ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් !
ජනාධිපතිවරණය කල්දමා හදිසි මහ මැතිවරණයක් පවත්වන ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
කෙසේවුවද ජනාධිපතිවරයාට සමීප තවත් නිලධාරින් පිරිසක් පවසා ඇත්තේ පළමුව ජනාධිපතිවරණයක් පැවැත්වීම යෝග්‍ය බවයි.
මෙම තත්වය යටතේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමැතිවරු විශේෂ සාකච්ඡාවක් සඳහා හෙට (09) සවස 7.00ට ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇතැයි ද වාර්තාවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන්ට ඊයේ (07) ඒ බව දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳවත්, කතාබහට ලක්වී තිබෙන ඉදිරි මැතිවරණය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ. .
ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද? පාර්ලිමේන්තු මැතිවරණයද? යන්න පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

හැබැයි ආන්ඩුව මේ ටිකේ හොඳටම බයවෙලා ඉන්නෙ