ජනාධිපතිවරණයට මෙහෙම නොවේවා...!
මෙහෙම නොවේවා...!
------------------------
නුදුරු අනාගතයේ යම් දිනකි. ජනාධිපතිවරණයට ඇත්තේ තව සතියක පමණ කාලයකි.
තරඟය උණුසුම් ය. ප්‍රධාන පිල් තුනක් වටා පිරිස් රොක් වී ඇත. එක් පිලක් රාජපක්ෂ-පාක්ෂිකයින් ය. විවිධ හේතූන් මත ඔවුහු මහින්ද රාජපක්ෂ තුන්වන වරට ද පත් කිරීමට බලාපොරොත්තු වෙති. තව පිලක් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන වටා රොක් වූ එ.ජා.ප., ජ.වී.පෙ., සුළු ජාතීන්ගේ බහුතරය ආදී පිරිසයි. තෙවැනි පිලේ සිටින්නේ, හෙළ උරුමය මහින්දට විරුද්ධව කථා කළ නිසා, බොදුබලසේනාවේ අපේක්ෂකයාට ඡන්දය දීමට බලා සිටින පිරිසයි.
මේ පිල් තුනම සිය ඡන්ද ව්‍යාපාරයේ අවසන් අදියර කරා පැමිණ සිටිති. තව කීප දිනකින් තරඟය නිමා වේ....
...නමුත් අවසන් සතිය උදාවත්ම කිසිවෙක් නොසිතූ දෙයක් සිදුවේ.
ප්‍රසිද්ධ ජනමාධ්‍ය හමුවක් කැඳවන මෛත්‍රිපාල සිරිසේන මහතා, තමා ජනාධිපතිවරණ සටනින් ඉවත් වන බවද, පොදු විපක්ෂ සන්ධානය විජාතික සහ දෙමල-මුස්ලිම් කුමන්ත්රණකාරී පුස්සක් බව පවසා තරඟයෙන් හදිසියේ ඉවත් වෙයි.
පොදු විපක්ෂය මෙන්ම ඔවුන්ගේ ඡන්දදායකයින්ද වික්ෂිප්තව ඒ මේ අත දුවමින් කුලල් කා ගනිති. අවසන, හදිසියේ නව පොදු අපේක්ෂයෙක් නම් කරති. ඔහුට ලැබෙන්නේ ඡන්ද අතලොස්සක් පමණි.
ඒ සතියෙම මාධ්‍ය හමුවක් කැඳවන බොදුබලසේනාව කියා සිටින්නේ තමා හමුවේ සිංහල බෞද්ධකම රැකීමට මහින්ද රාජපක්ස ප්‍රතිඥාවක් දී තිබෙන නිසා, ඔවුන්ද තීරණය වෙනස් කර ඇති බවයි. ඒ නිසා රටට සුදුසුම නායකයා මහින්ද රාජපක්ෂ බව ගලබොඩ අත්තේ හිමි තැන රටට දැනුම් දෙති.
බලසේනා/හෙළ උරුම පාක්ෂිකයින් සමහරක් මේ හදිසි වෙනස් වීමෙන් කලකිරුණද, විපක්ෂයේ ද සුදුසු අපේක්ෂකයෙන් නොමැති නිසා ඡන්දය දීමෙන් වැළකෙති. අනෙක් අය මහින්දටම කතිරය ගසති.
අවසන, සතියකට පළමුව ඉතා උණුසුම්ව තිබූ ජනපතිවරණ සටන ඉතා පහසුවෙන් ජයගෙන, තෙවැනි වරටත් විධායක ජනාධිපති ලෙස මහින්දම පත් වෙයි...
- මීට, hoping against hope වී සිටින වැද්දා

https://www.facebook.com/lankadivasi?fref=nf