හරහා ගොඩනැගීමට ගිය මහින්ද රාජපක්ෂ මහතා ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මේ වනවිට නීති ක්‍ෂත්‍රයේ හාස්‍යට ලක්ව ඇතැයි වාර්තා වේ.


හිටපු අගවිනිසුරුවරයා කියා සිටියේ මහින්ද රාජපක්ෂ දෙවන වර දිව්රුම් දුන්නේ 18 වෙනි සංශෝධනයට පෙර බැවින් ව්‍යවස්ථාවේ 31/2 ව්‍යවස්ථාව අනුව දෙවැනි වාරයෙන් පසු ඔහු ඡන්දය ඉල්ලීමට නුසුදුස්සෙක් වී ඇති බවකි.


නමුත්, 18 වෙනි සංශෝධනය කතානායක වරයා විසින් ලියාපදිංචි කර ඇති දිනය 2010 සැප්තැම්බර් 10 වෙනිදා වන අතර මහින්ද රාජපක්ෂ දෙවන වර දිව්රුම් දී ඇත්තේ 2010 නොවැම්බර් 19 වෙනිදාය.



එනම් මහින්ද රාජපක්ෂ දෙවන වර දිව්රුම් දී ඇත්තේ සංශෝධනයෙන් පසුවය. ඒ අනුව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ගේ ප්‍රකාශයේ විශ්වසනීයත්වය බරපතල අභියෝගයකට ලක්වේ.


'මහින්දට බෑ' යන ප්‍රචාරය ගෙන ගොස් පසුව අධිකරණය මගින් 'නෑ මහින්දට පුළුවන්' යන තීන්දුව ලබාගෙන ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරය ආරම්භ කිරීමට දැන්වීම් ආයතනයක් සැලසුම් කර තිබී ඇත.

 
Last edited: